හලාවත නගරයේ සිට කිලෝමීටර් දහයක පමණ දුරකින් දැදුරු ඔය නිම්නය ඇසුරු කර ගනිමින් පිහිටි ආරියාගම ග්‍රාමය තවමත් ගැමි සුවද රැඳී පවතින, පවුල් 385ක් පමණ වාසය කරන ගොවි ගම්මානයකි. ගැමියන් සියලු දෙනා පාහේ ගොවිතැනින් තම ජීවිකාව කරගෙන යන අහිංසක මිනිසුන් පිරිසකි. ඉන් බොහෝ දෙනෙක් පවුලේ සියලු දෙනා සමග එක්ව පලා...