ඩ්‍රෝන් එකක් යවන්න අවසර ගන්න හැටි. How to get permission to fly a drone in Sri Lan

nuwancy

Member
Apr 7, 2007
17
8
3
ඩ්‍රෝන් එකක් යවන්න අවසර ගන්න හැටි. How to get permission to fly a drone in Sri Lan

මචංල මම ගොඩක් සර්ච් කලා ලංකාවෙ ඩ්‍රෝන් එකක් යවන්න අවසර ගන්නෙ කොහොමද කියල තේරෙන සිංහලෙන් දැනගන්න ඒත් හම්බුනේ නෑ. අන්තිමට මටම කට්ට කාගෙන හොයාගන්න උනා. මම මේ කියන්න යන්නෙ ඒක කරගත්ත හැටි.

මේ ගැන කලින් පොස්ට් එකක් තිබුන නම් සමාවෙන්න ඕන මගේ සර්ච් එන්ජිමට නම් හම්බුනේ නෑ.

මම මේ කියන්න යන්නෙ ඩ්‍රෝන් එකක් ගන්න අවසර ගන්න එක නෙවි. යවන්න අවසර ගන්න එක. ඒ කියන්නෙ අපිට අපේ මොකක් හරි උත්සවයකට ඩ්‍රෝන් එකක් රෙන්ට් කරන කෙනෙක්ගෙන් ඒ සර්විස් එක ගන්න අවසර ගන්න ඕන විදිය.

(මේ මගුලට අවසර ගන්න ඕන කියල නීති ගේන්න ලොකුවට බලපෑවෙ අර තාජුඩින්ගෙ මිනිය ගොඩගන්න වෙලාවෙ හිරු එකන් ඩ්‍රෝන් එකක් යවපු සීන් එකයි අර එක පාරක් රුවන්වැලි සෑයෙ කොතේ ඩ්‍රොන් එකක් වද්දපු සීන් එකයි තමයි කියලයි කියන්නෙ.)

මුලින්ම නොදන්න කම හින්ද පොලිසි දෙකක රස්තියාදු වෙන්න උනා. ඇත්තටම පොලිස් ස්ථාන මේ ගැන දැනුවත් නෑ. ඕ අයි සී මහත්වුරු පවා දැනගෙන හිටියෙ නෑ. අන්තිමට ඒ එස් පී ගෙන් අහල තමයි කිව්වෙ මුලින් ආරක්ෂක අමතාංශයට යන්න ඕන කියල.

ඇත්තටම ආරක්ශක අමාත්යාංශය කිව්වට අපිට යන්න වෙන්න
ආරක්ශක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට. ඒක තියෙන්නෙ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්තණ ශාලාවෙ (BMICH). ඒකට යන්න කලින් ලියුමක් හදාගෙන යන්න ඕන අවසර ඉල්ලල. ඒකෙ මෙන්න මේ දේවල් සටහන් වෙලා තියෙන්න ඕන.
වග කිවයුතු කෙනාගෙ ඒ කියන්නෙ මේ උත්සවය සංවිධානය කරන කෙනාගෙ නම ලිපිනය සහ හැඳුනුම් පත් අංකය.
ඩ්‍රෝන් එක යවන්න ඕන කරන තැන.
යවන දිනය.
යවන කාල පරාසය.
ඩ්‍රෝන් එක යවන කෙනාගෙ ඒ කියන්න පයිලට්ගෙ නම සහ හැඳුනුම් පත් අංකය.
ඩ්‍රෝන් එකේ බර
ඩ්‍රෝන් එකේ කැමරාවේ විස්තර. (මේගාපික්සල් ගණන.)

මම හදපු ලියුමෙ කොපියක් ඇටෑච් කරන්නම් ඇටෑච් වෙයිද දන්නෙ නෑ.
මේ විදියට ලියුම හදල ගිහින් බාරදුන්නම ඒ එය කියයි කවදද අවසර දෙන්න පුලුවන් කියල. කොහොම උනත් මේ වැඩේ නම් පටන් ගන්න ඕන සති දෙකක් තුනක්වත් කලින්.
කොහොම හරි එතනින් දෙයි අවසර දෙන ලියුමක්. හැබැයි මේක නෙවි අවසර පත්‍රය. මේ අය දෙන්නෙ අදාල ස්ථානයේ ආරක්ශක තත්වය ප්‍රශ්ණයක් නෑ කියන දේ විතරයි. ඒ දෙන ලියුම අරගෙන අපි ඊ ලඟට යන්න ඕන සිවිල් ගුවන් සේවා අධිකාරියට. ඒක තියෙන්නෙ ගංගාරාමෙ පැත්තෙ

සිවිල් ඒවියේෂන් කියල සර්ච් කලාම මැප් එක හොයාගන්න පුලුවන්. ඒකට කම්මැලිනම් ගංගාරාමෙ ඉස්සරහ තියන ඩබ්ලිව් ඒ ඩී රාමණායක මාවතේ ගිහින් වම් පැත්තට තියන දෙවනි පාර ඒ කියන්නෙ හුණුපිටිය පාරට යන්න. ඒකෙ තියෙන්නෙ.
දැං උඹල හිතනව ඇති ආරක්ෂක අමාත්යාංශයෙනුත් අවසර ගත්ත නිසා මේතනින් ටක් ගාල අවසර පත්තරේ දෙයි කියල. නෑ බං මෙතන තමයි හිර වෙන්නෙ.

මෙතෙන්ට ගියාම (ඔක්කොටම කලින් කියන්න ඕන මෙතෙන්ට ගියාම හැඳුනුම් පත තියාගෙන වෙන අයි ඩී කාඩ් එකක් දෙනව. ඒක බෙල්ලෙ දාගෙන යන්න ඕන දෙවනි තට්ටුවට. ගිහින් මම කලා වගේ දොර තල්ලු කරපං. ඇරෙන්නෙ නැත්තම් ඇදපං. ඒත් නැත්තම් බලපං කවුරුවත් ඉන්නවද කියල ලඟ පාත. ඒත් නැත්තම් මම වගේ පොඩ්ඩක් එහෙට මෙහෙට වෙවී හිටපන් කවුරු හරි දොර අරිනකම්. එහම ඉද්දි උඹලට පෙනෙයි එන එව්වො අර බෙල්ලෙ එල්ල ගන්න දීපු කාඩ් එක දොර ලඟ තියන බොක්ස් එකකට අල්ලනව. එතකොට දොර අන්ලොක් වෙනව. දැන් උඹත් නෝන්ඩි නැතුව බෙල්ලෙ එල්ලන් ඉන්න අයි ඩී එක දොරට අල්ලල අන්ලොක් කරගෙන ඇතුලට පල. යන ගමන් ඕන නම් මම වගේ අයි ඩී කාඩ් එක ඔබල බලපන් ඇතුලෙ මුකුත් අහු වෙනවද කියල )

දැං ඇතුලට ගියාම ඇති ධනුක කියල එක්කෙනෙක්. එයාට ගිහින් ඔයෙ ලියුම පෙන්නල කියපන් විස්තරේ. එතකොට එයා අහයි බොහෝම දුක හිතෙන ප්‍රශ්ණයක්. එයා අහයි මේ ඩ්‍රෝන් එක අපේ ආයතනය යටතේ රෙජිස්ටර් කරලද තියෙන්නෙ කියල. ඕක ඉතින් අහන්න දෙයක් නෑ අපේ උන් 1%ක් වත් ඕකෙ රෙගිස්ටර් වෙලා නෑ සුවර්. ඉන් පස්සෙ මිනිහ කියයි මුලින් ඩ්‍රෝන් එක මෙහෙ රෙජිස්ටර් කරන්න ඕන ඊට අමතරව හැම ෆ්ලයිට් එකකටම වෙනම ෆෝම් පුරවල තුන්දාස් ගානක ගාස්තුවක් ගෙවන්නත් ඕන කියල. ඕන නම් ඔය වැඩ දෙකටම ෆෝම් එතනින් ඉල්ලගෙන එන්න පුලුවන්. නැත්තම් එයාලගෙ වෙබ් සයිට් එකේ තියනව කිව්ව ෆෝම් ටික. (මට මතක නෑ තුන්දාස් ගාන ෆ්ලයිට් එකටද නැත්තම් පැයකටද කියල).

ඉතින් ඔතනින් එහාට මොනව වෙනවද මම දන්නෙ නෑ මොකද මම ඩ්‍රෝන් එක රෙන්ට් කරපු කෙනා රෙජිස්ටර් වෙලා තිබුනෙ නෑ. රෙජිස්ටර් වෙලා ඔයෙ ටික කරගන්න කොයිතරම් කාලයක් යයිද දන්නෙ නෑ. රෙජිස්ටර් වෙලා තිබුනත් ෆ්ලයිට් එකට අවසර ගන්නත් දවස් පහක්වත් ඕන කියලයි එතන හිටපු කෙනා කිව්වෙ. මම වැඩේ අත ඇරිය. (ඩ්‍රෝන් එක යැව්වද නැද්ද කියල මම කියන්නෙ නෑ.)
මීට අමතරව අදාල පොලිස් ස්ථානය දැනුවත් කරන්න කියලත් අර ආරක්ෂක අමාත්යාන්ශයෙන් දීපු ලිපියෙ තිබුන. මම ඒ නීති ටිකත් ඇටෑච් කරන්නම්
 

Attachments

  • GetAprovalForDrone-1.jpg
    GetAprovalForDrone-1.jpg
    49.8 KB · Views: 120
  • rule1.jpg
    rule1.jpg
    71.5 KB · Views: 111
  • rule2.jpg
    rule2.jpg
    60.7 KB · Views: 98

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,035
    4,824
    113
    (ඔක්කොටම කලින් කියන්න ඕන මෙතෙන්ට ගියාම හැඳුනුම් පත තියාගෙන වෙන අයි ඩී කාඩ් එකක් දෙනව. ඒක බෙල්ලෙ දාගෙන යන්න ඕන දෙවනි තට්ටුවට. ගිහින් මම කලා වගේ දොර තල්ලු කරපං. ඇරෙන්නෙ නැත්තම් ඇදපං. ඒත් නැත්තම් බලපං කවුරුවත් ඉන්නවද කියල ලඟ පාත. ඒත් නැත්තම් මම වගේ පොඩ්ඩක් එහෙට මෙහෙට වෙවී හිටපන් කවුරු හරි දොර අරිනකම්. එහම ඉද්දි උඹලට පෙනෙයි එන එව්වො අර බෙල්ලෙ එල්ල ගන්න දීපු කාඩ් එක දොර ලඟ තියන බොක්ස් එකකට අල්ලනව. එතකොට දොර අන්ලොක් වෙනව. දැන් උඹත් නෝන්ඩි නැතුව බෙල්ලෙ එල්ලන් ඉන්න අයි ඩී එක දොරට අල්ලල අන්ලොක් කරගෙන ඇතුලට පල. යන ගමන් ඕන නම් මම වගේ අයි ඩී කාඩ් එක ඔබල බලපන් ඇතුලෙ මුකුත් අහු වෙනවද කියල )

    Patta yako matath ohoma wela thiyenawa. Uba ela kollek
     

    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    Machan civil aviation eke register karana eka online karanna puluwan. Form eka fill karala mail karahama eyala register karagannawa. 1 hr athulata api yawapu mail ekata reply karanawa oya minstry if defence approval genai a payments genai okkoma kiyala. Mata mathaka widihata eke tynawa masayak athulata ona taran yawanna puluwan ekata 11,000 da khda gannawa clearence fees. Tawa auruddakatata 30katda kohedo ekakut thibba wage matakai. Habai yawana date eka place eka time eka kalin kiyanna one.
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    ඩ්‍රෝන් එකක් සල්ලි දීල අරන් එ්ක රෙජිස්ටර් කරල ඔක්කොම අවසර ගන්න වැඩ ටික කරගෙන ඉවර වුනාම තමන් කැමති තැනක යවන්න පුලුවන්ද?නැත්තං හැමවෙලාවෙම අවසර ගන්න ඕනෙද යවන්න කලින්?
     

    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    ඩ්‍රෝන් එකක් සල්ලි දීල අරන් එ්ක රෙජිස්ටර් කරල ඔක්කොම අවසර ගන්න වැඩ ටික කරගෙන ඉවර වුනාම තමන් කැමති තැනක යවන්න පුලුවන්ද?නැත්තං හැමවෙලාවෙම අවසර ගන්න ඕනෙද යවන්න කලින්?

    Hama welawakama permision ganna one. Eyala api dena date ekai place ekai time ekai comsider karala balanawa a welawe a hariyen flight schedule wela tynawada vip flights tynawada nattan a range eke monawa hari special function tynawada kiyala. (Ex political meeting wwith vip crew). Ita amatharawa drone yawanna thahanam areas tynawa airport prison wage places langa owa mokutma nattan thamai eyala permision denne.

    Register karanna salli gannne na permision procedure ekata tama salli ganne.
     
    Last edited:

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    Hama welawakama permision ganna one. Eyala api dena date ekai place ekai time ekai comsider karala balanawa a welawe a hariyen flight schedule wela tynawada vip flights tynawada nattan a range eke monawa hari special function tynawada kiyala. (Ex political meeting wwith vip crew). Ita amatharawa drone yawanna thahanam areas tynawa airport prison wage places langa owa mokutma nattan thamai eyala permision denne.

    Register karanna salli gannne na permision procedure ekata tama salli ganne.

    එල එල තෑන්ක්ස්