ශ්‍රී ලංකාවේ රජයේ පාසල් දරුවන්ගෙන් 97%කට අහිමි වී ඇති ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,239
    34,870
    113
    https://www.bbc.com/sinhala/article...OQuzmgjxrfeAAwrAMw_aem_dJz24GRcPUtkM9ZFXEPw-A

    “මගේ දරුවාට ඉංග්‍රීසි භාෂාවෙන් පාසල් විෂයයන් උගන්වන්න හිතුවේ එයාට ඒක පහසු නිසා. දරුවාට සිංහල මාධ්‍යයට වඩා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න එක පහසු යි. ඒත්, ඉස්කෝලේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න අවස්ථාව දෙන්නෙ සීමිත පිරිසකට විතර යි. ඒ විභාගයෙන් මගේ පුතා අසමත් වී තියෙනවා කියනවා. ඒ නිසා මගේ පුතා ලොකු අපහසුතාවකට පත්වෙලා ඉන්නේ,” කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ පිරිමි පාසලක 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුගේ මවක් බීබීසී සිංහල සේවයට සිය අත්දැකීම විස්තර කළේ ය.
    බීබීසී සිංහල සේවය නිරීක්ෂණය කළ පරිදි ඉංග්‍රීසි බසින් පාසල් විෂය ධාරාව ඉගෙන ගැනීම සඳහා දැවැන්ත ඉල්ලුමක් නිර්මාණය වී තිබේ.
    ඊට හේතු ගණනාවක් තිබේ.
    ඉංග්‍රීසි බසින් පෙර පාසල් අධ්‍යාපනය ලබන දරුවන් විශාල සංඛ්‍යාවක් සිටින අතර, නිවසේ ඉංග්‍රීසි බසින් සන්නිවේදනය කරන දරුවන්ගේ සංඛ්‍යාව ද ඉහළ ගොස් සිටීම ඉංග්‍රීසි මාධ්‍යයට වැඩි ඉල්ලුමක් ඇති වීමට බලපායි.
    ඊට අමතරව, ජාත්‍යන්තර භාෂාවක් වන ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබීම හරහා සංවෘත නොවූ අධ්‍යාපනයක් ලැබිය හැකි බවට ද අප සමග අදහස් දැක්වූ ඇතැම් දෙමාපියෝ විශ්වාස කරති.
    තව ද, රජයේ විශ්වවිද්‍යාලවල පවා බොහෝ විෂය ධාරාවන් ඉගැන්වීමේ මාධ්‍යය ඉංග්‍රීසි වී ඇති හෙයින් සිසුන් පාසල් අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලැබීම වාසිසහගත ය.
    අනෙක් අතට, රජයේ විශ්වවිද්‍යාලයකට ප්‍රවේශ වීමට වරම් අහිමි වන සිසුන්ට විදේශීය හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් උපාධියක් හැදෑරීමට සිදුවුවහොත් ඔවුන්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබීමට සිදුවෙයි.
    ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ලැබීමට ඇති ඉල්ලුම ඉහළ යාමට ඉහත කී කරුණු සියල්ල බලපායි.

    ඉල්ලුම සපුරා ගැනීමට සම්පත් ප්‍රමාණවත් නැහැ

    සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස නම් කිරීමත් සමග ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකාවේ දරුවන්ට අහිමි වූ බව බොහෝ විශ්ලේෂකයින් දරන මතයකි.
    ඒ අනුව, ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගැනීමට අවශ්‍ය සිසු සංඛ්‍යාව කෙතරම් ඉහළ ගොස් ඇතත්, එම මාධ්‍යයෙන් ඉගැන්වීම් කළ හැකි ගුරුවරුන්ගේ දැඩි හිඟයක් පවතින බව ගුරු වෘත්තීය සමිති පෙන්වා දෙයි.
    එය වටහා ගැනීම සඳහා උපකාරී වන හොඳ ම නිදසුනක් වන්නේ, ඉහත කී පාසලේ ඉංග්‍රීසි ප්‍රමුඛ ද්විභාෂා අධ්‍යාපනය ලැබීමට 5 ශ්‍රේණියේදී පැවැත්වෙන යෝග්‍යතා පරීක්ෂණය සඳහා 2024 වසරේදී සිසුන් 400 දෙනෙකු පෙනී සිටි අතර, ඉන් තෝරා ගනු ලැබ ඇත්තේ, සිසුන් 180 දෙනෙකු පමණි.
    මේ සම්බන්ධයෙන් පාසල් බලධාරීන් පවසන්නේ, ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්විය හැකි ගුරුවරුන්ගේ හිඟයක් පවතින හෙයින් ඉංග්‍රීසි මාධ්‍ය පන්ති පැවැත්වීමට සිදුව ඇත්තේ, සීමිත සංඛ්‍යාවක් බව ය.
    මේ හේතුවෙන් පිට පළාත්වල සිට ශිෂ්‍යත්ව විභාගය සමත් වී පාසලට පැමිණෙන සිසුන්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබීමේ අවස්ථා අවම බව ඉහත කී පාසලේ ආදි ශිෂ්‍යයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.

    ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය රජයේ පාසල් දරුවන්ගෙන් 3%කට පමණයි

    ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය රජයේ පාසල්වල ඉගෙනුම ලබන දරුවන්ට තවමත් වරප්‍රසාද මට්ටමක පවතී.
    ඊට හේතුව, රජයේ පාසල් සිසුන්ගෙන් 3%කට පමණක් ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය එනම් ද්විභාෂා අධ්‍යාපනය ලැබීම ය.
    ශ්‍රී ලංකාවේ රජයේ පාසල්වල ඉගෙනුම ලබන සිසු සිසුවියන් සංඛ්‍යාව 3,882,688ක් වන අතර, ඒ අතරින් ඉංග්‍රීසි ද්විභාෂා අධ්‍යාපනයට අවස්ථාව හිමිව ඇත්තේ, 120,571 දෙනෙකුට පමණක් බව පසුගිය වසරේ සිදු කළ පාසල් සමීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.
    ප්‍රතිශතයක් ලෙස ගත් කල එය 3%කි.
    එනම්, ශ්‍රී ලංකාවේ රජයේ පාසල්වල සිසුන්ගෙන් 97%කට ම ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය අහිමි වී තිබේ.
    මේ අතර, අදාළ සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ රජයේ පාසල් 10,096ක් අතරින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් කිහිපයක් හෝ උගන්වන පාසල් ඇත්තේ, 799ක් පමණි.
    එය ප්‍රතිශතයක් ලෙස 7%කි.
    BBC

    ‘කිසිදු රජයක් නිසි පියවර අරගෙන නෑ’

    ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපන ක්‍රමයේ ක්‍රියාත්මක වන්නේ ද්විභාෂා මාධ්‍ය අධ්‍යාපන ක්‍රමයකි.
    ඒ අනුව, සියලු විෂයයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් හැදෑරීමට අවස්ථාව හිමි නොවන අතර, පාසල්වල සිටින ගුරුවරුන්ගේ සංඛ්‍යාව අනුව විෂයයන් කිහිපයක් පමණක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් හැදෑරීමට අවස්ථාව හිමි වෙයි.
    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් ප්‍රකාශ කළේ, මේ දක්වා පැවති කිසිදු රජයක් ද්විභාෂා අධ්‍යාපන ක්‍රමය වැඩිදියුණු කිරීමට අවශ්‍ය පියවර නොගත් බව ය.
    “ශ්‍රී ලංකාවේ ගුරුවරුන් ප්‍රධාන වශයෙන් බිහි වෙන්නේ අධ්‍යාපන විද්‍යා පීඨවලින්. මේ විද්‍යා පීඨවල ඉගෙන ගන්න ගුරුවරුන්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමට පුහුණු කළ යුතු යි. ඒ වගේ ම, උපාධිධාරී ගුරුවරුන්ටත් ඉංග්‍රීසි මාධ්‍ය පුහුණුව ලබා දෙන්න පුළුවන්. මේක කරන්න අමාරු වැඩක් නෙවෙයි. නමුත්, කිසි ම ආණ්ඩුවක් මේ වැඩේ කළේ නැහැ. ප්‍රාථමික අංශයේ ඉඳලා අපේ රටේ පාසල්වල ඉංග්‍රීසි විෂය ඉගැන්වුවත් පාසල් අධ්‍යාපනය ඉවර වෙද්දී ඉංග්‍රීසියෙන් කතා කරන්න සහ වැඩ කරන්න පුළුවන් පිරිස ඉතා ම අඩු යි. මේ තත්ත්වය වෙනස් නොකළොත් මේ රට සංවර්ධනය කරන්න බැහැ,” ජෝසෆ් ස්ටාලින් පැවසීය.
    මේ අතර, ලර්න්ඒෂියා ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකා සහ ශ්‍රී ලංකා අධ්‍යාපන සංසදයේ සම සම්බන්ධීකාරකවරියක වූ ආචාර්ය සුජාතා ගමගේ බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, “බලධාරීන් පවතින ක්‍රමය වෙනස් කිරීම බියකින් පසු වන” බව ය.
    “රජයේ පාසල්වල සිසුන්ට සම්පූර්ණයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න අවස්ථාවක් නැහැ. ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න රජයේ පාසල් සිසුන් කිහිප දෙනාටත් අවස්ථාව තියෙන්නේ විෂයයන් කීපයක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න විතර යි. මේක ලංකාවේ පාසල් ශිෂ්‍යයින්ගෙන් 97%කට කරන අසාධාරණයක්. මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ආණ්ඩුවට නිවැරදි තීරණයක් අරගත්තා නම්. ඒත් ගොඩක් බලධාරීන් බයයි මේක වෙනස් කරන්න,” ආචාර්ය සුජාතා ගමගේ පැහැදිලි කළා ය.
    ඇය අවධාරණය කළේ, ජාත්‍යන්තර පාසල්වල සිසුන් සියලු දෙනාට සියලු විෂයයන් (සිංහල/දෙමළ හැර) ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගැනීමට අවස්ථාව දීමටත්, රජයේ පාසල් සිසුන්ට එම අවස්ථාව නොදීමටත් කිසිදු සාධාරණ හේතුවක් නොමැති බව ය.

    ‘පුහුණු කරන ගුරුවරුන්ටත් නිසි අවබෝධයක් නැහැ’

    ද්විභාෂා වැඩසටහනෙහි කොටසක් වශයෙන් ජාතික අධ්‍යාපන ආයතනය සමග එක්ව ආචාර්ය හර්ෂා විජේසේකරගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් මේ සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කළා ය.
    ඇය බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේ, ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය සඳහා ඉතා ඉහළ ඉල්ලුමක් පැවතිය ද, ඊට සරිලන සම්පත් අධ්‍යාපන පද්ධතිය සතුව නැති බව ය.
    “ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල පුහුණු කරන ගුරුවරුන් පවා මේ ගැන නිසි අවබෝධයකින් නෙවෙයි පුහුණු කරන්නේ. සමහරුන්ට ඉංග්‍රීසි භාෂාවත් බැහැ. ඉගැන්වීමේ ක්‍රම ගැනත් කිසි අවබෝධයක් නැහැ. මේ තත්ත්වය වෙනස් කරන්න යෝජනාත් අපි ඉදිරිපත් කරලා තියෙනවා,” ආචාර්ය හර්ෂා විජේසේකර පැවසීය.
    ඇය සඳහන් කළේ, ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන් පුහුණු කිරීම සඳහා විවෘත විශ්වවිද්‍යාලයට අනුබද්ධ පශ්චාත් උපාධි ඉංග්‍රීසි ආයතනයක් ආරම්භ කළ බව ය.
    ඉන් වසරකට ගුරුවරුන් 40කට ශිෂ්‍යත්ව පිරිනැමෙන අතර, මේ වසරේදී එම සංඛ්‍යාව 50 දක්වා ඉහළ දමා තිබේ.

    ‘මේක වෙනස් කොට සැලකීමක්’

    “ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපන ලැබීමට අවශ්‍ය පාසල් සිසුන් සියලු දෙනාට එම අවස්ථාව ලබා දිය යුතු ය,” යන මතය දරන ක්‍රියාකාරිකයෙකු වන පද්මසේන දිසානායක පවසන්නේ, දැනට පවතින ද්විභාෂා ක්‍රමය යටතේ බොහෝ සිසුන් කොන්වීමකට ලක්වන බව ය.
    “ඉංග්‍රීසි මාධ්‍ය සිසුන්, සිංහල මාධ්‍ය සිසුන්, දෙමළ මාධ්‍ය සිසුන් විදිහට පන්ති වෙන් කරලා තියෙන එකත් ඩිස්ක්‍රිමිනේෂන් එකක්. මේකෙන් ලොකු ම අසාධාරණයට ලක්වෙන්නේ, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා කොළඹ පාසල්වලට එන ශිෂ්‍යයින්ට. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ඉංග්‍රීසි පසුබිමක් තියෙන අය නෙවෙයි. ඒ නිසා ඔවුන්ට අසාධාරණයක් සිද්ධ වෙනවා. අනික් පැත්තෙන් ඔවුන් කොන්වීමකට ලක්වෙනවා.”
    මෙම ගැටලුව සම්බන්ධයෙන් වත්මන් රජය දරන ස්ථාවරය කුමක් ද යන්න විමසීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරිය, නියෝජ්‍ය අමාත්‍යවරයා මෙන් ම අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ඇමතීමට ගත් උත්සහයන් ව්‍යර්ථ විය.
     
    • Haha
    Reactions: redux

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,465
    36,399
    113
    මැදමහනුවර
    I also did my grade 6 to A/L schooling in English medium. That experience has been a significant turning point in my life. I never felt incompatible with my colleagues during my time at the office, because of the fact that not being a degree holder, thanks to my proficiency in English.
     
    • Like
    Reactions: Fiona Dabare

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,628
    72,836
    113
    මාලඹේ
    English වලින් ඉගෙන්නුවා නම්.රටේ ජනාධිපති International Media ඉස්සරහා බග් බග් ගාන්නේත් නැහැ
     
    Last edited:
    • Like
    Reactions: Lokka Ayya

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,900
    22,238
    113
    Kaer Morhen
    thewitcher.com
    I also did my grade 6 to A/L schooling in English medium. That experience has been a significant turning point in my life. I never felt incompatible with my colleagues during my time at the office, because of the fact that not being a degree holder, thanks to my proficiency in English.
    I see that lernynge in Englisshe hath wroght a ful good effect upon thee.
     
    • Haha
    Reactions: Fiona Dabare

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අපේ කොල්ලගෙ ඉස්කෝලෙට ඕලෙවල් වලට ඉංග්ලිශ් මීඩියම් ගනන් උගන්නන්ඩ ඉන්නෙ කොල්ලගෙ ක්ලාස් ටීචර් සහ තව එක්කෙනෙක් විතරද කොහෙද. වෙලාවට 6-11 වෙනකන් එක ක්ලාස් එක ගානෙ තියෙන්නෙ ඉංග්ලිශ්. අපේ එකාව වෙලාවට සෙට් උනා මූ ශිෂ්‍යත්වෙන් තුන්වෙනි වටෙන් ගිහිල්ල උනත් ඉංග්ලිශ් මීඩියම් ක්ලාස් එකට යාගන්න. සමහර දරුවොන්ගෙ දෙමවුපියොන්ට කිව්වම උන් කිව්ව ලමය කැනති නෑනෙ කියල බයයි කියන කියල. උන් බලන්නෙ 11 දි ඕලෙවල් රිසල්ට් එක අඩු වෙයි කියල විතරයි. A9 ගන්න බැරිවෙයි කියල බයේ
     

    yom

    Junior member
  • Aug 14, 2011
    92
    94
    18
    Sri Lanka
    මම රජයේ පාසල් වල උසස් පෙළ වෙනකම් (6 වසරේ සිට) ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගත්තේ.
    ඒ කාලේ ගුරුවරුත් අඩුවෙන් හිටියේ. ඇත්තටම කැමති අයට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න දෙන්න ඕනේ.
    අපි ඉතිහාසය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගත්තට ඊට පස්සේ ළමයින්ට ඉතිහාසය ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න බැරි උනා, ආණ්ඩුවල තීරණ නිසා.

    උසස් පෙළ ට ටියුෂන් නම් අමාරුවෙන් හොඳ පන්ති හොයාගත්තේ. මේ කාලේ තියෙනවද දන් නෑ.

    විශ්වවිද්‍යාලයේ පළවෙනි අවුරුද්දේ වැඩ කටයුතු කරගන්න ලේසි උනා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගත්ත එක.
     
    • Like
    Reactions: ITGuy25

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,119
    5,924
    113
    canada
    good. better to do anything gradually with proper plan. not in one day

    other subjects
    • Financial Literacy
    • Coding & Computational Thinking
    • Artificial Intelligence (AI) Ethics
    • Entrepreneurship & Innovation
    • Personal Finance & Investing
    • cooking
    • tax
    • leadership and management
    • Health & Wellness
    one of the main problem with speaking English is that people always laugh when we make mistakes.
    mu suddek wenna yanawa. suddek p*ke aralada manada etc.....

    here too, nobody check if we make mistakes in our native language.



     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,946
    18,063
    113
    එකඟයි. බටහිර රටවල් දියුණු වෙලා තියෙන්නෙ ඒ රටවල් වල ටොයිලට් හෝදන මිනිස්සු පවා ඉංග්‍රීසියෙන් කතා කරන නිසා.
     
    • Haha
    Reactions: Bad_horse

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,001
    113
    උඩරට
    ඕක සිංහලෙන් ටයිප් කොරන්න බැරිද සෑර්. අර බන්ඩ කරපු වැඩේ නිසා මට ඉංගිරීසි මළපොතේ අකුරක් බෑ. :(
    monawa nathath sinhale beraganna meke thaniyama thread dagena dena gemata respect bng ubata

    Sad Doctor Who GIF
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,946
    18,063
    113
    monawa nathath sinhale beraganna meke thaniyama thread dagena dena gemata respect bng ubata

    Sad Doctor Who GIF
    සුදු මහත්තුරුන්ගෙ ගවුරවය වෙනුවෙන් ලාංකික ඔබතුමා කරන කැපවීමත් ඒ මහත්තුරු සෑහෙන අගේ කරනවලු. ලංකාවේ උනාට කමක් නෑලු අයි අයිඩෙන්ටිපයි ඈස් වයිට් කියල කිව්වම එයාලග එක්කෙනෙක් කියල පිලිගන්නවලු. :yes:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,726
    28,827
    113
    ඕනනම් Grade 1 ඉඳන් AL ඉවර වෙනකම් English medium local syllabus. උගනන්න පුළුවන්. ශිෂ්‍යත්වේත් කරලා සිංහලෙන්.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,030
    15,516
    113
    New Zealand
    අපි නම් පොඩි කාලේ විභාග පාස් වෙන්න හරි ඉංගිසි ඉගෙන ගත්තා, ඒකාලේ ඉන්ටනෙට්වත් නෑ. පරන ග්‍රැම පොත් හොයාගෙන, රචනා පොත් කියවලා පාඩම් කරගෙන ගේමක් ගැහුවේ.

    ඒත් දැන් ඉන්න උන්ට මෙච්චර පහසුකම් තිබිලත්, AL general English පේපරේට S එකක් ගන්න බෑ. රිසාල්ට් ආවම ටියුෂන් සර්ලා FB දාන රිසල්ට් කොල දිහා බලද්දි ඒ ළමයගේ ඉංග්‍රීසි ලකුණු දිහා හොදට බලපන්කෝ. 3A ගත්තු ළමයිත් ඉන්නවා ඉංග්‍රීසි ෆේල් , එහෙම නැත්නම් S එකක් තියෙන්නේ. කොතන හරි ලොකු වැරැද්දක් තියනවා බන්.


    මෙන්න මේ පොත් එහෙම අදුරනවා නම් උබලත් දැන් නාකි, කට්ට කාලා ඉංග්‍රීසි ඉගෙන ගත්තු එකෙක් වෙන්නම ඕනි. තව පරණ පොත් ගොඩක් තියනවා. මේ දැම්මේ ටිකක් විතරයි
    images
    3de706d68719711c9486ab4964845eb5.jpg_720x720q80.jpg