Recent content by onlinesuresh

  1. onlinesuresh

    Sirith Maldama (සිරිත් මල්දම)

    ස්තුතියි. අවුරුදු තුනකට අධික කාලයක් තිස්සේ ඔබ සියලු දෙනා වෙත ගෙන ආ සිරිත් මල්දම කවි පෙළෙහි අවසානය මෙසේ සටහන් කරමි. මේ ත්‍රේඩ් එක පුරාවටම ප්‍රතිචාර දැක්වු DAMER සොයුරා ඇතුලු ඔබ සැමට බොහෝ ස්තුතියි. සියලුම කවි මා විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියෙන්ද, ඔබට කියවීමට හැක. Website ...
  2. onlinesuresh

    Sirith Maldama (සිරිත් මල්දම)

    සියලු දෙනා හටම යහපත් සිතකම පහළ වේවා. හැමගෙම දෝෂයන් දුරු වේවා. මා සිතු දේ සඵල වේවා. මේ ළමා පරපුර හට ජයක්ම වේවා.
  3. onlinesuresh

    Sirith Maldama (සිරිත් මල්දම)

    යමෙක් ගුරුවරයාගේ අවවාද අනුව වැඩුනොත් ඔහු සැපවත් කෙනෙක් වනු නොඅනුමානය. ඒ බව සිතට ගෙන ගුරු අවවාද වලට අනුව යහපත් ලෙසින් හැසිරෙන්න... දෙලොවම දියුණු වන්න.
  4. onlinesuresh

    Sirith Maldama (සිරිත් මල්දම)

    දෙමව්පියන්, ගුරුවරුන්, වැඩිහිටියන්, උතුමන්, පැවිදි උතුමන්, සිල්වතුන් හා යහපත් අය එනු දුටු සැණින් නැගිට බුහුමන් දක්වා වඳින්න. හොඳින් සලකන්න.
  5. onlinesuresh

    Sirith Maldama (සිරිත් මල්දම)

    දෙමව්පියන්, ගුරුවරුන් තමාට යහපතක් ම කරන දෙවියන් මෙන් සිතන්න. උතුම් අයගේ වචනය හොඳින් තේරුම් ගන්න. මේ දෙවියන් නිතරම වන්දනා මාන කරන්න. ඔවුන් හොඳින් රැක බලා ගන්න.
  6. onlinesuresh

    Sirith Maldama (සිරිත් මල්දම)

    හිතවත් අය දෙන උප දෙස් නොපිළිගන්නා අය ඔවුන්ව සතුරන් ලෙස සිතයි. එහි විපාක නොදැනෙන මුත් එයින් මතු දිනක විපතම පැමිණෙයි.
  7. onlinesuresh

    Sirith Maldama (සිරිත් මල්දම)

    උතුම් අයගෙන් ආධාර උපකාර ලබු අණුවනයන් උඩඟු වී එම උතුමන්ට ප්‍රතිඋපකාර නොදක්වති, ගරහති, නින්දා කරති. එලෙස නොවී ඔවුන් හටද නැවත උපකාර කරන්න.
  8. onlinesuresh

    Sirith Maldama (සිරිත් මල්දම)

    යමෙක් සතුටින් කෑමක් දුන් විට එහි අගුණ නොකියන්න. එය සතුටින් ආහාරයට ගන්න. එලෙසම අනුන්ගේ දේ නොසොයා තමන් ගැන පමණක් සොයන්න.
  9. onlinesuresh

    Sirith Maldama (සිරිත් මල්දම)

    තමන් හට හොඳ කියා ලෝකයා වෙත තම නරක පවසන, තම හොඳ ගුණයන් යටපත් කොට නරකක් ඇතොත් එය උලුප්පා පෙන්වන දුදනයන් හැඳින ඇසුරෙන් වැළකෙන්න.
  10. onlinesuresh

    Sirith Maldama (සිරිත් මල්දම)

    නොමනා ලෙසින් ජීවත්වෙන අය සැමදා යහපත් උතුමන් හට නින්දා කරයි. ගුණවත් අයට දොස් පවරා පව් සිදු නොකොට උතුමන් හැඳින ගෙන යහපත් ලෙසට හැසිරෙන්න.
  11. onlinesuresh

    Sirith Maldama (සිරිත් මල්දම)

    ලෝභ කමින් පිරුණු අය සෑම විටම ගුණවත් අයගේ අඩුපාඩු සොයති. නමුත් යහපත් සිතුවිලි වලින් පිරිණු අය ගුණවත් අය ඉදිරියේ ලෝභ නොවෙති.
  12. onlinesuresh

    Sirith Maldama (සිරිත් මල්දම)

    හිසකෙස් හොඳින් පිළිවෙලකට පීරා වැදගත් උතුමන් වෙත, ගේ දොරකඩට හෝ ජනයා ගැවසෙන ස්ථාන වලට ගමන් කරන්න.
  13. onlinesuresh

    Sirith Maldama (සිරිත් මල්දම)

    අන්සතු මුදලට ලෝභයෙන් අන් අයට කරදර කොට තම දියුණුව ලබා ගැනීමට නොසිතන්න. සුදුවෙන් මිල මුදල් ඉපයිමෙන්ද වලකින්න.
  14. onlinesuresh

    Sirith Maldama (සිරිත් මල්දම)

    මේ මිහිපිට පානය සඳහා ජලය අපමණවත් ප්‍රමාණයක් තිබෙන නිසා තාවකාලික සැපයක් උදෙසා මත්පැන් නොගන්න. එයින් දෙලොවම දුක් කරදර ඇති කරයි.
  15. onlinesuresh

    Sirith Maldama (සිරිත් මල්දම)

    රෑ දවල් දුක් මහන්සියෙන් රැස් කරන ධනයට බොහෝ දෙනා ලෝභ වෙයි. ඒ දුක් මහන්සියෙන් ජීවත් වන ජනයා තමන්ගේ අය මෙන්ම සිතා ඒ අන්සතු ධනය සොරකම් නොකරන්න.