Recent content by Manik_DD

  1. Manik_DD

    එලකිරි කවිමඩුව

    ආවා ඔන්න ආවා පිළිතුරැ දෙන්න කවියෙහි ප්‍රතාපගෙ පිළිතුර ගැබ්ව ඇත මා කුමකටද රිදවාගන්නේ මසිත මා නැත අයිති වී ඔබ ඒ කිව් ගොඩට නොදනිමි අනෙක් අය ගැන මම කියන්නට මම දුවනියක් මව්පිය වන සන්තෝස ඒ අැති මට මොටද බොරැවට ආටෝප නැහැ උවමනා මට කරනට මේ වාද මා නැති ඇසිල්ලේ බොහො දේ සිදුව ඇත එනමුත් සැවොම මා මතකේ තබා...
  2. Manik_DD

    එලකිරි කවිමඩුව

    :shocked:අදහා ගන්න නොහැකියි මට මේ වෙනස සොහොයුර නුඹම දෝ ලිව්වේ මේ කවිය නෑ නෑ වෙන්න බැහැ මට නැහැ විස්වාස නැවතත් බලන්නම් මුල සිට ඔබෙ කවිය උලලා පාට ඇඳ නුසුදුසු විලාසිතා කරනා අයත් ඇත නැහැ ඔබ බොරැ කියලා ඇඳුමෙන් පැලඳුමෙන් බැහැ මනිනට මිනිසා හොඳහිත ඇගේ විමසනු මැන හිත දිනලා නැහැ නැහැ මං තරහ වැටහේ ඔබෙ...
  3. Manik_DD

    එලකිරි කවිමඩුව

    කෙල්ලන් නිසා විඳවන කොල්ලන්ද ඇත කොල්ලන් නිසා වෙන හානිද නිමක් නැත ඇයි එක ඇඟිල්ලක් දික් කර මේ රැඟුම සොහොයුර ඇඟිලි හතරක් ඇත ඔබ දෙසට
  4. Manik_DD

    එලකිරි කවිමඩුව

    ඇවිදින් විටින් විට බැලුවා කවි මඩුව නැහැ කවුරැවත් ඇවිදින් කවි ගොතන්නට මම නැහැ මගහැරියෙ කවි පද ලියන්නට කුමකට ඇවිත් ලතැවෙමි මෙහි මා තනිව
  5. Manik_DD

    එලකිරි කවිමඩුව

    ඒ නම් හැබැයි දුටුවොත් ඇත්තෙම නරකයි ඉඳහිට හොඳ අයත් ඇති බව කිව යුතුමයි අසරණයාට ගොරවයි මුදලට වැඳුමයි කවදා හැදෙයි දෝ කියලා මටත් සැකයි
  6. Manik_DD

    එලකිරි කවිමඩුව

    වැඩ අහවරයි ආවා කවි මඩුව වෙත හිතුවේ දුර ගිහින් ඇති මා අමතකව කෝ මේ කවියො ටික කොහිදැයි සොයන්නට කිරියේ නැත්ද මහතුන් පොලිසියෙ ඉන්න ස්තූතියි සැමට මා වෙත සෙත් පැතුව ඔබලා නිසයි එන්නේ කවි පබඳින්න බ්ලූ ඉන් රියෝ මට නැහැ පිළිතුරැ දෙන්න ඔබෙ ගුණ වයා ඇත කවුරැත් හදවතින
  7. Manik_DD

    එලකිරි කවිමඩුව

    බ්ලූ ඉන් රියෝ සොහොයුර ඔබ ගැන දනිමී එබැවින් නුඹට පළිතුරැ කවි පබැඳුවෙමී කිරියට ගොඩවැදී මා දැන් ටික කලකී තාමත් නැත දුටුවෙ නුඹගේ නරක ගතී සතුටුයි මටත් සතුටුයි හඳුනා ගැනුම එක්වී කියමු දිගටම කවි එක ලෙසට දැන් දැන් මටත් ඇත ගොඩවී වැඩ කන්ද අහවර වී පැමිණ ගොඩගමු කවි මඩුව
  8. Manik_DD

    එලකිරි කවිමඩුව

    එයනම් ඉතා අගනා ඔවදනක් විය නමා සිරස පිලිගමි අවවාද දෙන ගලපා වදන් පැහැදුනු සුපසන් විලස යමු යමු ඉදිරියට කවියේ රස එක්ක
  9. Manik_DD

    එලකිරි කවිමඩුව

    ආසයි දුටුව විට මේ පිළිගැනුම මට සොයුරන් විලස යමු එක්වී ඉදිරියට වරදක් ඇතොත් පහදා දෙනු මැනවි මට කවියේ ළදරැ විය තවමත් ගෙවමි මම
  10. Manik_DD

    එලකිරි කවිමඩුව

    දුටුවිට කවිය රජයන නූලක් කිරියේ හනි හනිකටම දුවවිත් කවි රස බැලුවේ විසිරෙන දසත නොසරැප් වදනින් සිත්සේ බැරිවිනි ඉඳගන්න මට ඒ කවි මඩුවේ නුඹගේ පැනය නැහැ මට අරැමයක් වෙලා ආදින පටන් කවුරැත් විමසයි එලෙසා නොදනී කෙලෙස වටහා දෙමි මෙය කියලා මා කුමකට පවසම්ද බේගල් නුඹට ගොතා කෙල්ලන් විලස රඟනා කොල්ලන් කිරියේ...
  11. Manik_DD

    එලකිරි කවිමඩුව

    දිගුකර දෑත ඉඳගන්නට දී අසුනක් පිළිගත් සොයුර ස්තූතියි දහස් වරක් පබඳිමු දිගට රස පදවැල් එකට යමින් එයි තව කවි කාරියන් පිළිගමු ආයුබොවන් :)
  12. Manik_DD

    එලකිරි කවිමඩුව

    කිරියට නොපැමිණී මං ටික දිනක් වුනා ආවේ තතු බලා යන්නට අදත් මෙමා දුටුව ගමන් කවි නූලක් දිව ආවා අයියෝ බ්ලූ රියෝ හිත මගෙ වදනට රිදුනා නූලෙන් නූල බලනෙමි මම කවි මඩුවේ කිවිඳුන් එමට පබඳියි එහි කවි රසයේ මතකය ඔබේ දුවවා එහි පිටු අතරේ විමසා බලන් කෙතරම් සභ්‍යද වචනේ කවි පබඳිනා කෙල්ලන් ඇත එළකිරියේ විලිබිය ඇතිය...
  13. Manik_DD

    හොඳින් ඉන්නවා අයියේ. ඔව් ටික දවසකින් නේද? අයියට කොහොමද?

    හොඳින් ඉන්නවා අයියේ. ඔව් ටික දවසකින් නේද? අයියට කොහොමද?
  14. Manik_DD

    Sinduwen Sinduwa II

    යුගයෙන් යුගයේ ඔබ දුටුවා සසරේ තීර්ථ යාත්‍රාවේ වෙරළින් වෙරළේ ඔබ දුටුවා සසරේ තීර්ථ යාත්‍රාවේ සීතල කඩු තුඩු ඇනෙන රැයේ උණුසුම සලසන ග්‍රීෂ්මයක් විය පවසින් වැලපෙත කර දියරේ පිපුරුනු දෙතොලට වර්ෂාවක් විය
  15. Manik_DD

    Sinduwen Sinduwa II

    දිගැසියේ දිගු නීල නයන නිල් විලේ පිහිනා යන්නට අවසර ඇත්නම් සඳ දියේ සඳ සිහින සිඹින තරැ ඇසේ මෘදු සිහින පතක දැවටී ඉන්නම්