අපගේ සෞරග්‍රහ මණ්ඩලයට එපිටින් පිහිටා ඇති බවට සොයාගෙන ඇති පිටස්තර ග්‍රහලෝක සංඛ්‍යාව (exoplanets) මේ වන විට 4000 ඉක්මවා ගොස් තිබේ. අද දිනයේ නාසා වීඩියෝව ලෙසින් තෝරාගෙන තිබෙන මෙම වීඩියෝව මගින් 1992 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා සොයාගෙන ඇති මෙවැනි පිටස්තර ග්‍රහලෝකයන් නිරූපණය කරන අතර ඒවා සොයාගත් වසරවල්වල අනුපිළිවෙල අනුව (පෘථිවියේ සිට එම ග්‍රහලෝක දක්වා ශබ්දය හා ආලෝකය ගමන් කළ දුර හා කාලය අනුව) අනුව මෙම ග්‍රහලෝකයන් මෙහිදී දක්වා ඇත. මෙහි දැක්වෙන ක්ෂීරපථය මන්දාකිණියේ වූ මධ්‍ය තීරුව (central band) සම්පීඩිතව දක්වා ඇති හෙයින් එය 'U' හැඩයකින් දිස්වේ. මෙම පිටස්තර ග්‍රහයන් අයත් වන ඒවායේ මව් තාරකාවන්වල වර්ණයෙහි හටගන්නා කුඩා වෙනස්වීමක් (radial velocity) නිරීක්ශනය කිරීම මගින් සොයාගත් ග්‍රහලෝක රෝස පැහැයෙන් දක්වා ඇති අතර එම තාරකාවන්ගේ දීප්තියෙහි මද අඩුවීමක් නිරීක්ශනය කිරීම මගින් සොයාගත් ග්‍රහලෝකයන් දම් පැහැයෙන්ද මෙහිදී නිරූපණය කර තිබේ.
මේ අතර මෙසේ සොයාගත් පිටස්තර ග්‍රහලෝකයන් මෙහි තැඹිලි පැහැයෙන් දක්වා ඇති අතර පසුබිමින් වූ තාරකාවන්ගේ දීප්තිය, ගුරුත්වාකර්ශන විශාලනයකට ලක්කිරීම මගින් සොයාගත් ග්‍රහලෝකයන් කොළ පැහැයෙන් ද දක්වා තිබේ. මේ වන විට විශ්‍රාම ගන්වා තිබෙන චන්ද්‍රිකාවක් වන 'Kepler' චන්ද්‍රිකාවෙහි (Kepler satellite) වූ දුරේක්ෂය (Kepler space telescope) මගින් මෙහි දක්වා ඇති ග්‍රහලෝක 4000 අතරින් ග්‍රහලෝක අඩකට ආසන්න ප්‍රමාණයක් සොයාගැනීම සිදුකර තිබෙන අතර 2018 වසරේදී අභ්‍යවකාශ ගත කරන ලද 'TESS' නම් චන්ද්‍රිකාව මගින් (The Transiting Exoplanet Survey Satellite) අපට ආසන්නයෙන් පිහිටා තිබෙන වෙනත් දීප්තිමත් තාරකාවන් වටා භ්‍රමණය වෙමින් පවතින මෙතෙක් සොයානොගත් ග්‍රහලෝකයන් පිළිබදව ගවේෂණ කටයුතු සිදු කිරීම නාසා ආයතනයේ අනාගත අභිප්‍රාය වී තිබේ. මේ ආකාරයෙන් පිටස්තර ග්‍රහලෝකයන් පිළිබදව ගවේෂණය කිරීම මගින් විශ්වයෙහි වූ ජීවයේ ව්‍යාප්තිය පිළිබදව පමණක් නොව අපගේ පෘථිවිය ඇතුළු සෞරග්‍රහ මණ්ඩලයේ බිහිවීම සිදු වූ ආකාරය පිළිබදව නවමු තොරතුරු සොයාගැනීමට ද අවකාශය සැලසේ.
Video Credit: SYSTEM Sounds (M. Russo, A. Santaguida); Data: NASA Exoplanet Archive
Kepler space telescope
The Transiting Exoplanet Survey Satellite (TESS)
Transiting Exoplanet Survey Satellite
Last edited:
