හිසට පොල්ලකින් පහර දී පයාගල ප්‍රදේශයේ පුද්ගලයකු ඝාතනය කර ඇති බව පයාගල පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ පයාගල ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි දැරණියගලගේ නිශාන්ත පීරිස් නමැති අයයි. පයාගල විහාරකන්ද ප්‍රදේශයේ නිවසක පෙරේදා (15 දා) රාත්‍රියේ අවුරුදු මත්පැන් සාදයක් පවත්වා ඇති අතර, එහිදී එකට මත්පැන් පානය කළ අය අතර කතාබහක් ඇතිව තිබූ බව සඳහන් වෙයි.
මත්පැන් සාදයෙන් අනතුරුව ඝාතනයට ලක්වූ පුද්ගලයාට දකුණු පයාගල දුම්රිය ස්ථානයේ අසල ඇති එළවළු වෙළෙඳසල ආසන්නයේදී පහර දී ඇති බව පොලිසිය පවසයි.
හිසට බරපතල තුවාල ලබා සිටි ඔහු කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ. ඝාතනය සිදුකළ පුද්ගලයා එම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
පයාගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ජයසේකර මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් ක්‍රිෂාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වෙයි.