මට තේරෙනව උඹේ බය.. අනිවා ඔහොම භය වෙන්න ඕනෙ බං.. කිසිම මනුස්සයෙක්ගෙ ජීවිතේ ශුවර් කරන්න බෑනෙ බං.. කොයි වෙලේ මැරෙයිද දන්නෑ.. පණ නම් තණ අග පිනිබිඳු වැන්නේ කියලනෙ කියල තියෙන්නෙ.. ඉතිං උඹ ඉස්සරහ කෙල්ල මලොත් මොකද වෙන්නෙ.. කෙල්ල ටිකකින් නැඟිටිනව.. නැඟිට්ටාම මුලින්ම දකින්නෙ උඹව.. එතකොට කෙල්ලට මතක් වෙයිද මේ මං වෝකර් කෙනෙක් වෙන්න කලින් ලව් කල එකා කියල ?

නෑනෙ

අනිවා උඹේ ඇඟෙන් කෑල්ලක් කඩාගෙන කනව.. කෑල්ලක් නෙමේ උඹට දුවාගන්නවත් බැරිවුනොත් උඹේ ඇටකටු වත් ඉතුරුවෙයිද දන්නෑ

ආන්න ඒ නිසා ඔය භය සාධාරණයි.. ඒ උඹ ඉස්සරහ මලොත්.. හිතපං බෙඩිං එකේදි මලා.. උඹ නිදි. කෙල්ල නැඟිටිනව.. නැඟිටල උඹේ කොහෙ හයිද.. උගුරු දණ්ඩ එහෙම කෑවොත් උඹ අඩුම ගානෙ උදව් ඉල්ලලවත් කෑගහගන්නෙ කොහොමද
