🌏🔭🌌 දවසේ නාසා වීඩියෝව: 2022 අගෝස්තු 22 - පසුගිය වසර 120 තුළ ගෝලීය උණුසුම ඉහළ ගිය ආකාරය හා එමගින් ඇති වූ දේශගුණික බලපෑම 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,928
    152,811
    113
    dzBDEoI.jpg


    අපගේ පෘථිවියේ උණුසුම ඉහළ යමින් පවතී ද? පෘථිවිය ගෙවන ලද පසුගිය වසර මිලියන 250 ක කාලසීමාවට සාපේක්ෂව වර්ථමානයේදී පෘථිවිය තරමක ශීත කාලසීමාවකට සම්ප්‍රාප්ථ වී ඇති අතර මෙම කාලසීමාවේදී පෘථිවිය මත පවතින උෂ්ණත්වය එහි සාමාන්‍ය අගටය වඩා සෙන්ටිග්‍රේඩ් අංශක 4 කින් පමණ අවම වී තිබේ. ගෙවීගිය වසර 120 ක කාලසීමාව තුළදී ලබාගත් පෘථිවි උෂ්ණත්ව දත්තයන්ගෙන් පෙන්නුම් කරනුයේ එම කාලසීමාව තුළදී පෘථිවියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි. අද දිනයේ නාසා වීඩියෝව ලෙස තෝරාගෙන තිබෙන පහත දැක්වෙන වීඩියෝව මගින් මෑතක සිට පෘථිවිය මත උෂ්ණත්වය ඉහළ යාම සිදුවූ ආකාරය නිරූපණය කරනු ලබන අතර මේ සදහා වූ උෂ්ණත්ව දත්තයන් ලබාගෙන ඇත්තේ 'GISTEMP' (Goddard Institute for Space Studies' Surface Temperature Analysis) නම් ආයතනය මගිනි.

    මෙම උෂ්ණත්ව ඉහළ යාම හේතුවෙන් සිදුවන මුහුදු මට්ටම් ඉහළ යාම, වර්ෂාපථන රටාවන්ගේ සිදුවන වෙනස්වීම් මෙන්ම ධ්‍රැව ආශ්‍රිතව පිහිටි ග්ලැසියර දියවීම වැනි දැඩි පාරිසරික බලපෑම්, පෘථිවිවාසීන් වන අප සියලු දෙනාටම මේ වන විටත් අත් විදීමට සිදුව ඇති අතර අනාගතයේදී මේවායේ බලපෑම් මීටත් වඩා විශාලව ඇතිවිදීමට අපට සිදුවනු ඇති බවට විද්‍යාඥයන්ගේ මතය වී තිබේ. නමුත් ඇතැමෙක් මෙලෙස ගෝලීය උණුසුම වැඩීවීමක් වර්ථමානයේ සිදුවෙමින් පවතින බවට පිළිගැනීම ප්‍රතික්ශේප කරයි. මෙම ගෝලීය උණුසුම ඉහළ යාම පිළිබදව ලෝක නායකයින්ගේ හා ලෝකවාසීන්ගේ අවධානය යොමු කිරීමේ අදහසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධව, ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (World Meteorological Organization - WMO) විසින් 1988 වසරේදී, දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (Intergovernmental Panel on Climate Change - IPCC) පිහිටවනු ලැබූ අතර එහිදී ගෝලීය උණුසුම ඉහළ යාම කෙරෙහි මිනිසාගෙන් සිදුවන බලපෑම පිළිබදව දැඩිව අවධාරණය කොට තිබේ.

    මෙම ගෝලීය උණුසුම ඉහළ යාමේ තත්ත්වය ඉදිරියටත් වර්ධනය වීම සිදුවුවහොත් එමගින් ලෝකයේ කෘෂිකාර්මික අංශයට මෙන්ම ලෝක ආර්ථිකය ද දැඩි අයහපත් බලපෑම් සිදුකරනු ඇති බව ද මෙහිදී අනතුරු අගවා තිබේ. මෙය අවම කර ගැනීම සදහා සරල සැලසුම් භාවිතා කිරීමට වඩා සංකීර්ණ භූ ඉංජිනේරු සැලසුම් හා ව්‍යාපෘති යොදාගැනීම වඩා ඵලදායී විය හැකි අතර කෘතිම වළාකුළු නිර්මාණය කිරීම මගින් පෘථිවිය මත පතිත වන සූර්යාලෝකය අවම කිරීම තුළින් පෘථිවි පෘෂ්ඨයේ උෂණත්වය පහළ හෙලීම මෙවැනි එක් සැලසුමක් සදහා නිදසුනක් ලෙස මෙහිදී දැක්විය හැක.


    Video Credit: NASA's Scientific Visualization Studio







    The Intergovernmental Panel on Climate Change (IPCC)

    The Intergovernmental Panel on Climate Change - Official website




     
    Last edited:

    Similar threads