සිරාජ්, අපේ ගෙවල් පැත්තෙ මාසෙකට විතර සැරයක් කවි කියමින් සිඟමන් යදිමින් එන කාන්තාවක් ඉන්නවා. එයාගෙ සද්දෙ වගේ ඇහිලා මං දැන් එළියට යනකොට අපේ අසල්වාසී මුස්ලිම් නිවසකින් තමයි නාදය එන්නෙ. බලනකොට ගෙදර බිම වාඩි වෙලා කාන්තාවන් තමයි මේ ගීතිකා කියන්නෙ. මොකක් හරි ආගමික උත්සවයක් වගේ. ඒ වුණාට අර පල්ලිවල යාඥා කරන තාලයට නෙවෙයි කියන්නෙ. එතන කට ඇරගෙන බලන් ඉන්න හොඳ නැති නිසා මං ආපහු ආවා. මොකක් වෙන්න පුලුවන්ද?