එලුවා

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඇස්‌ පෙනීම!

    සරත් - පළා කොල වැඩිපුර කෑමෙන් ඇස්‌ පෙනීම වර්ධනය වෙනවාලු.

    සුනිල් - හා කොහොමද ඒක ඔප්පු කරන්නෙ.

    සරත් - ඔහේ කවදහරි දැකල තියෙනවද එළුවො කණ්‌ණාඩි දානවා!

    :lol:


    පුදුම ගෙවීමක්‌!

    රැකියා සම්මුඛ පරීක්‍ෂණයක්‌ සඳහා පැමිණි තරුණියකි.

    "මම කැමැතියි මෙහේ රැකියාවට නමුත් මගේ කළින් හාම්පුතා මට මීට වඩා ගෙව්වා.

    ආයතන ප්‍රධානියා - ඔවුන් ඔබට වඩා ඉහළ වැටුපක්‌ ගෙව්වාද?

    තරුණිය - මේ වැටුප වාගෙ තුන්ගුණයක්‌ ගෙව්වා.

    ආයතන ප්‍රධානියා - ජීවිත රක්‍ෂණය?

    තරුණිය - රුපියල් ලක්‍ෂ පහයි.

    ආයතන ප්‍රධානියා - එතකොට නිවාඩු?

    තරුණිය - දෙගුණයක වැටුප සහිත මාස දෙකක නිවාඩුවක්‌.

    ආයතන ප්‍රධානියා - ඉතින් මොන එහෙකටද ඒ රැකියාව දාලා ආවේ.

    තරුණිය - මගෙ හාම්පුතා බංකොලොත් වුණා. ඒකයි එතැනින් ආවේ!

    :growl:


    නිශ්ශබ්ද පංතිය!

    ගුරුතුමිය මොහොතකට පංති කාමරයෙන් පිටතට ගොස්‌ යළි ආපසු පැමිණියාය.

    කිසිදිනෙක දක්‌නට නොලැබුණු තරමට පංතියේ නිහඬ බවක්‌ දක්‌නට ලැබිණි.

    "මට පුදුමයි. අද ළමයි මේ තරම් නිශ්ශබ්දව සිටීම ගැන. ඒකට හේතුව මොකක්‌ද? විස්‌මයට පත් ගුරුතුමිය ළමුන්ගෙන් ඇසුවාය.

    "ඇයි ටීචර් එදා කිව්වෙ. මේ පංතිය නිශ්ශබ්ද වුණොත් එදාට ටීචර් මැරිල වැටෙයි කියල" කටකාර සිසුවෙකු උස්‌ හඬින් කියාගෙන ගියේය.
    :sorry:


    -දිවයින-
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාර ළමයිනෙ ලොල්. දැන් කාලෙ කොහොමත් ඒ ‍වගේ ළමයි තමයි ඉන්නෙ ගුරුවරුන්ට උගන්නන්න. බොහොමත් ම ස්තූතිය උපුටාගෙන පලකළාට.