Recent content by පැණිවළලු

  1. රුපවාහිනී

    ජාතික රූපවාහිනියේ සභාපතිතුමාට හිතවත් සභාපතිතුමනි, එදා 2003 අවුරුද්දෙ අපේරුක ල් මාසෙ දවසක්. දවස් ගාණක් අකුණු ගගහ මොර සූරපු මහ වැස්ස හෙමිහිට තුරල් වෙවී තිබුණ. ? අටේ ප්‍රවෘත්ති යන වෙලාව. එතකොට මං රූපවාහිනියෙ සභාපති. ඒ වෙලාවෙ සභාපති කාමරේ හිටියෙ. ලියුම් වගේකට අත්සන් කර කර ප්‍රවෘත්ති බලනව...
  2. අම්මා

    ”අම්ම ගැන දැනෙන්නෙ කොහොමද?” මං ඔබෙන් ඇහුවොත් ඔබ කොහොම උත්තර දෙයිද? ”අම්ම ගැන නේද?” ඔබ ළඟ තියෙන පුටුවක මාව වාඩි කරගනී. කොන්ද පොඞ්ඩක් ඉස්සරහට නමල අත් ඇඟිලි පටලවා ගනී. මොහොතක් බර කල්පනාවකට වැටේ. බර හුස්මක් ගනී. ඊළඟට කතාව පටන් ගනී. කතාව කියවන අතරතුර දේදුන්නක පාට වගේ ඔබේ මුහුණට පාට වැටේ. ඒ පාට...
  3. ජිෂින්

    ජපානෙට යන ප්ලේන් එක කරුවල ඉරාගෙන යන්න පිටත්වුණා. මට මහ අමුත්තක් දැනුණා. වෙනදා දෙතුන් සීයක් යන ප්ලේන් එක අද පාළුයි. ජනේලයක් අයිනෙ වාඩිවුණාම පේන්නේ හිස් සීට් විතරයි. ප්ලේන් එක පිටත්වෙනකම් හරි ෆෝන් එකේ බැටරි බහිනකම් හරි දිගටම කතා කරන්න කියල රූ කිව්වා. මං දිගටම එයාට කතා කළා. ටිකකින් රූගේ කටහඬත්...
  4. අංජුලා

    කළු පාට රැළි කරපු තිර රෙදිවලින් වට වෙච්ච සීතල දේශන ශාලාවේ බොකු ගැහිච්ච කහ පාට ෆයිබර් පුටුවල ළමයි පේළි පේළි වාඩිවෙලා ඉන්නව. සීලිමෙන් විහිදෙන රිදී පාට විදුලි එළියට හැමදේම සැරට බබළනව. හරියටම ඒ ගොල්ලො ඉස්සරහින් හිටගත්තම මට ඉස්සරහින් වම් පැත්තෙ අඩි තුන හතරක් ඈතින් දෙවැනි පේළියේ තුන්වැනි පුටුවෙ...