ඕස්ට්‍රේලියානු ආයතනයකට ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන දෙකහමාරක මුදලක් වෙනත් බැංකු ගිණුමකට බැර කිරීමේදී එය සැක සහිත ගනුදෙනුවක් බවට HSBC බැංකුව විසින් අවස්ථා දෙකකදීම අනතුරු අඟවා තිබූ බව රජයේ මුදල් කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අනාවරණය කරයි.
හිරු රූපවාහිනී නාලිකාවේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ මෙම මූල්‍ය ගනුදෙනුවට අදාළ බැංකු ගිණුම් සකස් කිරීම, ගිවිසුම් අත්සන් කිරීම සහ ලිපි ගනුදෙනු ඇතුළු සියලු පරිපාලන කටයුතු මහ බැංකු නිලධාරීන් විසින්ම සිදු කර ඇති බවයි.
මෙවැනි බරපතල ගනුදෙනුවකදී බැංකුව විසින් නිසි පරිදි අනතුරු ඇඟවීම් සිදු කර තිබියදීත් එම මුදල් නිදහස් වූයේ කෙසේද යන්න පිළිබඳව වහාම සොයා බැලිය යුතු බවත්, මෙහි වගකීමෙන් බැහැර වීමට මහ බැංකුවට කිසිසේත්ම නොහැකි බවත් ඔහු අවධාරණය කළේය.
අදාළ මුදල් ඩුබායි රාජ්‍යය පාදක කරගත් ගිණුමකට බැර වී ඇති බවට තොරතුරු ලැබී ඇති අතර, මෙවැනි සිදුවීම් හරහා පෙනී යන්නේ රටේ මූල්‍ය පද්ධතියේ පවතින සම්මත ප්‍රොටෝකෝල නිසි ලෙස අනුගමනය නොවන බවයි.
පවතින කළමනාකරණ ව්‍යුහය බිඳවැටීම හේතුවෙන් මෙවැනි බරපතල මූල්‍ය අක්‍රමිකතා සිදු වන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, මීට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඇතුළු වත්මන් රජය වගකිව යුතු බවද ප්‍රකාශ කළේය.
මූල්‍ය පද්ධතිය පිළිබඳ මනා අවබෝධයක් ඇති බව පවසමින් බලයට පැමිණි පිරිස් යටතේ මෙලෙස පද්ධතිය බිඳ වැටීම බරපතල ගැටලුවක් බවත්, මෙම ගනුදෙනුව සම්බන්ධ සත්‍ය තොරතුරු වහාම රටට අනාවරණය විය යුතු බවත් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
- https://newshub.lk/blog/2026/04/28/hsbc-bank-warns-twice-that-the-account-is-suspicious/

aniwa ekek dennek kooduwe laginna wena case.