අපි ජීවත් වෙන්නේ තාක්ෂණික ලෝකයක. ඔබ මේ ලිපිය කියවන්නේ ස්මාර්ට් ජංගම දුරකථනයකින් හෝ ලැප්ටොප් එකකින් විය හැකියි. අපි හිතාගෙන ඉන්නේ පරිගණක තාක්ෂණය කියන්නේ 20 වැනි සියවසේ මහා සොයාගැනීමක් කියලයි. චාල්ස් බැබේජ්, ඇලන් ටියුරින් වැනි අය තමයි මේවායේ පියවරුන් කියලා අපි ඉගෙන ගෙන තියෙනවා.
නමුත්, මම ඔබට කිව්වොත්...
අදින් වසර 2000කටත් එහා අතීතයේ, එනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උපත ලබන්නත් පෙර, ග්‍රීසියේ විසූ මිනිසුන් අතේ "පරිගණකයක්" තිබුණා කියලා?
ඒක නිකම්ම නිකන් ගණක රාමුවක් නෙවෙයි.ග්‍රහලෝකවල පිහිටීම, සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ සහ ඔලිම්පික් උත්සව පවත්වන දින වකවානු පවා වසර ගණනකට කලින් පුරෝකථනය කළ හැකි, අතිශය සංකීර්ණ යාන්ත්‍රික මොළයක්.
මේ කතාව ඇහුවම "මේක වෙන්න බැරි දෙයක්" කියලා ඔබට හිතෙන්න පුළුවන්. නමුත් ඉතිහාස පොත් නැවත ලියන්නට සිදුවූ, විද්‍යාඥයින්ගේ ඔළුවලට "පිස්සු හැදුණු" ඒ මහා සොයාගැනීම, 'ඇන්ටික්යිතෙරා යන්ත්‍රය' (Antikythera Mechanism) ගැන සම්පූර්ණ කතාවයි මේ.
කතාව ආරම්භ වෙන්නේ 1900 වර්ෂයේ වසන්ත කාලයේදී. ග්‍රීක දූපත් අතර සැරිසරමින් මුහුදු ස්පොන්ජ් (ස්වාභාවික මුහුදු පැලෑටි විශේෂයක්) කඩන ධීවර බෝට්ටුවක් ඊජියන් මුහුදේ යාත්‍රා කරමින් තිබුණා. මේ බෝට්ටුවේ කපිතාන්වරයා වුණේ 'දිමිත්‍රියෝස් කොන්ටොස්'.
හදිසියේම මුහුදේ ස්වභාවය වෙනස් වුණා. දරුණු කුණාටුවක් හමා එන්නට පටන් ගත්තා. තමන්ගේ ජීවිතත්, බෝට්ටුවත් බේරාගන්න නම් කොහේ හරි ආරක්ෂිත තැනක නවතින්න වෙන බව කපිතාන්වරයා තේරුම් ගත්තා.
ඔවුන් නැංගුරම් දැම්මේ ග්‍රීසියේ ක්‍රීට් දූපතට සහ පෙලොපොනිස් අතර මැද පිහිටි කුඩා, පාළු දූපතක් අසල. ඒ දූපතේ නම 'ඇන්ටික්යිතෙරා' (Antikythera).
කුණාටුව පහව යනකම් නිකන් ඉන්න බැරි තැන, කපිතාන්වරයා තීරණය කළා මේ දූපත අයිනේ මුහුද පතුලේ ස්පොන්ජ් තියෙනවාද කියලා බලන්න. 'එලියස් ස්ටැඩියාටිස්' කියන තරුණ ධීවරයා කිමිදුම් ඇඳුම ඇඳගෙන, ඔක්සිජන් බටය කටේ ගහගෙන ගැඹුරු මුහුදට බැස්සා.
මිනිත්තු කිහිපයකට පසුව එලියස් වතුර මතුපිටට ආවේ භයෙන් වෙවුලමින්. ඔහු තමන්ගේ හෙල්මට් එක ගලවලා කෑගැහුවා.
"කපිතාන්! එතන මළමිනී ගොඩක්! අශ්වයෝ... ගැහැණු... මිනිස්සු... ඔක්කොම කුණු වෙලා, ගොඩ ගැහිලා!"
කපිතාන්වරයා හිතුවේ එලියස් නයිට්‍රජන් විෂ වීමක් (Deep sea drunkenness) නිසා විකාර දොඩවනවා කියලයි. ඒ නිසා කපිතාන්වරයාම මුහුදට බැස්සා. එලියස් දැකපු දේ දැක්කම කපිතාන්වරයාගේ ඇස් උඩ ගියා. එතන තිබුණේ මළමිනී නෙවෙයි. මීට වසර දහස් ගණනකට පෙර ගිලී ගිය දැවැන්ත රෝම වෙළඳ නෞකාවක නටබුන්. එලියස් "කුණු වුණු මළමිනී" කියලා දැකලා තිබුණේ මුහුදු පතුලේ විසිරී තිබුණු අලංකාර ලෝකඩ සහ කිරිගරුඬ ප්‍රතිමා.
ඔවුන් වහාම මේ ගැන ග්‍රීක රජයට දැනුම් දුන්නා. ඉන්පසුව සිදුවුණේ ලෝක ඉතිහාසයේ පළමු ප්‍රධාන පෙළේ දිය යට පුරාවිද්‍යා ගවේෂණයයි. ඔවුන් එතැනින් අති විශාල ප්‍රතිමා, ආභරණ, කාසි සහ වීදුරු භාණ්ඩ ගොඩගත්තා.
මේ වටිනා කියන රත්තරන් සහ ප්‍රතිමා අස්සේ, පෙට්ටියක් වැනි හැඩයක් තිබුණු, මුහුදු පැලෑටි සහ කොරල්පර වලින් වැසී ගිය, කොළ පාටට හැරුණු ලෝකඩ කෑල්ලකුත් තිබුණා. බැලූ බැල්මට ඒක පෙනුණේ නිකම්ම නිකන් ගලක් වගේ. කවුරුත් ඒක ගණන් ගත්තේ නෑ. ඒක කෞතුකාගාරයේ අඳුරු කාමරයක මුල්ලකට වීසි වුණා.
ඒ "ගල" ඇතුලේ මුළු මනුෂ්‍ය ඉතිහාසයම වෙනස් කරන රහසක් සැඟවී ඇති බව දැනගන්න ඊට පස්සේ අවුරුදු 50ක් ගත වුණා.
1950 දශකයේදී, විද්‍යා ඉතිහාසඥයෙක් වූ 'ඩෙරෙක් ජේ. ද සොලා ප්‍රයිස්' (Derek J. de Solla Price) මේ අමුතු ලෝකඩ කැබැල්ල ගැන උනන්දු වුණා. කාලයත් එක්ක මේ ලෝකඩ කැබැල්ල කොටස් කිහිපයකට කැඩිලා තිබුණේ. ප්‍රයිස් තීරණය කළා මේක එක්ස් කිරණ (X-ray) සහ ගැමා කිරණ පරීක්ෂාවකට ලක් කරන්න.
ප්‍රතිඵලය දැකපු විද්‍යාඥයින්ට තමන්ගේ ඇස් අදහාගන්න බැරි වුණා.
ඒ ගල් ගැසුණු ලෝකඩ කුට්ටි ඇතුලේ තිබුණේ එකිනෙකට ඉතා සියුම්ව සම්බන්ධ කරන ලද දැති රෝද (Gears) පද්ධතියක්!
නිකමට හිතන්න, මේ නෞකාව ගිලී තිබුණේ ක්‍රිස්තු පූර්ව 60 දී පමණ. මේ යන්ත්‍රය හදලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 150 - 100 අතර කාලයේ. ඒ කියන්නේ අනුරාධපුර යුගයේ මුල් භාගයේදී වගේ. ඒ කාලේ කොහොමද මෙච්චර සංකීර්ණ දැති රෝද තාක්ෂණයක් තිබුණේ?
අපිට ඔරලෝසු සහ දැති රෝද යන්ත්‍ර ගැන ඉතිහාසයේ හමුවෙන්නේ 14 වැනි සියවසේ යුරෝපයෙන්. ඊට අවුරුදු 1400 කට කලින් ග්‍රීකයන් මේ තාක්ෂණය දැනගෙන හිටියා කියන එක හරියට "ටූටන්කාමන් රජුගේ සොහොන ඇතුලේ තිබිලා ජෙට් යානයක් හම්බුණා" වගේ කතාවක්.
2005 වසරේදී, මයිකල් එඩ්මන්ඩ්ස් සහ ටෝනි ෆ්‍රීත් ඇතුළු ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායමක් අති නවීන 3D X-ray තාක්ෂණය (Microfocus X-ray Computed Tomography) පාවිච්චි කරලා මේකේ ඇතුළාන්තය සම්පූර්ණයෙන්ම ස්කෑන් කළා. ඒ දත්ත පාවිච්චි කරලා ඔවුන් මේ යන්ත්‍රයේ ඩිජිටල් ආකෘතියක් හැදුවා.
එතකොට තමයි මේකේ නියම ස්වභාවය එළියට ආවේ. මේක නිකන්ම සෙල්ලම් බඩුවක් නෙවෙයි. මේක විශ්වය නිරූපණය කරන යන්ත්‍රයක්!
මේ යන්ත්‍රයේ ප්‍රධාන අරමුණ වුණේ අහසේ ග්‍රහලෝක වල ගමන් මාර්ගය ගණනය කිරීම. මේ සඳහා ඔවුන් පාවිච්චි කරපු ගණිතය අදටත් පුදුම සහගතයි.
1. මෙටොනික් චක්‍රය (The Metonic Cycle)
පුරාණ ග්‍රීකයන්ට තිබුණු ලොකුම ගැටලුවක් තමයි සූර්ය දින දර්ශනය සහ චන්ද්‍ර දින දර්ශනය ගැළපීම.
* සූර්ය වර්ෂයකට දින 365.242 ක් තියෙනවා.
* චන්ද්‍ර මාසයකට (අමාවක සිට අමාවක දක්වා) දින 29.53 ක් තියෙනවා.
මේ දෙක එකට යන්නේ නෑ. නමුත් ග්‍රීක තාරකා විද්‍යාඥයින් සොයාගත්තා "මෙටොනික් චක්‍රය" කියලා රටාවක්. ඒ කියන්නේ හරියටම අවුරුදු 19ක් ගත වෙනකොට, සූර්ය වර්ෂ සහ චන්ද්‍ර මාස නැවත එකම තැනකදී හමුවෙනවා.
ගණිතමය වශයෙන් මෙය මෙසේ දැක්විය හැකියි.
19 Solar Years ≈ 235 Synodic Months (Lunar Months)
මේ යන්ත්‍රය හදපු ඉංජිනේරුවාට තිබුණු අභියෝගය තමයි, මේ "19 ට 235" අනුපාතය යාන්ත්‍රිකව නිරූපණය කරන එක. පුදුමය කියන්නේ, එක්ස් කිරණ ඡායාරූප වල දකින්න ලැබුණා මේ යන්ත්‍රයේ ප්‍රධාන දැති රෝදයේ හරියටම දැති 235ක් තිබුණු බව! ඔවුන් මේ රෝදය කරකවලා අවුරුදු 19ක දින දර්ශනයක් ස්වයංක්‍රීයව පෙන්නුම් කරන්න සලස්වලා තිබුණා.
2. සරොස් චක්‍රය (The Saros Cycle) - ග්‍රහණ පුරෝකථනය
සූර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණ සිදුවෙන්නේ අහඹු ලෙස නෙවෙයි. ඒවා සිදුවෙන්නේ නිශ්චිත රටාවකට. මේ රටාවට කියන්නේ "සරොස් චක්‍රය" කියලා. එක් සරොස් චක්‍රයක් කියන්නේ දළ වශයෙන් අවුරුදු 18 යි, දින 11 යි පැය 8 ක්.
Saros Cycle = 223 Synodic Months
Saros Cycle ≈ 6585.32 Days
ඇන්ටික්යිතෙරා යන්ත්‍රයේ පසුපස තිබුණු තවත් විශාල ඩයල් එකක් (Spiral Dial) නිර්මාණය කරලා තිබුණේ මේ මාස 223 නිරූපණය කරන්න. මේ ඩයල් එකේ පොඩි පොඩි සලකුණු කොටලා තිබුණා. යන්ත්‍රය කරකවන කොට දර්ශකය (Pointer) යම් තැනකට ආවොත්, එදාට සූර්යග්‍රහණයක් හෝ චන්ද්‍රග්‍රහණයක් සිදුවෙන බවත්, එය සිදුවන වේලාවත්, පාටත් (Color of the eclipse) පවා මේකෙන් පෙන්නුම් කළා.
3. කැලිපික් චක්‍රය (Callippic Cycle)
මෙටොනික් චක්‍රය (අවුරුදු 19) සියයට සීයක් නිවැරදි නෑ. සුළු දෝෂයක් තියෙනවා. ඒ දෝෂය නිවැරදි කරන්න ඔවුන් පාවිච්චි කළා "කැලිපික් චක්‍රය". ඒ කියන්නේ මෙටොනික් චක්‍ර 4ක්.
4 x 19 Years = 76 Years
මේ සඳහාත් වෙනම උපකරණ කොටසක් මේ යන්ත්‍රයේ තිබුණා.
මේ යන්ත්‍රයේ තිබුණු ඉංජිනේරු විද්‍යාවේ (Engineering) උච්චතම අවස්ථාව තමයි චන්ද්‍රයාගේ ගමන් මග නිරූපණය කළ ආකාරය.
අපිට පෘථිවියේ ඉඳන් බලද්දි හඳ අහසේ යන්නේ එකම වේගයකින් නෙවෙයි. හඳ පෘථිවිය වටා යන්නේ රවුමක (Circle) නෙවෙයි, ඉලිප්සයක (Ellipse). මේ නිසා හඳ පෘථිවියට ළං වෙනකොට (Perigee) වේගයෙන් යනවා, ඈත් වෙනකොට (Apogee) හෙමින් යනවා. (මේක කෙප්ලර්ගේ නියමයන්ගෙන් සොයාගත්තේ 17 වැනි සියවසේදී).
නමුත් ග්‍රීකයන් මේ "වේගය වෙනස් වීම" යාන්ත්‍රිකව පෙන්නන්න පුදුම ක්‍රමයක් පාවිච්චි කළා. ඔවුන් දැති රෝද දෙකක් එකක් මත එකක් තියලා, එක රෝදයක පොඩි ඇණයක් (Pin) හයි කරලා, අනිත් රෝදයේ පොඩි කාණුවක් (Slot) කැපුවා. රෝද කැරකෙනකොට මේ ඇණය අර කාණුව දිගේ එහාට මෙහාට යනවා. ඒ නිසා එක රෝදයක් එකම වේගයෙන් කැරකුණාට, අනිත් රෝදය වෙලාවකට වේගයෙන් සහ වෙලාවකට හෙමින් කැරකෙනවා.
මේ තාක්ෂණයට කියන්නේ Pin-and-slot mechanism කියලා. ඒ වගේම මෙහි මූලික මට්ටමේ Differential Gear පද්ධතියක් තිබුණා. (වාහන වල ඩිෆරෙන්ෂල් එක වගේ). අපි හිතාගෙන හිටියේ මේ තාක්ෂණය 16 වැනි සියවසේ හෝ ඊට පස්සේ හොයාගත්ත දෙයක් කියලා. නමුත් ග්‍රීකයන් ඊට අවුරුදු 1600 කට කලින් මේක පාවිච්චි කරලා!
මේ යන්ත්‍රය සම්පූර්ණ තත්ත්වයේ තිබුණා නම් එය ලී පෙට්ටියක බහාලු, පැත්තකින් කරකවන හැඬලයක් (Handle) සහිත උපකරණයක්.
• ඉදිරිපස මුහුණත: සූර්යයා සහ චන්ද්‍රයාගේ පිහිටීම, චන්ද්‍ර කලා (Phases of the moon - පුර හඳ, අඩ හඳ ආදිය), සහ එකල දැන සිටි ග්‍රහලෝක 5 (බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු) පිහිටීම පෙන්නුම් කළා.
• පසුපස මුහුණත: ඉහත සඳහන් කළ මෙටොනික් සහ සරොස් චක්‍ර හරහා දින දර්ශනය සහ ග්‍රහණ පෙන්නුම් කළා.
• ඔලිම්පික් ඩයල් එක: වසර 4කට වරක් එළඹෙන ඔලිම්පික් තරගාවලිය පවත්වන දිනය දැනගැනීමට වෙනම කුඩා ඩයල් එකක් (Olympiad Dial) තිබුණා.
සරලවම කිව්වොත්, මෙය එකල තාරකා විද්‍යාඥයෙකුට හෝ ධනවතෙකුට "අභ්‍යවකාශය තමන්ගේ සාක්කුවේ දාගෙන යන්න" පුළුවන් විදියේ ගැජට් එකක්.
කවුද මේක හැදුවේ?
මේක තමයි තවමත් නොවිසඳුනු ලොකුම අභිරහස.
මේ වගේ දෙයක් හදන්න පුළුවන් මට්ටමේ ගණිත දැනුමක් සහ යාන්ත්‍රික දැනුමක් තිබුණේ කාටද?
බොහෝ දෙනා සැක කරන්නේ මහා ගණිතඥ ආකිමිඩිස් (Archimedes) මේකට සම්බන්ධ බවයි. රෝම ලේඛකයෙක් වන සිසෙරෝ (Cicero) ලියා තියෙනවා ආකිමිඩිස් විසින් හදපු "ලෝකඩ ගෝලයක්" ගැන, එය කරකැවූ විට ඉර හඳ තරු චලනය වුණා කියලා. නමුත් ආකිමිඩිස් මිය ගියේ මේ යන්ත්‍රය හදන්න කලින්. සමහර විට ආකිමිඩිස්ගේ ගෝලයන් (Students) හෝ ඔහුගේ සැලසුම් (Blueprints) පාවිච්චි කරලා මේක හදන්න ඇති.
තවත් මතයක් තමයි මෙය හිපාකස් (Hipparchus) ගේ නිර්මාණයක් කියන එක. හිපාකස් තමයි ත්‍රිකෝණමිතියේ පියා. ඔහු රෝඩ්ස් (Rhodes) දූපතේ ජීවත් වුණේ. ඇන්ටික්යිතෙරා යන්ත්‍රයේ තිබුණු ග්‍රහණ පිළිබඳ න්‍යායන් හිපාකස්ගේ සොයාගැනීම් වලට සමානයි.
2005 ස්කෑන් පරීක්ෂණයේදී තවත් පුදුම දෙයක් හෙළි වුණා. මේ යන්ත්‍රයේ ලෝකඩ තහඩු මත ඉතා කුඩා ග්‍රීක අකුරු (Greek Text) ලියා තිබුණා. අකුරු දහස් ගණනක්!
මේවා කියවලා බැලුවම තේරුණා මේක නිකන්ම සැරසිල්ලක් නෙවෙයි, මේක "User Manual" එකක් කියලා. මේ යන්ත්‍රය පාවිච්චි කරන විදිය, ග්‍රහලෝක වල පාට, සහ තාරකා ගැන විස්තර මේකේ ලියලා තිබුණා.
මේකෙන් අපිට තේරෙන වැදගත්ම දේ තමයි, මේක "එකම එක" නිර්මාණයක් වෙන්න බෑ. මෙච්චර දියුණු මට්ටමකට එන්න නම්, මීට පෙර හදපු පර්යේෂණාත්මක ආකෘති (Prototypes) තියෙන්න ඕනේ. ඒ වගේම මේ වගේ යන්ත්‍ර තව ගොඩක් හදන්න ඇති.
එහෙනම් කෝ ඒ අනිත් ඒවා?
ලෝකඩ (Bronze) කියන්නේ ඉතා වටිනා ලෝහයක්. රෝම අධිරාජ්‍යය වැටුණට පස්සේ, යුද්ධ ඇතිවෙනකොට මිනිස්සු පරණ ලෝකඩ බඩු උණු කරලා කඩු, හෙල්ල සහ පසුව කාලතුවක්කු හැදුවා. පන්සල් වල සීනු හැදුවා. මේ නිසා පුරාණයේ තිබුණු මේ වගේ සියුම් යන්ත්‍ර සියල්ලම පාහේ උණු කරලා විනාශ කරන්න ඇති.
ඇන්ටික්යිතෙරා යන්ත්‍රය බේරුණේ එකම එක හේතුවක් නිසා. ඒක මුහුද යට ගිලුණ නිසා! මුහුද යට තිබුණු නිසා කාටවත් ඒක හොයාගෙන උණු කරන්න බැරි වුණා. ඒක අහම්බයක්. දෛවයේ සරදමක්.