ජෙල් වලට විකල්පය....!!!!!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජෙල් වලට විකල්පය....!!!!!

    මම මේක SRIDAS සහෝදරයා ගාපු STOP JEL Thread එකට දාපු රිප්ලයි එකක්.......නමුත් සියළුදෙනා ගේ සිත සුව පිණිස වෙනම Thread එකක් විදියට දාන්න කල්පනා කලා.........

    ජෙල් වලට මෙන්න විකල්පය.......මමත් ජෙල් ගාලා නාගෙන තියෙනවා හොදට. නමුත් මට විකල්පයක් ලැබුණා. එළකිරියො සියළු දෙනා ගේ දැන ගැනීම පිණිස මම මේ දේ ගැන කියන්නම්.

    මේක ගෙඩි ජාතියක්. පෙනෙල ගෙඩි කියල කියන්නේ. (වැල් පෙනෙල නෙවෙයි රජෝ..!!!!) රත්තරං බඩු හදන අය මේක විශාල වශයෙන් භාවිතා කරනවා රත්තරං බඩු සුද්ද කරන්න, මොකද මේකෙ සබන් ගතියක් තියෙන නිසා. මේක රට ඉදි ගෙඩියක් වගේ එකක්. ඇතුලේ ලොකු ඇටයක් තියනවා. මේ ඇටය ඉවත් කරලා පිට පොත්ත ටිකක් වෙලා වතුරෙ දාලා තියලා අත් දෙක අතර තියල පොඩ්ඩක් රෝල් කලාම සබන්‍ පෙන වගේ දෙයක් ඇති වෙනවා. මේකයි කොණ්ඩෙ ගාන්න තියෙන "ජෙල්" එක. මේක ගාලා වේලුණාම නැතිනම් ඩ්‍රයර් එකක් දාලා වේලුවාම හිස කෙස් ආයේ හෙල වෙන්නෙවත් නැතුව තියනවා. ටිකක් වැඩියෙන් දැම්මොත් කොණ්ඩෙ හෙල්මට් එකක් දැම්ම වගේ වෙනවා. ඒ තරම් සවි වෙනවා. (ගාලා ඒසී එකේ හිටියා ම හරි...!!) නෑවාම සේදිලා යනවා., කොණ්ඩෙට බැදෙන දූවිලි වගේ දේවලුත් එක්කම. හිසත් සෑහෙන්න සිසිල් වෙනවා. මේක කියල දුන්නේ මම පේරාදෙණියෙ ඉන්න දවස් වල කෙරමිණිය ආයුර්වේද විදුහලේ ආයුර්වේදය ඉගෙන ගත්ත නේපාලයේ සුමන හාමුදුරැවෝ. මේ ‍ශාකය හිස කෙස් සදහා වැළදෙන රෝග ගණනාවකට ප්‍රතිකාර විදියට භාවිතා කරන බව තමයි උන් වහන්සේ වදාලේ.

    ම‍ම දැනට අවුරුදු 12ක් වෙලේ ඉදන් හිසේ ගාන්නේ මේක. මගේ කොණ්ඩෙට තියන එකම ලෙඩේ ඉක්මණින් වැඩෙන එක මේක ගාද්දී. මගේ කොණ්ඩෙ එක ගහක් තාම සුදුවෙලා නැහැ...විශ්වාස කරයිද මන්දා...!!!

    මේක සිංහල බෙහෙත් බඩු කඩවලින් ගන්න පුළුවන්. හැබැයි රටඉදි වගේ පෙණුම තියන හොදට මෝරපු ඒවා ගන්න. ග්‍රෑම් 500ක් 100/= නිතර වෙන්නේ .ලාබයි අත උඩින්. ග්‍රෑම් 500 ක් ගත්තාම මාස 6-8ක් ගාන්නත් පුළුවන්, මොකද එක ගෙඩියක් එකවරකට වඩා පාවිච්චි කරන්න පුළුවන් නිසා. බය නැතුව ගාන්න. අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි කියන්න පුළුවනි........!!!

    ගාලා ප්‍රතිඵල මේකෙම දාන්න.....!!!අනිත් අයටත් දැන ගන්න....!!!!!!!!!

    :yes::yes::):):cool::cool:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඇහුවෙත් අදමයි
    මම නම් එඬරු තෙල් තමා ඉතින්.
    කොන්ඩේ ගාන්න පුලුවන් එකක් තියෙනවා. සුවඳයි වගේම ඔලුවට අගුණයකුත් නැතිලු
     
    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    මාත් කාලයක් ගෑවා....මචෝ පොඩි අවුලකට තියෙන්නේ ඒවගේ පොතු ගැලවෙනවනෙ...පෙනත් එක්ක පොතු කෑලිත් ඔලුවෙ ඉතිං...
     
    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    මාත් කාලයක් ගෑවා....මචෝ පොඩි අවුලකට තියෙන්නේ ඒවගේ පොතු ගැලවෙනවනෙ...පෙනත් එක්ක පොතු කෑලිත් ඔලුවෙ ඉතිං...

    :OOOOOOOOOOOOO:shocked:
     
    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    මම මේක SRIDAS සහෝදරයා ගාපු STOP JEL Thread එකට දාපු රිප්ලයි එකක්.......නමුත් සියළුදෙනා ගේ සිත සුව පිණිස වෙනම Thread එකක් විදියට දාන්න කල්පනා කලා.........

    ජෙල් වලට මෙන්න විකල්පය.......මමත් ජෙල් ගාලා නාගෙන තියෙනවා හොදට. නමුත් මට විකල්පයක් ලැබුණා. එළකිරියො සියළු දෙනා ගේ දැන ගැනීම පිණිස මම මේ දේ ගැන කියන්නම්.

    මේක ගෙඩි ජාතියක්. පෙනෙල ගෙඩි කියල කියන්නේ. (වැල් පෙනෙල නෙවෙයි රජෝ..!!!!) රත්තරං බඩු හදන අය මේක විශාල වශයෙන් භාවිතා කරනවා රත්තරං බඩු සුද්ද කරන්න, මොකද මේකෙ සබන් ගතියක් තියෙන නිසා. මේක රට ඉදි ගෙඩියක් වගේ එකක්. ඇතුලේ ලොකු ඇටයක් තියනවා. මේ ඇටය ඉවත් කරලා පිට පොත්ත ටිකක් වෙලා වතුරෙ දාලා තියලා අත් දෙක අතර තියල පොඩ්ඩක් රෝල් කලාම සබන්‍ පෙන වගේ දෙයක් ඇති වෙනවා. මේකයි කොණ්ඩෙ ගාන්න තියෙන "ජෙල්" එක. මේක ගාලා වේලුණාම නැතිනම් ඩ්‍රයර් එකක් දාලා වේලුවාම හිස කෙස් ආයේ හෙල වෙන්නෙවත් නැතුව තියනවා. ටිකක් වැඩියෙන් දැම්මොත් කොණ්ඩෙ හෙල්මට් එකක් දැම්ම වගේ වෙනවා. ඒ තරම් සවි වෙනවා. (ගාලා ඒසී එකේ හිටියා ම හරි...!!) නෑවාම සේදිලා යනවා., කොණ්ඩෙට බැදෙන දූවිලි වගේ දේවලුත් එක්කම. හිසත් සෑහෙන්න සිසිල් වෙනවා. මේක කියල දුන්නේ මම පේරාදෙණියෙ ඉන්න දවස් වල කෙරමිණිය ආයුර්වේද විදුහලේ ආයුර්වේදය ඉගෙන ගත්ත නේපාලයේ සුමන හාමුදුරැවෝ. මේ ‍ශාකය හිස කෙස් සදහා වැළදෙන රෝග ගණනාවකට ප්‍රතිකාර විදියට භාවිතා කරන බව තමයි උන් වහන්සේ වදාලේ.

    ම‍ම දැනට අවුරුදු 12ක් වෙලේ ඉදන් හිසේ ගාන්නේ මේක. මගේ කොණ්ඩෙට තියන එකම ලෙඩේ ඉක්මණින් වැඩෙන එක මේක ගාද්දී. මගේ කොණ්ඩෙ එක ගහක් තාම සුදුවෙලා නැහැ...විශ්වාස කරයිද මන්දා...!!!

    මේක සිංහල බෙහෙත් බඩු කඩවලින් ගන්න පුළුවන්. හැබැයි රටඉදි වගේ පෙණුම තියන හොදට මෝරපු ඒවා ගන්න. ග්‍රෑම් 500ක් 100/= නිතර වෙන්නේ .ලාබයි අත උඩින්. ග්‍රෑම් 500 ක් ගත්තාම මාස 6-8ක් ගාන්නත් පුළුවන්, මොකද එක ගෙඩියක් එකවරකට වඩා පාවිච්චි කරන්න පුළුවන් නිසා. බය නැතුව ගාන්න. අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි කියන්න පුළුවනි........!!!

    ගාලා ප්‍රතිඵල මේකෙම දාන්න.....!!!අනිත් අයටත් දැන ගන්න....!!!!!!!!!

    :yes::yes::):):cool::cool:

    machan 500g gaththama masa 6-8k ganna puluwan kiuwane.ethakota mewa narak wenne nedda.api ganna ona weluna gedida.amuwenda.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ado maxxane :D
    thanx machan..meke gandak ehema enne naha neda? :dull:
    moko pare bahala yannath epai :P
    Rep+
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාත් කාලයක් ගෑවා....මචෝ පොඩි අවුලකට තියෙන්නේ ඒවගේ පොතු ගැලවෙනවනෙ...පෙනත් එක්ක පොතු කෑලිත් ඔලුවෙ ඉතිං...

    පොත්ත පෙගුණාම පොත්තේ පිට පොත්ත හිමීට ඉවත් කර ගන්න. මේක තමයි ඔය කෑලි වගේ එන්නේ. නැතිනම් කෑලිත් එක්ක ගාලා පනාවෙන් පීරලා දාන්න, කෑලි ටික නම් යවා ගන්න පුළුවන්.....!!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ado maxxane :D
    thanx machan..meke gandak ehema enne naha neda? :dull:
    moko pare bahala yannath epai :P
    Rep+

    පොත්ත වතුරෙ පල් වෙන්න ඇරියොත් ගදක් එනවා. නැතිනම් ලාවට නිකන් බෙහෙත් සුවදක් තමා එන්නේ. ආ........කියන්න බැරිවුණා ඇස්වලට දාගන්න එපා..........ඇස් දනවා අම්බානකට......