☀️ සූර්ය කිරණ අවහිර කිරීම මගින් ගෝලීය උණුසුම ඉහළ යාම අවම කිරීම සදහා "Stardust Solutions" සමාගම විසින් දියත් කිරීමට සැරසෙන ආන්දෝලනාත්මක ව්‍යාපෘතිය 🌏❓

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,904
    152,739
    113
    වර්තමානයේ ලෝකයේ පවතින ප්‍රධානතම වගේම ගොඩක් දෙනෙක් අතර මතභේදයට තුඩු දීලා තිබෙන මාතෘකාවක් විදිහට "ගෝලීය උණුසුම" ඉහළ යාම එහෙමත් නැත්නම් "global warming' කියන කාරණය හදුන්වන්න පුළුවන්. මේ ගෝලීය උණුසුම ඉහළ යාම අවම කිරීමට නව තාක්ෂණික ක්‍රම්වේදයන් නිර්මාණය කිරීමේ අරමුණින් 2023 වසරෙදි ආරම්භ කරපු "Solar geoengineering" ක්ෂේත්‍රයට සම්බන්ධ ඊශ්‍රායල-එක්සත් ජනපද සමාගමක් වෙන "Stardust Solutions" මගින් මේ සදහා සුවිශේෂ විසදුමක් ඉදිරිපත් මේ වෙනකොට සැලසුම් කරමින් ඉන්නවා.

    ඊශ්‍රායලයට අමතරව ඇමරිකා එක්සත් ජනපදයේ හවුල්කාරීත්වයත් ඇතුව ක්‍රියාත්මක වෙන මේ "Stardust Solutions" සමාගම විසින් පෘථිවියට පතිත වෙන සූර්ය කිරණ යම් කෙටි කාලසීමාවකට අවහිර කරලා පෘථිවියේ උණුසුම තාවකාලිකව අවම කරන්න පුළුවන් සුවිශේෂ ක්‍රමවේදයක් තමයි මෙහිදී භාවිතා කරන්න සැලසුම් කරලා තියෙන්නේ. ගිනි කඳු පිපිරීම්වලදි සල්ෆර් ඩයොක්සයිඩ් විදිහට නිකුත් වෙන සල්ෆේට් අංශුවල (sulfate aerosols) ක්‍රියාකාරීත්වයට සමාන, එහෙත් සල්ෆේට් නොවන, පරිසරයට සහ මිනිසාට විෂ නොවෙන විශේෂ "එයර්සොල් අංශු" විශේෂයක් (proprietary reflective aerosol particles) "Stardust Solutions" සමාගම විසින් නිපදවලා මේ වෙනකොට විද්‍යාගාර මට්ටමින් සාර්ථකව අත්හදා බලලා තියෙනවා. මේ අංශු ගුවන් යානා සහ විශාල බැලූන යොදාගෙන පෘථිවි වායෝගෝලයට අයත් ඉහළ ස්ථරයක් වෙන "අපරිවර්තී ගෝලයේ" (stratosphere) විසුරුවා හැරීම මගින් පෘථිවියේ උණුසුම අඩුකරන ක්‍රමවේදයක් ඔවුන් මෙහිදී යොදාගන්නවා.


    "Solar geoengineering" කියන්නෙ මොකද්ද කියන එක ගැන අවබෝධයක් ගන්න මේ වීඩියෝ එක බලන්න.





    ඔවුන් මෙහිදී භාවිතා කරන්න සැලසුම් කරලා තියෙන මේ විශේෂ ක්‍රමවේදය "Stratospheric Aerosol Injection (SAI)" කියන නමින් තමයි හදුන්වන්නේ. මේ අපරිවර්තී ගෝලයේ විසුරුවා හරින මේ විශේෂ "එයර්සොල් අංශු" මගින් පෘථිවියට පැමිණෙන සූර්ය කිරණවලින් යම් ප්‍රමාණයක් දර්පණයක් ක්‍රියා කරන ආකාරයෙන් ආකාරයෙන් නැවත හරවා යැවීමක් (Sunlight Reflection Technology - SRT) මෙහිදී සිදු කරන අතරම මේ පෘථිවියට පතිත වෙන සූර්ය කිරණ ප්‍රමාණය අවම කිරීමට සාපේක්ෂව පෘථිවියේ උෂ්ණත්වය පහළ දැමීමක් මේ ක්‍රම්වේදයෙදි සිද්ධ කරනවා.


    Gristey-diffusion-brightening_Jan2025-copy-1-1024x720.png


    වැඩිදුර විස්තර




    1815 වසරෙදි ඉන්දුනිසීයාවේ පිහිටලා තියෙන "Mount Tambora" කියන ගිනිකන්ද පිපිරී යාමත් එක්ක නිකුත් වුණු සල්ෆර් ඩයොක්සයිඩ් වායුව මගින් නිර්මාණය කරපු "reflective aerosol clouds" වලින් පෘථිවියට පතිත වුණු සූර්ය කිරණ අවහිර කරපු නිසා පෘථිවියේ උනුසුම සෙල්සියස් අංශක 3 ක වගේ ප්‍රමාණයකින් හදිසියේ පහළ යාම සිදු වුණා. මේ සූර්ය කිරණ අවහිර කිරීම ලෝකයට කොයිතරම් බලපෑමක් කරා ද කියනවනම් මේ සිදුවීම නිසා 1816 වසර හැදින්වුයේ 'ගිම්හානයක් නැති වසර" (Year Without a Summer) විදිහටයි මේ උෂ්ණත්වය පහළ යාම පෘථිවියේ උත්තර අර්ධ ගෝලයේ රටවලට තමයි ලොකුම බලපෑමක් සිද්ධ කළේ. මේ හේතුවෙන් ඒ කලාපවල තිබුණු වගාවන්ට විශාල හානියක් පමුණවන්න වගේම වගේම අසාමාන්‍ය විදිහෙ කාලගුණ, දේශගුණ තත්ත්වයන් රාශියක් ඇතිකරන්නත් සමත් වුණා.

    "Mount Tambora" ගිනිකන්ද

    25COVER-2-superJumbo-v2.jpg


    Mount-Tambora-eruption-much-island-weather-Sumbawa-April-5-1815.jpg


    ඊශ්‍රායල පරමාණුක බලශක්ති කොමිසමේ නියෝජ්‍ය ප්‍රධාන පර්යේෂණ විද්‍යාඥවරයා විදිහට කටයුතු කරපු "Yanai Yedvab" ත්, ඊශ්‍රායල රජයට සම්බන්ධ භෞතික විද්‍යාඥයෙක් වෙන "Amyad Spector" සහ "Weizmann Institute of Science" හි අංශු භෞතික විද්‍යාව පිළිබද මහාචාර්යවරයෙක් විදිහට කටයුතු කරන "Eli Waxman" විසිනුත් මූලිකත්වය අරන් ආරම්භ කරපු මේ "Stardust Solutions" සමාගමේ මේ "ගෝලීය උණුසුම කිරීමේ ව්‍යාපෘතිය" සදහා ඩොලර් මිලියන 75 කට අධික මූල්‍ය ප්‍රතිපාදන එක්රැස් කරගන්නත් මේ වෙන්කොට සමත් වෙලා තියෙනවා.

    කොහොම නමුත් ලෝ වටා ඉන්න විද්‍යාඥයන් රාශියකගෙන් මේ ව්‍යාපෘතියට එරෙහිව විශාල විවේචනයක් වගේම විශාල විරෝධයක් එල්ල වෙන්නත් මේ වෙනකොට පටන් අරන් තියෙනවා. මේ ව්‍යාපෘතිය නිසා පෘථිවියේ කාලගුණික, දේශගුණික රටාවන්ට ඉතාමත් අහිතකර විදිහෙ බලපෑම් එල්ල වෙන්න පුළුවන් බවයි ඔවුන්ගේ අදහස වෙලා තියෙන්නේ.

    මේ ව්‍යාපෘතිය නිසා ඇතිවෙන්න පුළුවන් ඉහළ අවදානමක් තියෙන ප්‍රධාන ගැටළු කීපයක් විදිහට,


    1. පෘථිවි වායුගෝලය තුළ හරිතාගාර වායු ඉහළ මට්ටමක පවතින අවධියක මේ "Stratospheric Aerosol Injection (SAI)" ක්‍රියාවලිය හදිසියේ නතර කළොත් පෘථිවියේ උෂ්ණත්වය අසාමාන්‍ය විදිහට සීඝ්‍රයෙන් ඉහළ යන්න තියෙන අවදානම.

    2. ආසියානු, අප්‍රිකානු කලාපවල සංවහන වර්ෂා රටාවලට එල්ල කරන්න පුළුවන් අහිතකර බලපෑම.
    3. උතුරු අත්ලාන්තික් කලාපවල ඇතිවෙන හරිකේන් කුණාටුවල ප්‍රබලතාවය සීඝ්‍රයෙන් ඉහළ යාම.
    4. වායු දූෂණය සහ ඔස්සෝන් ස්ථරයට සිදුකරන අහිතකර බලපෑම්.
    5. සාගර ආම්ලීකරණය සිදුවන වේගය සීග්‍රයෙන් ඉහළ යාම.

    ඔවුන් විසින් මෙහිදී ඉදිරිපත් කරලා තියෙනවා.

    මීට අමතරව මේ ව්‍යාපෘතිය නිසා ලෝකයේ දේශපාලනික වශයෙන් වගේම රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඇති කරන්න පුළුවන් ගැටළු වගේම මේ ව්‍යාපෘතිය මෙහෙයවන "Stardust Solutions" සමාගම මූල්‍ය පරමාර්ථය පමණක් පදනම් කරගෙන විනිවිදභාවයකින් තොරව මේ කටයුත්ත සිද්ධ කරනවා කියලත් මේ වෙනකොට සමහර පාර්ශවවලින් විවේචන වගේම චෝදනා රාශියකුත් එල්ල වෙලා තියෙනවා. කොහොම වුණත් 2026 වසරේ අප්‍රේල් මාසයේදි ඉදලා 2030 වසරේ අගභාගය වෙනකම් මේ ව්‍යාපෘතියේ මෙහෙයුම කටයුතු බාහිර පරිසරය යොදාගෙන කුඩා පරිමාණයෙන් ආරම්භ කරන්න "Stardust Solutions" සමාගම මේ වෙනකොට සැලසුම් කරලා තියෙන අතරම 2035 වසරේදී ලෝක ව්‍යාප්ථ විදිහට මහා පරිමාණයෙන් මේ "ගෝලීය උණුසුම අවම කරන ව්‍යාපෘතිය" දියත් කරන්නයි ඔවුන් බලාපොරොත්තුවෙන් ඉන්නෙ. ඉදිරි කාලයෙදි මේ ව්‍යාපෘතියේ සාර්ථක, අසාර්ථකභාවය පිළිබදව තවත් වැඩි විස්තර දැනගන්න අපිට බොහෝදුරට අවස්ථාව ලැබේවි.



    ✍️☀️ සටහන සහ ලිපිය සැකසුම: @Stimulus mind 🌏✍️

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    මේකෙන් ලංකාව වගේ රටවල් වලට වින්ටර් එකක් එන්න පුළුවන් කියල අනතුරු ඇඟවීමක් කරලා තිනවා වහාම අනුර මේවට එරෙහි වෙන්න ඕන
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,291
    1
    50,821
    113
    ප*යාගල
    sorry.com
    මේ වගේ ෆිල්ම් එකක් තිබ්බා. රස්නෙ අඩු කරන්න පාටිකල් වගයක් යවලා අන්තිමේදි මුලු පෘතූවිය ම Dark/Freeze වෙනව

    • Snowpiercer (2013): Humanity's attempt to counteract climate change by releasing cooling particles into the atmosphere backfires, causing an ice age.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,592
    53,834
    113
    Colombo
    මේ වගේ ෆිල්ම් එකක් තිබ්බා. රස්නෙ අඩු කරන්න පාටිකල් වගයක් යවලා අන්තිමේදි මුලු පෘතූවිය ම Dark/Freeze වෙනව

    • Snowpiercer (2013): Humanity's attempt to counteract climate change by releasing cooling particles into the atmosphere backfires, causing an ice age.

    The Matrix මතක් උනා ගුපියො :shocked: :(
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,627
    2,134
    113
    ඉස්සර පොඩි කාලේ විජය පත්තරේ සයන්ටිෆික් ෆික්ශන් ශෝර්ට් ස්ටෝරි එකක මේ වගේ සීන් එකක් තිබුනා.
    සූර්‍යාගෙ කිරණ් ආවරණය කරන පැනල් එකක් ගැන..
    ඒක දාලා ශටල් එක ආපහු එනකොට මෙහෙ කෙල වෙලා .. 😁