"මම ලස්සනයිද ?"
එහෙම අහගෙන එයා ගෝල්ෆේස් හොටලයේ ලොබිය ඉස්සරහා කාර් එකෙන් එලියට බහිනකොට ඇත්තටම මගේ ඇස් මටම අදහාගන්න බැරි උනා. තප්පර කීපයක් මොකුත් නොකියා මම එයා දිහා බලාගෙන හිටියා.
"කියන්නකෝ..." ඉස්කෝලේ යන කාලේ කෑ ගහන ටෝන් එකෙන්ම ගෝල්ෆේස් හොටලේ ලොබියේ සෙනඟ ඉස්සරහා ටිකක් විතර හයියෙන් මඟුල් ඇඳුමත්...