ඇමැති කේ. ඩී. ලාල්කාන්ත මහතාට අයත් කඩුවෙල ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නව නිවස සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි කර ඇත.
ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන ක්‍රියා කරුණුකූලෙස කටයුතු කරමින් සිට මීට මාස කිහිපයකට ඇමති ධූරය ලබා ගත් කේ ඩී ලාල්කාන්ත මහතා මෙවැනි සුවිසල් මන්දිරයක් ඉදිකිරීමට මුදල් උපයාගෙන ඇති ආකාරයන් පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස එම සංවිධානය අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටියී.
අයථා මුදල් ගනුදෙනුවලින් උපයා ගත් දේපළක් ද නැතහොත් සත්‍ය වශයෙන්ම ඔහුගේ සාධාරණ වත්කම්, දේපළ මත ලැබූවක් ද යන්න සැක සහිත බැවින් ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙසත් මෙම දේපළ අල්ලස් කොමිසමට වාර්ෂිකව ලබා දිය යුතු වත්කම් බැරකම් ප්‍රකාශවල සටහන් කර තිබේ දැයි ප්‍රකාශ කරන ලෙසත් පැමිණිල්ලෙන් තවදුරටත් ඉල්ලා ඇත.
සරල දිවි පෙවෙතක් ගත කරන බව සමාජයට පෙන්වමින් මෙවැනි මන්දිර එදිකිරීමට මුදල් රැස් කළේ කෙසේද යන්න ප්‍රශ්න සහගත බැවින් ඒ පිළිබඳව සත්‍ය තොරතුරු හෙළි කරන ලෙස අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයේ සභාපති, ජාමුනි කමන්ත තුෂාර මහතා අල්ලස් කොමිසමෙන් තවදුරටත් ඉල්ලා සිටී.
- https://newshub.lk/blog/2026/04/09/how-did-lal-kantha-build-a-mansion-without-even-doing-any-work/