F.A.Q about United Nations

Ozzman

Active member
  • Jul 5, 2008
    631
    71
    28
    HELL
    Frequently Asked Questions About United Nations

    • එක්සත් ජාතීන්ගේ සංවිධානය රාජ්‍ය නොවන සංවිධානයක් ද?
      නැත. එය ලොව විශාලතම රාජ්‍ය වන සංවිධානයයි (IGO). එය ලොකයේ රටවල් 192 කින් සමන්විත වේ.
    • එක්සත් ජාතීන්ගේ සංවිධානයට රටක අභ‍යන්තර ප්‍රශ්නයකට මැදිහත් විය හැකිද?
      නොහැක. නමුත් එක් සාධකයක් මත එසේ කල හැක. එනම් මානුෂික හේතූන් මත පමනක් අන්තර්ජාතික මානුෂික නීතී වලට යටත්ව මැදිහත් වීමක් (Humanitarian Intervention) කල හැකිය.
    • මානුෂික හේතූන් (Humanitarian grounds) හා අන්තර්ජාතික මානුෂික නීතී (International Humanitarian Law) යනු මොනවාද?
      සරලව විස්තර කලහොත් සිවිල් ජන සංහාර (Genocide), ක්‍රැර වධ දීම් (Torture), යුධ සිරකරුවන් ඝාතනය (Killing of P.O.W), නීතියට පිටින් කරනු ලබන ඝාතන (Extrajudicial Killings) ආදීන්ට විරුද්ධව එ.ජා. සංවිධානයට මැදිහත් විය හැක. මේ සදහා Responsibility to Protect (R2P) නමැති ප්‍රොටොකොලය හරහා එ.ජා. සංවිධානය ක්‍රියාමාර්ග ගනි. මෙහිදී යම් රටක ස්වයරීත්වට හානී විය හැකි වුවද එය මානුශික හේතූන් මත සාධාරනීකරණය කල හැක.
    • එක්සත් ජාතීන්ගේ සංවිධානය කොටි ත්‍රස්තවාදීන්ට විරුද්ධව ක්‍රියමාර්ග නොගත්තේ ඇයි?
      එක්සත් ජාතීන්ගේ සංවිධානයට කොටි ත්‍රස්තවාදීන්ට බලපෑම් කල නොහැකිය. මන්ද එය නීත්යානුකූල සංවිධනයක් නොවන බැවිනි. නමුත් නීත්‍යානුකූල ආයතනයක් වන ශ්‍රි ලංකා රජ‍ය එ.ජා සංවිධානයට වග කිවයුතු වේ.
    • එක්සත් ජාතීන්ගේ සංවිධානය බටහිර ගැති සංවිධානයක්ද?
      සත්‍යකි. එය ආරම්භ කර ඇත්තේ බහුතර බටහිර රාජ්‍ය වල එකමුතුවකින් වන අතර එහි විශාලම මූල්‍ය දායකයන් වන්නේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වේ. එබැවින් වැඩි බලපෑමක් ඔවුන්ට කල හැක.
    • එක්සත් ජාතීන්ගේ සංවිධානයට මෙම වාර්තාවෙන් ලංකාවට විරුද්ධව ක්‍රියාමාර්ග ගත හැකිද?
      මෙහිදී පලමුවෙන්ම ලංකාවට විරුද්ධව ක්‍රියමාර්ග ගන්නේ නම් ආරක්ෂක මංඩලයේ (UN Security Council) අනුමැතිය අවශ්‍ය වන අතර එහිදී බොහෝවිට දේශපාලන හේතූන් මත එම තීරණ ගනු ඇත.
    • එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තීරණ වලට ලංකාවට විරුද්ධ විය හැකිද?
      නොහැක. නමුත් නිශේධ බලය (Veto) හිමි රටක් එයට විරුද්ධ වුනහොත් (රුසියාව, චීනය වැනි ) එම තීරණ ක්‍රියාත්මක වීම වැලැක්විය හැක..
    තවත් දැනගන්න ඕන නම් අහන්න. බොරුවට එක්සත් ජාතීන්ට විරුද්ධව කෑ ගහන්න කලින් ඇත්ත තත්වය දැනන් ඉන්න එක හොදයි නේද? :yes:
     
    Last edited:
    • Like
    Reactions: sanddun

    Inshaffadhil

    Member
    May 16, 2009
    5,740
    379
    0
    C:\Srilanka\Colombo\Maradana
    happy8se.gif