මම ඉස්සර මාදයවේදියෙක් විදියට වැඩ කලා. අපිට හැම දාම ඉන්විටේෂන් ...එනවා..ලොක්කා යන්නේ නෑ ජීවිතේටවත් ..මම ගියා දවසක් ආයතනය නියෝජනය කරලා..
..අම්මෝ...පට්ට පාටි....තෑගි බෝග ...උන් හදන්නේ ඕවා දීලා අල්ලගන්න.. ආන්ඩුවේ මැති ඇමැතිගොල්ලෝ...බිලි බාගන්නේ ඔහොම. මම ගියේ ඒක ඇත්ත නැත්තද කියලා බලන්න....
මොන දේශපාලන පක්ෂය උනත් එහෙමයි...
කොන්ද පන තියෙන සැබෑ ජනතා මාධ්‍යවේදියෝ ඔහොම යන්නෑ...කාගේවත් පාටිවලට.... අද කාලේ නම් වරදාන වරප්‍රසාද කොනක. ඉදන් මිනිස්සු බලාපොරොත්තු වෙනවා මිතුර..
හරි මාධ්‍යවේදියෙක් නම් කිසිම දේශපාලකයෙක්ගෙන් වතුර පොදක්වත් බොන්න හොද නෑ..ඒක ගැති වෙනවා.! සමබර ප්රවෘත්ති ඉදිරිපත් කරන්න බෑ..ජනතා විශ්වාසයක් නෑ..
සමහර පාටිවල එලි වෙනකන් බොන්න දෙනවා..කන්න දෙනවා..තෑගි දෙනවා...ඊට පස්සේ නිව්ස් එහෙම එනකොට ...ටිකක් සැර බාල කරලා ගහන්න උපදෙස් දෙනවා..
යක්කුන්ට දොල පිදේනි දෙන්නේ යකාගෙන් වැඩ ගන්න මිසක්..යකාට ආදරේට නෙමේ.