ආදරයේ උණුසුම ලග දුක දැනෙන්නේ නෑ
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නෑ
ජීවිතයේ හැමදාමත් සැප රැදෙන්නේ නෑ
සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ //
තොල් අග මද හස දල්වා ප්‍රාර්ථනා මල් පිපිදේ
ලේකය උඩු යටිකුරැ වී ප්‍රාර්ථනා වන් වැලලෙයි
සැමදා දුක සැමදා සැප නොමැති ලොකයේ
සිනහ නැගේයි කදුළ නැගේයි එයයි ජීවිතේ...