පාතාලය

shanaka8939

Member
Feb 25, 2009
1,186
23
0
kottawa
[FONT=&quot]පාතාල ලෝකය ඇසූ පමණින් ඕනෑම කෙනෙකු බියට පත්වන්නේ අප රටට පිළිලයක් ලෙස තිබුනු[/FONT], [FONT=&quot]තියෙන(වර්තමානේ යම් පසුබෑමක් ඇත ) පාතාලය ගැන ඉතා හොඳ අත්දැකිම් ඇති ජාතියක් නිසාය.මේ වන විට පාතාලය යම් අරාජික තත්වයක ඇත.පාතාලයේ කිරුළ (ගෝඩ් ෆාදර්) ලබා ගැනීමේ තරඟයක සිටි ෆාජි හා ආනමාළු ඉමිතියාස් සඳහටම මෙලොවින් චුත වී ඇත.ඒ STF එකට පින්සිඳු වන්නටය.නමුත් අරාජික පාතාලයේ රජු වීමට සිහින දකින අයද නැතුවාම නොවේ.පාතාලයේ දශක කිහිපයක් ගෝඩ් ෆාදර් කිරුළ ඉසිලුවේ නාවල නිහල්ය.අන්තිමට ඔහු ඇඩ්‍රස් නැතිව අතුරුදහන් විය.ඔහු ගැන තොරතුරක්[/FONT],[FONT=&quot]අඩුමගානේ ඔහුගේ මළ සිරුරවත් හමු නොවිනි.[/FONT]
[FONT=&quot]කලක් අප මහා රජු යටතේ වම්බොට්ට නැමැති පුරොහිතයා සිටියේය.ටික කලකට පෙර ඔහු ද අවි ගත්තො අවියෙන්ම නැසෙති කියන කියමන සනාථ කරමින් වෙඩි වරුසාවක් මැද මෙලොවින් ගියේය.තවද සූරියවැව හොල්ලාගෙන සිටි රත්නායක සහොදරයන්ගේ බාලම සොයුරා වන රාහුල් රත්නායක මැලේසියවේදී ආරක්ෂ අංශ භාරයට ගෙන ඇත.ඒ [/FONT][FONT=&quot]LTTE[/FONT][FONT=&quot] හා එක්වි ජනපති ඝාතනයට උත්සාහ කිරීම යන චෝදනා මතය.[/FONT]
[FONT=&quot]මේ සියලුම දෙයින් පැහැදිලි වන්නෙ මෙවැන්නන්ට කිසිදිනක ගැළවීමක් නොමැති බවයි.එ වගේම සැමදා සිදුවන්නෙ තිබු මුහුණක් වෙනුවට නව මුහුණක් ආදේශ වීමය.මා මෙතරම් දේවල් කිවුවේ මා ලඟදි නරඹපු නවතම බොලිවුඩ් චිත්‍රපටය වන [/FONT][FONT=&quot]Baabarr[/FONT][FONT=&quot] නිසාය.මා අන්තිමට සඳහන් කර ඇති කාරණය මේ චිත්‍රපටය[/FONT] නැරඹීමෙන් ඔබට පසක් වනු ඇත.

mama me tiaka dakke dan,awuruddakata kalin mama liyapu blog lipiyaka kotasak http://mydoxa99.blogspot.com/2009/10/baabarr.html
 

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට

    එය 1999 වසර විය. රටේ සිදුවූ දේශපාලන හැලහැප්පීම් රැසක්‌ මැද්දේ ගාල්ල රත්ගම ගම්මානයට තවත් දිනෙකට හිරු උදා වෙමින් තිබිණි.

    එහෙත් මේ දිනය දකුණු පුරවරයේ රත්ගම ගම් පියස මහා භීෂණයකින් වෙලා ගන්නා සිදුවීම් වැලක ආරම්භය සටහන් කෙරෙන්නා වූ අඳුරු මූසල දිනයක්‌ වනු ඇතැයි එදා එහි ජීවත්වූවන් කිසිවෙකටත් නොසිතුනා නිසැකය.

    රත්ගම රොන්සන් යනු එකල රත්ගම ප්‍රදේශයේ ජීවත් වූ නිතර හතරකොන පනින නම් දැරූ ගමේ චණ්‌ඩියකු ලෙස ප්‍රකටව සිටියෙකි.

    විවාහකයකු වූ රොන්සන්ගේa බිරිඳ වූයේ රත්ගම ප්‍රදේශයේම ජීවත්වූ කතකි. ඒ කාලය වන විට රොන්සන්ට දාව උපන් නව යෞවනයේ පසුවූ තරුණ පුතුන් දෙදෙනකුද මේ මව්පිය සෙවනේ හැදී වැඩෙමින් සිටියහ. ඒ අතරින් මධුර මේ පවුලේ වැඩිමලා විය.

    එහෙත් මෙලෙස නහඹු වියේ දරුවන් දෙදෙනකු ගෙදර සිටියද ඒ කාලය වන විටත් රොන්සන්ගේa දඩබ්බර කම්වලින් නම් රත්ගම ප්‍රදේශයට කිසිදු අඩුවක්‌ නොවිණි.

    එහෙත් මෙහිදී සටහන් විය යුතු තවත් දෙයක්‌ද තිබේ. ඒ ගමේs චණ්‌ඩියකු ලෙස ප්‍රකටව සිටියද රොන්සන්ගේ නම ඉදිරියේ කිසි දිනෙක මිනිස්‌ ඝාතන පිළිබඳ සටහනක්‌ නොවූ බවය.

    අපි මේ තොරතුරු සොයා ගිය ගමනේදී රත්ගමින් එවන් තොරතුරක්‌ සොයා ගැනීමට නොහැකි වූයෙන් එසේ සටහන් කළෙමු.

    මේ කියන දිනයේ උදැසනම බිරිඳ සාදා දුන් තේ කෝප්පයකින්ද සප්පායම් වූ රත්ගම රොන්සන් දඩිබිඩියේම ලක ලැහැස්‌ති වෙමින් නිවසින් පිට වන්නට සුදානම් වූයේ කිසියම් අවශ්‍යතාවකට කඩමංඩියට ගොස්‌ පැමිණීමේ අටියෙනි. මේ ගමනට ඔහුගේ සොයුරෙකුද එක්‌ව සිටියේය.

    එහෙත් එය තමන් ජීවතුන් අතර සිටින්නාවූ අවසාන දිනය බව රොන්සන්ට එදා සිහිනෙකින්වත් නොදැණුනා විය යුතුය.

    තම සොයුරාද සමගින් නිවසින් පිටත් වූ රොන්සන් පාගමනින් රත්ගම නගරය දෙසට එමින් සිටියේය. එහෙත් ඒ වන විටත් ගැමිකම වෑහෙන ඒ පාලු මාවතේ ගිනි අවි කිහිපයකින් සන්නද්ධව ලඳු කැලෑවකට වැදී සිටි මාර කල්ලියක්‌ රොන්සන් බිලි ගැනීමේ අටියෙන් ගොදුර ළඟා වන තුරු ඇඟිලි ගනිමින් සිටින්නට වූහ. එකල රත්ගම ප්‍රදේශයේ නම්දරා සිටි තවත් නරුමයකු වූ විඡේ මේ කල්ලියේ අණදෙන්නා වී සිටියේය.

    රත්ගම ගිනියම් කෙරෙන භිහිසුණු සැළසුමක්‌ එදා එලෙස ක්‍රියාත්මකව තිබුණද මේ කිසිත් නොදත් රොන්සන් හා සොයුරා ආගිය තොරතුරු කථා බහ කරන අතරේම පියවරෙන් පියවර ඉදිරියට ඇදෙමින් සිටියහ.

    "එයි විඡේ අයියේ... අරූගෙ මල්ලිත් ඌත් එක්‌ක එනවා... මොකද කරන්නේ... මේ අතරේ රොන්සන් බිලි ගැනීමට මාන බලමින් සැඟව සිටි මාර සේනාවේ සිටියකු එක්‌වරම විඡේගෙන් එලෙස අසන්නට වූයේ රොන්සන් සමග ඔහුගේ සොහොයුරාද එනු දැකීමෙන් ඇති වූ කුහුලත් සමගිනි.

    "කෑ නොගහ ඉඳින් යකෝ... දෙන්නවම මරාගෙන කමු... සිය සගයා නැගූ ඒ පැනයත් සමග රොන්සන් සමග වූ කුමක්‌දොa වෛරයකින් පිපිරෙමින් සිටි විඡේගේ මුවින් එක්‌වරම පිට වූයේ එවන් තිරිසන් වදන් පෙළකි.

    මෙසේ තවත් මොහොතක්‌ ගෙවී යන්නට විය. ඒ වන විට ඉදිරියට පැමිණෙමින් සිටි රොන්සන් හා සොයුරා තමන්ගේ ජීවිත බිලි ගැනීමට සැඟව සිටි මාර සේනාවේ සමීපයටම ළං වෙමින් සිටියහ.

    ගත වූයේ තවත් තත්තපර කිහිපයකි. ඒ අතරේ මුවවිටට ළඟා වූ ගොදුර දැක දත්කූරු සපමින් සිටි විඡේ ඇසිල්ලකුදු පමා නොවී තම අත වූ ගිනි අවියේ කොකා ගස්‌සන්නට වූයේ වියරු වැටුනෙකු සේ සිය ගසයන්ටද ප්‍රහාරයේ අණ නිකුත් කරමිනි.

    මේ මාර ප්‍රහාරයත් සමගම ගම දෙවනත් කෙරෙමින් නැගුණු දොaංකාරයෙන් ඒ හිමිදිරියේ රත්ගම පුරා ප්‍රීතියෙන් උදා ගී ගැයූ කුරුලු බටිත්තන් ළසෝ හඬ නගමින් පලා යද්දී උපන් ගමේ දෙපයින් ඇවිද යමින් සිටි රොන්සන් සහ සොයුරා සුණු විසුණු වූ පපු කැවුතු දෑතින් බදාගෙන ගමට පිවිසෙන ඒ අඳුරු මාවතේ ඇදවැටී අවසන් සුසුම් හෙළන්නට වුයේ කුමක්‌ සිදුවූවේ දැයි නිනව් කර ගැනීමටවත් ඉඩක්‌ නොලබාමය.

    එහෙත් රොන්සන්ගේ සහ සොයුරාගේ ජීවතාවසානය එසේ සටහන් වෙමින් තිබියදී ඒ වන විටත් සිය ගොදුර අකුරට ඩැහැ ගත් විඡේ ඇතුළු මාර සේනාව වියරු සිනා නගමින් සැඟව සිටි කැලෑ රොද තුළටම වැදී පලා යන්නට වූහ.

    ප්‍රදේශය ගිගුම් දෙමින් පැතිර ගිය මේ වෙඩි හඬත් සමඟ රත්ගම ගම්මානයේ සියල්ලන් විශ්මයෙන් විශ්මයට පත්වන්නට වූයේ ඒ හිමිදිරියේ ගම දෙවනත් කරමින් නැගුණු මේ මාර හඬ කුමක්‌දැයි හරි හැටි වටහා ගත නොහැකිවය.

    එහෙත් ගම්මුන් එසේ විශ්මිත වන විටත් මේ ම්ලේච්ඡ ඝාතනය සියෑසින් දුටු එක්‌ ගැමියකු සිටියේ භිතියෙන් මුසපත්ව හති දමාගෙන රොන්සන්aගේ නිවස දෙසට දිවයමිනි.

    එසේ දිවගිය ගැමියා ගොත ගසමින් සිදු වූ දේ කියන්නට නොව දොඩවන්නට වූයේ එතෙක්‌ පහව ගොස්‌ නොතිබූ සිතේ වූ බියෙන් හදවත හඬ නගමින් තිබූ බැවිනි. එහෙත් ඒ ගොත ගැසෙන වදන් පෙළින් සිදුව ඇති වින්නැහිය තේරුම් ගන්නට රොන්සන්ගේ බිරිඳ ඇතුළු දරුවනට ඒ හැටි වෙලාවක්‌ ගත නොවිණි.

    ඊළඟ මොහොතේ ඒ නිවස තුළින් මතු වුයේ මුළු රත්ගම ගම්මානයම කම්පිත කරන අන්දමේ අෙ¹aනාවකි.

    හිරු නැග එන මේ හිමිදිරියේ ගම කම්පිත කරමින් නැගුණු ඒ අෙ¹aනාවත් සමගම අවට නිවැසියන් එක පොදියට රොන්සන්ගේ නිවස දෙසට ඇදෙන්නට වූයේ අනෙකාගේ දුකේදී පෙරට එන සැබෑ ගැමි කමේ සහසබඳතාව මොනවට කියාපාමිනි.

    එහෙත් නිවසේ සියල්ල එසේ සිදු වෙද්දී කිසිවක්‌ පිළිබඳ නොසිතූ රොන්සන්ගේ වැඩිමහල් පුතු වූ මධුර සිතට නැගුණූ පීතෘ සෙනෙහසින් මුසපත්ව තම පියාට වෙඩි වැදුණු තැන දක්‌වා උම්මත්තකයකු මෙන් දිවයන්නට විය.

     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    එසේ දිව ගිය මධුරගේ දෙනෙතට අවසානයේ දිස්‌වූයේ වැදුණු වෙඩි පහරින් සුණු විසුණු වූ හදවත් දැතින් අල්ලාගෙන සියල්ල හැරදා මොලොවින් සමුගෙන ගොස්‌ තිබූ සිය පියාගේ සහ බාප්පාගේ පණ සුන් සිරුරු පමණි.

    මෙය දුටු මධුර ඒ සිරුරු වෙත දෑත් එක්‌කොට වැඳවැටෙමින් කිසිවක්‌ නිනව් නැත්තකු සේ බිම පෙරලී විලාප නගන්නට වූයේ නොදරුවෙකු පරිදිය එය ඒ වන විටත් අවට රැස්‌ව සිටියවුන්ගේ දෙනෙතට කඳුළක්‌ එක්‌ කිරීමට තරම් සංවේදී දසුනක්‌ම විය.

    එහෙත් නව යෞවනයකු වූ මධුරගේ මුවින් මේ නැගුණේ මුළු රත්ගම ගම්මානයම භීෂණයෙන් ගිනි තබන්නා වූ මාරයකු බිහිවීමේ තිඹිරිගෙයි විලාපය බව එදා එහි රැස්‌ව සිටි ගැමියන් කිසිවකුටත් නොවැටහුණා ඒකාන්තය.

    රොන්සන්ගේ ඝාතනයෙන් පසු කාලය කෙමෙන් ගෙවී යමින් වසරක්‌ පමණ නික්‌ම ගියේය. මේ අතරේ දිනක්‌ රොන්සන් ඝාතනයට සම්බන්ධ වූවෙකු ගමේ පාලු ඉසව්වකදී කීතු කීතු කර මරා දමා තිබුණේ රත්ගම ගැමියන්ට අලුත් ව්‍යසනයක පෙරනිමිති ඇස්‌ පනාපිට පෙන්වා දෙමිනි.

    එතැන් පටන් රොන්සන් ඝාතනට සම්බන්ධ වූවන් එකින් එකා තිරිසන් ලෙස මරා දැමෙන්ට වූයේ මුළු රත්ගම පුරා භිෂණයේ ගිනිදැල් වපුරා හැරෙමිනිs.

    එහෙත් කලක්‌ ගතවනතුරුම මේ ම්ලේච්ඡ මිනිස්‌ ඝාතන පසුපස සිටිනුයේ කවුරුන්දැයි යන්න රත්ගම ගැමියෝ කිවෙකුත් දැන නොසිටියහ. නමුදු අවසානයේ රත්ගම මිනිසුනට සිතන්නට බොහෝ දේ ඉතිරි කරමින් තිරෙන් පිටුපස වූ ඒ රහස කරලියට පැමිණුනි.

    රත්ගම මධුර.... එකී නරුම ඝාතන වැලේ කෙරුමා වී සිටියේ එදා රත්ගම මාවතේ සිය පියාගේ පණ සුන් සිරුර බදාගෙන හඬාවැටුණු යෞවනයා මධුරය.

    මෙරට පාතාල සංස්‌කෘතියේ රත්ගම මධුර යන නාමය නිධන්ගත වූයේ එලෙසිනි. එදා සිය පියාගේ ඝතකයන්ගෙන් පලි ගැනීමට කොස්‌ ඇට තලන්නාක්‌ මෙන් මිනිසුන් බිලි ගත් මධුරගේ අතින් සහ අණින් මෙ වන විට සිදුව ඇති මිනිස්‌ ඝාතන ප්‍රමාණය 30 කට අධික වන බවද කියතිs. ඉන් බොහෝමයක්‌ පසු කලකදී මුදලට කෑදරවූ මධුර විසින් කොන්ත්‍රාත් ක්‍රමයට සිදු කළ ම්ලේච්ඡ මිනිස්‌ ඝාතන ලෙසද අද පොලිස්‌ පොත්වල සටහන්ව ඇත.

    ඒ බව අපට හෙළි කළේ අද වන විටද රත්ගම පාතලයේ ඔටුනු දරා සිටින මධුරට ඉව කරමින් ක්‍රියාකාරී ලෙස මෙහෙයුමක නිරතව සිටිනා එක්‌තරා ආරක්‍ෂක අංශ සාමාජිකයෙකි.

    මේ රත්ගම මධුර යනු කවෙරෙක්‌ද? දෙමටගොඩ කුඩු කමල් මිය යැමට මත්තෙන් අවසන් කාලයේ කමල්ගේ බොහෝ කුඩු ජාවාරම් ක්‍රියාත්මක වූයේ දකුණේ ගාල්ල පුරවරය කේන්ද්‍ර කර ගනිමිනි. එහිදී කමල්ගේ දකුණේ දකුණත වූයේ මේ මධුරය.

    එසේ සිටියදී කලක්‌ කොළඹට පැමිණි මධුර කුඩු කමල්ගේ ඝාතන කල්ලියේ සුපිරි වෙඩික්‌කරුවකු ලෙස කටයුතු කළ බවද කලක සිට පොලිසිය හොඳින් අනාවරණය කරගෙන තිබෙන කරුණකි.

    එහෙත් මේ සියල්ල අතරේ කුඩු කමල් පොලිසියෙන් වෙඩි කා පරලොව යැමටද පෙර සිට මධුර යනු මෙරට පාතාල සංස්‌කෘතියේ අතුරුදන් වූ එසේ නැතහොත් සැඟව ගිය පාතාල කෙරුමන්ගේ ගොන්නට එක්‌වූ චරිතයක්‌ විය.

    මෙරට පාතාල කරලියේ මධුරගේ නික්‌ම යැම පිsළිබඳ පැතිර ඇති කථා කිහිපයක්‌ද වේ. මධුර විදේශගත වෙලා... මධුර ඉතාලියට පැනලා... මධුර වෙස්‌වලාගෙන... මේ එවන් කථා අතිරින් කිහිපයකි.

    "නෑ... මධුර තවම මේ වර්ග සැතපුම් විසිපන්දාහ ඇතුළෙ ඉන්නවා... එකී සියලු කතා අතරේ අද ඇති අලුත්ම කථාව එය බව අපට කීවේ මධුරලා සමග දකුණේ පාතාලයේ කරනම් ගසා මේ වන විට සියල්ල හැරදා සැඟවී සිටින එක්‌තරා හිටපු පාතාල සගයෙකි.

    ඒ කතා කුමක්‌ වුවත් අදත් මධුරගේ මත්කුඩු පමණක්‌ නොව අනෙකුත් පාතාල කෙරුම් සියල්ලම දකුණේ පමණක්‌ නොව රට පුරා පැතිර තිබෙන බව පොලිසිය හොඳින් දැන සිටී. ඒද නිකම්ම නොව අලගිය මුලගිය තැන් රැසක්‌ද සමගිනි.

    මධුර සැඟව සිටියදී ඒ පාතාල කෙරුම් මෙසේ අඩු නැතුව සිදු වෙමින් තිබෙන්නේ කෙසේ ද? මෙහිදී මෙය කියවන ඔබට එවන් ගැටලුවක්‌ මතු වනු නිසැකය.

    එහෙත් එය අද සිදුවෙමින් තිබෙන්නේ රත්ගම කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මකව සිටින මධුරගේ සුවච කීකරු පාතාල සෙවනැලි දෙකකින් බව මේ වන විට ප්‍රසිද්ධ රහසක්‌ බවට පත්ව තිබේ.

    මෙසේ මධුරගේ සෙවැනලි ලෙස ක්‍රියාත්මක වී ඇත්තේ කවුරුන්ද? ඉක්‌ එකෙකු වන්නේ රත්ගම ධනසේකරය. අනෙකා සමන්ත නම් වේ. මේද සටහන් කෙරුනේ මෙකී නරුමයන්ගේ නියම නම් නොවන බවද කිව යුතුය

    මේ අතරින් මධුරගේ මත්කුඩු ජාවාරම ඇතුළු පාතාල කෙරුම් මෙහෙයවන්නා බවට පත්ව සිටින්නේ ධනසේකරය. අනෙක්‌ සගයා වූ සමන්තට පැවරී තිබෙන්නේ කෝටි ගණනින් රත්ගම මධුර අද රට වනසා උපයන ධනය රැක ගනිමින් මධුරගේ ගණකාධිකාරවරයා ලෙස ක්‍රියා කිරීමය.

    මේ අතරේ මධුරගේ පාතාල කෙරුම් සමග බද්ධ වූ තවත් කෙරුමෙකු හික්‌කඩුව ප්‍රදේශයේද සිටින බව සියල්ල දන්නෝ රහසේ කියතිs. හේ කිසිවෙකුත් නොව හික්‌ඩුවේ ක්‍රිශාන්තය. කලකට ඉහත හික්‌කඩුව වැල්ලේ කලිසම් කොටයක්‌ ඇඳගෙන සුද්දන් පසුපස බඩගෑ මේ කෙරුමා පසුව ජර්මන් සුද්දෙකුගේ ධනයෙන් අද හික්‌කඩුව හොල්ලන ධනපතියකු වී සිටින බවද කියති.

    මෙසේ රත්ගම මධුරගේ සැඟවුණු වැඩකිඩ සමග අද දකුණේ සිදුවන සියලු පාතාල කෙළි අතරේ මෙරට පාතාලයට පෙම් කරන කොළඹ දිසිත්‍රික්‌කයේ එක්‌තරා මන්ත්‍රිවරයකුගේ නමද ඈඳී තිබෙන්නේ කිසිදු හිරිකිතකින් තොරවය. පාතාලය නසන මෙහෙයුම් කෙසේ වුවත් පසුගිය පළාත් පාලන මැතිවරණය කරලියට පැමිණියේ රත්ගම මධුරගේ මධුර ජවනිකා එසේ ක්‍රියාත්මක වෙමින් තිබෙන අතරේය.

    එහෙත් මේ වන විට මධුරගේ මත්කුඩු ඇතුළු පාතාල කෙරුම් මෙහෙයවන්නා වූ රත්ගම ධනසේකර සිටියේ නිතර පොලිසියෙන් සිදුවන ඇට කැඩෙන තරමේ වැටලීම් හමුවේ කළ යුත්තේ කුමක්‌දැයි අහස පොලොව ගැටලන තත්ත්වයකට පත්වීය. විශේෂයෙන් රත්ගම පොලිසියෙන් නම් ධනසේකරට ගැලවීමක්‌ තිබුණේම නැත. අවසානයේ ධනසේකර තමන්ට සහාය දෙන කොළඹ දේශපාලන උතුමා සොයා එන්නේ පොලිසියෙන් සිදුවන මේ කරදරවලට විසඳුමක්‌ සොයා ගන්නා අටියෙනි.

    "සර් මාර ප්‍රශ්නෙ සර්... පොලිසියෙන් චාන්ස්‌ එකක්‌ දෙන්නෙම නැහැ... මගේ පස්‌සෙන්ම එලවනවා... කිසි වැඩක්‌ කර ගන්න විදිහක්‌ නැහැ සර්... උන් හරියට බල්ලෝ වගේ මගේ පස්‌සේ පන්නන්නේ... කොළඹ පැමිණි ධනසේකර දේශපාලන උතුමා හමුවේ එසේ පවසන්නට වූයේ උපායේ කෙළපැමිණ සිටින ඔහුගෙන් පැහැදිලි විසඳුමක්‌ බලාපොරොත්තුවෙනි.

    "හරි උඹ මේ පාර ඡන්දෙ ඉල්ලපන්... එහෙම ඡන්දෙ ඉල්ලල දේශපාලනේට ආවම පොලිසියෙන් එන ගේම් නවත්ත ගන්න පුළුවන්... එහිදී පාතාලය, මෙරට පොලිසිය සහ සියලු නරුම කෙළි පිළිබඳ පරතෙරට ගොස්‌ සිටින දේශපාලන උතුමාගෙන් ධනසේකරට ලැබෙන්නේ එවන් වූ කදිම උපදෙසකි.

    මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ රටේ ජනතාව අරබයා නොව පොලිසියෙන් බේරීම සඳහා මධුර ජවනිකා රඟන ධනසේකර සුදු පිරුවටයකට බැස දකුණේ ප්‍රදේශීය සභාවක අපේක්‍ෂකයකු ලෙසින් හාපුරා කියා දේශපාලන වේදිකාවට ගොඩ වීමය.

    ධනසේකරගේ දේශපාලන ආගමනය සමග රත්ගම රත්වූ හැටි ලබන සතියේ බලමු