දැලිපිහිය ලැබුනු කවුදෝ වගේ ලිනක්ස් ගත්තු
ලිනක්ස් , උබුන්ටු. මේ වචන දෙකෙන් ලංකාවෙ වැඩි දෙනෙක් දන්නවා ඇත්තෙ උබුන්ටු කියන නම. මොකද අපේ අයට නිකන් දෙන ඕන දෙයක් ආසාවෙන් ලං කරගන්න නිසා නොමිලේ සීඩී එවනවා කියලා දැනගත්තම ගෙදර සීඩී ප්ලේයර් වල ප්ලේ කරන්නත් සීඩී ගෙන්නා ගත්තෙ තොග පිටින්. ඒ වුනාට ලංකාවට...