අලුත් අවුරුදු සමයේ රුධිරයේ සීනි මට්ටම පාලනය කර ගැනීමට පියවර ගන්නා ලෙස විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
සාම්ප්‍රදායික ලෙස කිරිබත්, කැවුම්, කොකිස් සහ අලුවා නොමැතිව අලුත් අවුරුද්දක් සැමරිය නොහැකි වුවත්, සීමාවක් සහිතව එම ආහාර ලබා ගැනීමට කටයුතු කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එලෙස පාලනය කිරීම මඟින් රුධිරයේ සීනි මට්ටම යහපත් මට්ටමක පවත්වා ගත හැකි බවයි විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.