අඩෝ උන් ඕකම නේද අපිටත් කියන්නෙ. ඇයි බන් මෙහෙම් අවුරුදු ගනන් වාහනේ එලවලා රටගිහින් ආවට පස්සෙ කියන්නෙ "අම්මෝ මට ලංකාවෙ වාහන එලවනව එක depression වගේ" කියලා
ලොකු සීන් කියල හිතන්න එපා මිත්‍රයා. මටත් ඔය සීන් එක තියනවා. ලොකුකම් කියවනවා නෙමෙයි මේක තමයි ඇත්ත.
මමත් අවුරුදු 20ක් ලංකාවේ (කොළඹ) මැනුවල් පැදලා යන්න තියන අහු මුළු ඔක්කොගෙම ගිහින් තියන එකෙක්.
හැබැයි ලංකාවේ ඉඳලා වෙන රටක ගිහින් වාහන එලවද්දී පුදුම peaceful ගතියක් දැනෙනවා.
හෝන් ගහන්නේ නෑ, එහෙන් මෙහෙන් දාන්නේ නෑ, ඉස්සර කරලා ඇඟට කපන්නේ නෑ. මූනට දාන්නේ නෑ, රෑට මූනට හෙඩ් එක ගහන් එන්නේ නෑ. තුන් පූට්ටුවෝ නෑ, මාරක බස් කාරයෝ නෑ, බයිසිකල් මාරම අඩුයි. තව එකී මෙකී නොකී ගොඩක් දේවල් තියනවා. ටිකක් කල් ඒකට හුරු උනාම ඒක පුරුද්දකට යනවා. ඕනෑම දෙයක් එක දිගට දවස් 21ක් කරද්දී ඒක habit එකක් වෙනවා කියනවනේ. ඉතින් අවුරුදු කීපයක් යද්දි ඒක නිකන්ම ඇඟටම පත්තියන් වෙනවා.
ලංකාවට ඇවිත් drive කරද්දී අර අවුල් දේවල් ටික ආයේ වෙන්න ගත්තාම ඔළුව විකාර වෙනවා. මාරම බයක් එනවා වාහනේ එලවද්දී, කොයි වෙලේ කොහෙන් ඇවිත් අනීද කියල. ලොකු risk එකක් බයක් හිතට දැනෙනවා. කොච්චර ලංකාවේ වැඩ දාල එලවල තිබ්බත් ඒ බය ඕන එකෙක්ට එනවා.
ලංකාවේ එලවල පිටරටක එලවද්දි අවුලක් දැනෙන්නේ නෑ මොකද අවුල් තැනකින් හොඳ තැනකට යද්දි ඒක reward එකක් වගේ වෙන නිසා.
ඒත් හොඳ system එකක ඉඳලා ආයේ අර පරණ තැනට වැටෙද්දී ඒක ඔළුවට මාරම අමාරුයි. ඕක තමයි සීන් එක.
තව එකක්, හදිස්සියෙවත් ලොකු අනතුරක් වෙලා අනිත් පාර්ශවයට තුවාල වෙලා නඩුවක් වගේ සෙට් උනොත් holiday ඉවර වෙලා ආයේ රටින් යන්නත් බැරි වෙනවා. පොලිසියේ උනුත් රට ඉන්නේ කියල දැනගත්තාම සුපිරියටම පෝරියල් එක සෙට් කරනවා.
හොඳම දේ Uber Pick Me.