හලාවත නගරයේ සිට කිලෝමීටර් දහයක පමණ දුරකින් දැදුරු ඔය නිම්නය ඇසුරු කර ගනිමින් පිහිටි ආරියාගම ග්‍රාමය තවමත් ගැමි සුවද රැඳී පවතින, පවුල් 385ක් පමණ වාසය කරන ගොවි ගම්මානයකි. ගැමියන් සියලු දෙනා පාහේ ගොවිතැනින් තම ජීවිකාව කරගෙන යන අහිංසක මිනිසුන් පිරිසකි. ඉන් බොහෝ දෙනෙක් පවුලේ සියලු දෙනා සමග එක්ව පලා වර්ග වගා කොට කීර මිටි කිහිපයක් විකුණා ජීවත් වෙති. ඔවුන් සිටින්නේ මහා මන්දිර වල නොව කපරාදුවක්වත් නොකළ ඉතා කුඩා නිවෙස් වලය.
දින 5ක් අඛණ්ඩව ඇදහැලුන මහා වර්ෂාව නිසා ඔවුන් පෝෂණය කල දැදුරු ඔය ප්‍රචණ්ඩ වෙමින් පිටාර ගැලුවේ, ඔවුන් සියලුදෙනාම පාහේ අන්ත අසරණ භාවයට පත් කරමිනි. ආඩි 10 – 15ක් පමණ මහා ප්‍රචණ්ඩ ජල කඳකින් ඔවුන්ගේ නිවාස, වගාබිම් සියල්ල වසාගනිමින් දින කිහිපයක් පැවතුනි. ඉන් ආපදාවක් නොවුණු ගමේ පාසල සහ පන්සල තුල ඔවුන් රැඳී සිටින විට අවට ගම්මාන හා හලාවත නගරයේ මිනිසුන් රාජ්‍ය ආයතන මගින් පිසූ ආහාර ඔවුන්ට හැකි පමණින් බෙදා දුනි.
මේ වන විට මහා ජල කඳ පහව යමින් ඇත. කිසිවක් නොමැතිව අහිංසක මිනිසුන් නිවෙස් බලා ගමන් කරමින් සිටීයි. ජල කඳ පහව ගිය පසු ඇතැමෙකු මුළු ජීවිත කාලයම කීර වගා කොට තනාගත් කුඩා නිවාසවලින් කොටසක් මහා ජල කඳින් දැදුරු ඔය තුලට රැගෙන ගොසිනි. ඔවුන් කඳුලින් තෙත්වූ දෑසින් යුතුව යන්තම් නොතෙමි සිටින්නට පැල්කොටයක් අටවගන්නට මේ වන විට වෑයම් කරමින් සිටි. මුළුමනින්ම ජලයෙන් යටව තිබු නිසා අඟල් ගණනක් ගනකමට පැවති රොන්මඩ ඉවත් කොට හැකි අයුරින් යලි නිවසේ පදිංචි වන්නට ඔවුන් වෑයම් කරයි. ඔවුන් නිවෙස් බලා පිටත් වුවද, ඔවුන්ගේ වගාබිම් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇත. යලිත් වගාකොට අස්වැන්න ලබාගෙන එය විකුණා මුදල් ලබාගැනීමට තවත් තෙමසක් පමණ යන තුරු සිටීමට සිදුව ඇත. අඳි වතත් මහා ජල කඳින් පෙඟී ගිය නිවසත් හැර අද ඔවුන් සතුව කිසිවක් නැත. මේ වන විට ගෙයි බඩුමුට්ටු, රෙදි ඇඳුම් සෝදා වේලා භාවිතයට ගැනීම ඔවුන් අරඹමින් සිටි.
ජනමාධ්‍ය රැඳී සිටින ස්ථානවලට කොතරම් ආධාර ලැබුණද ආරියගම වැසියනට කිසිවෙකුගෙන් කිසිදු ආධාරයක් මේ වන තෙක් ලැබී නැත. යලි වගාවන් සිදු කිරීමට පොහොර බීජ ලබාගැනීමට තබා එදා වේල උපයා ජීවත් වන මෙම අහිංසක මිනිසුන්ට ආහාර පාන ලබා ගැනීමත් ගැටලුවක්ව ඇත. ඔවුන්ට යලිත් නිවෙස් බලා ගියද දොරකඩට වී හුල්ලමින් පාර බලා සිටින්නේ එදා වේල පිරිමහ ගන්නටවත් යමක් සොයා ගන්නා ක්‍රමයක් විමසමින්. කවදත් ආරියගම ග්‍රාමයේ කුඩා දරුවන්ට, දරුවන් වෙනුවෙන් සැකසු කිරි පිටි නොලැබුණි. අද ඔවුන්ට දරුවන් වෙනුවෙන් කහට උගුරක් සපයා දීමත් ගැටළුවක්. කිරි දෙන මව්වරුන් ගැබිණි මව්වරුන් හට පෝෂ්‍යදායි ආහාර වේලක් තබා කුස පිරෙන්න අහරක් ලබා ගැනීමත් ගැටළුවක්.
තවත් දින කිහිපයකින් පාසල් ආරම්භ කරාවි, නමුත් ඔවුන්ගේ පොත් පත් ජලයෙන් පෙඟී ගොසින්. ගමේ මාර්ග වල තැනින් තැන මඩ වගුරු බවට පත්ව දරුවන්ගේ පාසල් ගමන දුෂ්කර භාවයට පත්ව ඇත. ඔවුන් පානය සඳහා භාවිතා කරන ළිං මුළුමනින්ම අපවිත්‍ර වී ඇත.ඇතැම් දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේද පාද තුවාල විත් වන වී ඇත. පාචනය ආදී රෝගයන් ක්‍රමයෙන් හිස ඔසවමින් ඇත. ඒ අතර මදුරු උවදුරින්ද මිනිසුන් කුඩා දරුවන් පීඩාවට පත්ව ඇත. වගාවන් යලි ඇරඹීමට පොහොර ස්වල්පයකදු නැත. අත මිට ඉතිරි මුදල් මුලික අවශ්‍යතා වෙනුවෙන් දින කිහිපයක් පිරිමසාගැනීමට පුළුවන.
මදක් සිතන්න. ඉන් අනතුරුව මොවුන්ගේ කලදසාව කුමක්ද? එන්න එක් වන්න UCSC අපත් සමග. ඔවුන් වෙනුවෙන් අපි එක් පවුලකට රුපියල් 5000ක් වටිනා සහන මල්ලක් සපයා දීමට ගන්නා උත්සාහයේ කොටස් කරුවකු වන්න. රුපියල් 5000ක් වටිනා සහන මල්ලකට දායක වීම අපහසු නම් ඔබට හැකි ඕනෑම අයුරකින් එක්වන්න අපත් සමග. ඔබ දායක වන්නේ ආධාර නොලැබෙන අන්ත අසරණව සිටින අපේම මිනිසුන්ට..
26 වනදා UCSC අපි යනවා, ආරියගම අසරණ වුනු අපේම මිනිසුන් හොයා ගෙන, හිස් අතින් නොවෙයි,
• රුපියල් 5000ක් වටිනා සහන මළු 400ක්
• මදුරු දැල් 400ක්
• දරුවන් වෙනුවෙන් ලක්ෂයකට වඩා වටිනා අධ්‍යාපන උපකරණ
• උසස්පෙළ සහ සාමාන්‍ය පෙළ දරුවන්ට සටහන්, කෙටි සටහන්, ප්‍රශ්න පත්‍ර ආදිය.
• වෛද්ය සායනය
• පැතිර යන රෝග වලින් ආරක්ෂා විම පිලිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්.
• ළිං පවිත්‍රතා වැඩපිළිවෙල
• නිවාස කාර්මික පිරිසිදුකාරක යොදා පවිත්‍ර කර දීම.
• වකුගඩු පරික්ෂාව
• මාර්ගය පිළිසකර කිරීම.
• සියලු දෙනාහට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාදීම
ඇතුළු සහන සේවා රැසක් දෝතින් අරන්. එන්න එක්වන්න අපත් සමග, ගමක් මුළුමනින්ම ශක්තිමත් කරන්න..
• ආධාර එකතු කිරීම මැයි මස 23,24,25 තෙදින තුළදී කොළඔ විශ්වවිද්‍යාලීය පරිගණක අධ්‍යාතනයේ (UCSC) ආපන ශාලාවේදී.
• මුදල් ආධාර 25 වනදා උදෑසන 10.00ට පෙර 086200171173380 – UCSC students’ union - මහජන බැංකුව, තිඹිරිගස්යාය වෙත යොමු කරන්න.
විමසීම් සඳහා
හසිත : 0717584227
රජිත : 0711227455
සහිරු : 0717555765
https://www.google.lk/maps/place/Ariyagama+Wewa/@7.6236431,79.8041649,12.5z/data=!4m5!3m4!1s0x3ae2cc41d3467b3b:0x49d8ad26f8df6f4e!8m2!3d7.6033333!4d79.8525