🏎️⚠️ බ්‍රිතාන්‍ය ජාතික ෆෝර්මියුලා 1 රථ ධාවන ශූර "Tom Pryce" ට සහ "Race marshal" වරයකුට මරු කැදවූ අති බිහිසුණු ධාවන අනතුර 🏎️😔

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,076
    153,289
    113

    ⚠️ අවවාදයයි!: සංවේදී පුද්ගලයන් නැරඹීමෙන් වළකින්න. ⚠️​



    මේ මාරක ධාවන අනතුර සිද්ධ වෙන්නෙ 1977 අවුරුද්දෙ දකුණු අප්‍රිකාවෙ 'Kyalami' ධාවන පථේදි පැවැත්වුණු "South African Grand Prix" කියන ලෝක ශූරතා ෆෝර්මියුලා 1 ධාවන තරගාවලියෙදි. මේ තරගයේ 22 වටයේදී තරගයට එක්වුණු "Renzo Zorzi" කියන ඉතාලි ජාතික ෆෝර්මියුලා 1 රථ ධාවකයා පදවපු රථයේ ඇතිවුණු කාර්මික දෝෂයක් නිසා සුළු ගිනි ගැනීමක් හටගන්නවා. ඒ නිසා ඔහු රථය ධාවන පථයෙන් බැහැරව තියෙන ප්‍රදේශය ඇතුළෙ නවත්වනවා. කොහොමහරි "Renzo Zorzi" කිසිම ආපදාවක් නොමැතිව ආරක්ෂාකාරීව රථයෙන් ඉවතට එන්න සමත් වෙනවා. මේ රථය නවත්තපු පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තෙ හිටපු "race marshal" ලා දෙන්නෙක් වෙන 25 හැවිරිදි 'Bill' කියන පුද්ගලයත්, 19 හැවිරිදි "Frederik Jansen van Vuuren" එහෙමත් නැත්නම් "Frikkie" කියන පුද්ගලයත් කිලෝග්‍රෑම් 18 ක් විතර බර ගිණි නිවන උපකරණ 2 කුත් (Fire extinguisher) අතැතිව රථයෙ ගින්න නිවන්න ධාවන තරගය පැවැත්වෙන අතරතුර මාර්ගයෙ එහා පැත්තට පනින්න උත්සාහ කරනවා.

    මුලින්ම ධාවන පථෙන් එහා පැත්තට මාරු වුණු 25 හැවිරිදි 'Bill' අනූනවයෙන් වගේ ෆෝර්මියුලා 1 ධාවන රථවල නොවැදි එහා පැත්තට මාරු වෙන්න සමත් වුණත් 19 හැවිරිදි "Frederik Jansen van Vuuren" ට ඒ වාසනාව උදා වෙන්නෙ නෑ. ඒ පැයට කිලෝමීටර 270 ක පමණ වේගෙන් ආපු "Tom Pryce" කියන බ්‍රිතාන්‍ය ජාතික ෆෝර්මියුලා 1 ධාවන ශූරයා පදවපු රථයෙ "Frikkie" ව ගැටීම හේතුවෙනුයි. මේ ගැටීම කොච්චර ප්‍රබල ද කියනවා නම් රථයෙ ගැටීමත් එක්ක "Frikkie" ගෙ ශරීරය නිකන් හැඩයක් නැති කෑලි ගොඩකට කැඩිලා ගිහින් කීප වතාවක්ම කැරකිලා ධාවන පථය පුරාම විසිරිලා යනවා (වීඩියෝ එකේ මුල් තත්පර 15 ඇතුළත සිද්ධිය පෙන්න්නවා). "Frikkie" අරන් ගිය "fire extinguisher" එක ඒ වේගෙන් ම රථය පදවපු "Tom Pryce" හිසේ වදිනවා. ඒ වැදුණු පාරට "Tom Pryce" ඒවෙලේම මිය යන්න ඇති බවයි මරණ පරීක්ෂණේ දි හෙළිවුණේ. මිය ගියපු "Tom Pryce" ගෙ රථය ඒ වේගෙන් ම ගිහින් ධාවන පථයට බාහිරින් තිබ්බ 'Car park' එකකට කඩා වැදිලා ඒ වාහනවලත් ගැටුනට පස්සෙ තමයි නැවතිලා තියෙන්නෙ. වාහනේ ගැටිලා මිය ගියපු "Frikkie" කියන "race marshall" ගෙ මළ සිරුරට කොච්චර හානි වෙලා තිබ්බ ද කියනවා නම් තරග සංවිධායක කාර්ය මණ්ඩලයේ හිටපු කාටවත් මිනිය අදුරගන්න බැරිවෙලා තියෙනවා. කාර්ය මණ්ඩලයෙ ඔක්කොම අය එක තැනකට එක් රැස් කරලා අඩු අය කවු ද කියලා බලද්දි ලු මැරිච්ච "race marshall" ගෙ අනන්‍යතාවය හොයාගන්න පුළුවන් වෙලා තියෙන්නෙ. අනවශ්‍ය විදිහට කලබළ වීමයි, අපරික්ෂාකාරීකමයි නිසා ජීවිත දෙකක් අකාලෙ නැතිවුණෙ ඔන්න ඔහොමයි. :(😔


    අනතුර සිදු වූ දිනය - 1977 මාර්තු 05​


    ⚠️ අනතුරේ වීඩියෝව ⚠️​





    ​

    ​

    අනතුරෙන් මියගිය ධාවන ශූර "Tom Pryce" සහ "Frederik Jansen van Vuuren" නම් 19 හැවිරිදි "race marshal" වරයා​

    xHJ9tj8.jpg

    ​

    ​

    ⚠️
    main-qimg-3a228e39b70ecf450b97fa7b4d11d2b4-lq
    ⚠️



    ​
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,076
    153,289
    113
    arun denna pissone bn. ehema panne. :baffled: :(
    අර දෙන්නා ඕනවට වඩා කළබල වුණා. තරුණ දෙන්නෙක් නිසා සමහර විට 'experience' මදිකම නිසා ඔය වගේ වෙලාවක කල්පනාවෙන් වැඩ කරන එක ගැන එකපාරට ඔළුවට එන්න නැතුවත් නැති. මුලින් පනින කෙනත් දශමෙන් වගෙ වදින්නෙ නැතුව බේරෙන්නෙ. පොරත් වැදුණනන් මරණ ගාණ 4 කට එහා යන්න තිබ්බා. 😑
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,786
    113

    ⚠️ අවවාදයයි!: සංවේදී පුද්ගලයන් නැරඹීමෙන් වළකින්න. ⚠️​



    මේ මාරක ධාවන අනතුර සිද්ධ වෙන්නෙ 1977 අවුරුද්දෙ දකුණු අප්‍රිකාවෙ 'Kyalami' ධාවන පථේදි පැවැත්වුණු "South African Grand Prix" කියන ලෝක ශූරතා ෆෝර්මියුලා 1 ධාවන තරගාවලියෙදි. මේ තරගයේ 22 වටයේදී තර්ගයට එක්වුණු "Renzo Zorzi" කියන ඉතාලි ජාතික ෆෝර්මියුලා 1 රථ ධාවකයා පදවපු රථයේ ඇතිවුණු කාර්මික දෝෂයක් නිසා සුළු ගිනි ගැනීමක හටගන්නවා. ඒ නිසා ඔහු රථය ධාවන පථයෙන් බැහැරව තියෙන ප්‍රදේශය ඇතුළෙ නවත්වනවා. කොහොමහරි "Renzo Zorzi" කිසිම ආපදාවක් නොමැතිව ආරක්ෂාකාරීව රථයෙන් ඉවතට එන්න සමත් වෙනවා. මේ රථය නවත්තපු පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තෙ හිටපු "race marshal" දෙන්නෙක් වෙන 25 හැවිරිදි 'Bill' කියන පුද්ගලයත්, 19 හැවිරිදි "Frederik Jansen van Vuuren" එහෙමත් නැත්නම් "Frikkie" කියන පුද්ගලයත් කිලෝග්‍රෑම් 18 ක් විතර බර ගිණි නිවන උපකරණ 2 කුත් (Fire extinguisher) අතැතිව රථයෙ ගින්න නිවන්න ධාවන තරගය පැවැත්වෙන අතරතුර මාර්ගයෙ එහා පැත්තට පනින්න උත්සාහ කරනවා.

    මුලින්ම ධාවන පථෙන් එහා පැත්තට මාරු වුණු 25 හැවිරිදි 'Bill' අනූනවයෙන් වගේ ෆෝර්මියුලා 1 ධාවන රථවල නොවැදි එහා පැත්තට මාරු වෙන්න සමත් වුණත් 19 හැවිරිදි "Frederik Jansen van Vuuren" ට ඒ වාසනාව උදා වෙන්නෙ නෑ. ඒ පැයට කිලෝමීටර 270 ක පමණ වේගෙන් ආපු "Tom Pryce" කියන බ්‍රිතාන්‍ය ජාතික ෆෝර්මියුලා 1 ධාවන ශූරයා පදවපු රථයෙ "Frikkie" ව ගැටීම හේතුවෙනුයි. මේ ගැටීම කොච්චර ප්‍රබල ද කියනවා නම් රථයෙ ගැටීමත් එක්ක "Frikkie" ගෙ ඇග නිකන් හැඩයක් නැති කෑලි ගොඩට කැඩිලා කැරකිලා ධාවන පථය පුරාම විසිරිලා යනවා (වීඩියෝ එකේ මුල් තත්පර 15 ඇතුළත සිද්ධිය පෙන්න්නවා). "Frikkie" අරන් ගිය "fire extinguisher" ඒ වේගෙන් ම රථය පදවපු "Tom Pryce" හිසේ වදිනවා. ඒ වැදුණු පාරට "Tom Pryce" ඒවෙලේම මිය යන්න ඇති බවයි මරණ පරීක්ෂණේ දි හෙළිවුණේ. මිය ගියපු "Tom Pryce" ගෙ රථය ඒ වේගෙන් ම ගිහින් ධාවන පථයට බාහිරින් තිබ්බ 'Car park' එකකට කඩා වැදිලා ඒ වාහනවලත් ගැටුනට පස්සෙ තමයි නැවතිලා තියෙන්නෙ. වාහනේ ගැටිලා මිය ගියපු "Frikkie" කියන "race marshall" ගෙ මළ සිරුරට කොච්චර හානි වෙලා තිබ්බ ද කියනවා නම් තරග සංවිධායක කාර්ය මණ්ඩලයේ හිටපු කාටවත් මිනිය අදුරගන්න බැරිවෙලා තියෙනවා. කාර්ය මණ්ඩලයෙ ඔක්කොම අය එක තැනකට එක් රැස් කරලා අඩු කවු ද කියලා බලද්දි ලු මැරිච්ච "race marshall" ගෙ 'identy' එක හොයාගන්න පුළුවන් වෙලා තියෙන්නෙ. අනවශ්‍ය විදිහට කලබළ වීමයි, අපරික්ෂාකාරීකමයි නිසා ජීවිත දෙකක් අකාලෙ නැතිවුණෙ ඔන්න ඔහොමයි. :(😔


    අනතුර සිදු වූ දිනය - 1977 මාර්තු 05​


    ⚠️ අනතුරේ වීඩියෝව ⚠️​





    ​

    ​

    අනතුරෙන් මියගිය ධාවන ශූර "Tom Pryce" සහ "Frederik Jansen van Vuuren" නම් 19 හැවිරිදි "race marshal" වරයා​

    xHJ9tj8.jpg

    ​

    ​

    ⚠️
    main-qimg-3a228e39b70ecf450b97fa7b4d11d2b4-lq
    ⚠️



    ​

    එක accident එකක් තියෙනවා, ඩයල් එකේ ඔලුව හෙල්මට් එකත් එක්ක වෙන්වෙලා යනවා.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,523
    36,488
    113
    මැදමහනුවර
    මන් බලන් හිටියා කැඩිච්ච වාහනෙ තව එකක් ඇවිත් වදියිද කියලා. අරුන් දෙන්න ඔහොම පාර පැනලා ඇති ඔයිට කලින්
     
    • Like
    Reactions: Mugen

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,824
    8,567
    113
    ඔය වගේම අමතක නොවන තවත් එකක් මගේ හිතේ තාම තියෙනවා කොලොම්බියා සටල් ඩිසාඅටර් එක. ඔකේ සට්ල් එක කුඩු වෙනකම්ම ඇතුලේ ඉන්දියන් කෙල්ල කරපු විඩියෝ එක තියෙනව බලන්න වටින එකක්.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,523
    36,488
    113
    මැදමහනුවර
    ඔය වගේම අමතක නොවන තවත් එකක් මගේ හිතේ තාම තියෙනවා කොලොම්බියා සටල් ඩිසාඅටර් එක. ඔකේ සට්ල් එක කුඩු වෙනකම්ම ඇතුලේ ඉන්දියන් කෙල්ල කරපු විඩියෝ එක තියෙනව බලන්න වටින එකක්.
    Challenger?
     
    • Like
    Reactions: netnet

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,076
    153,289
    113
    ඔය වගේම අමතක නොවන තවත් එකක් මගේ හිතේ තාම තියෙනවා කොලොම්බියා සටල් ඩිසාඅටර් එක. ඔකේ සට්ල් එක කුඩු වෙනකම්ම ඇතුලේ ඉන්දියන් කෙල්ල කරපු විඩියෝ එක තියෙනව බලන්න වටින එකක්.
    ඔක්කොටම වඩා දුක හිතෙන්නෙ කොලොම්බියා ෂටල් එකත් එක්ක communication එක නැති වුනායින් පස්සෙ ඔය මිෂන් එකේ entry flight director විදිහට හිටපු Leroy E. Cain පෙන්නපු රියැක්ෂන් එක දැක්කම.