🛑බංග්ලාදේශ සහ ලෝකවාසී බෞද්ධයන් වෙනුවෙන් අගමැති තාරික්ගෙන් වෙසක් පණිවුඩයක්

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,596
    8,271
    113
    බංග්ලාදේශය සියලු ආගම් සහ මත දරන ජනතාවට ආරක්ෂිත නිවහනක් බවට පත්කිරීමට අඛණ්ඩව උත්සාහ කරන බවත්, විවිධත්වයට ගරුකරන ආරක්ෂිත රටක් බවට පත්කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය තාරික් රහ්මාන් පවසා තිබේ.

    අදට (මැයි 1) යෙදී ඇති වෙසක් පොහෝ දිනය වෙනුවෙන් එරට මෙන්ම ලෝකවාදී බෞද්ධ ජනතාව වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසා ඇත.

    වෙසක් තෙමඟුල බංග්ලාදේශ බෞද්ධයන්ට මෙන්ම ලෝකවාදී සියලුම ජනතාවට සතුට, සාමය සහ යහපැවැත්ම ඉටුකරන වෙසක් දිනයක් වේවායැයි ප්‍රාර්ථනා කරන බවත් අග්‍රාමාත්‍යවරයා නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

    ආගම පුද්ගලයන්ට අයත්. නමුත් ආරක්ෂාව සඳහා ඇති අයිතිය සෑම පුරවැසියෙකුටම අයත්. එනිසා සියලු ප්‍රජාවන් සඳහා ආරක්ෂිත පරිසරයක් පවත්වා ගැනීම අපේ වගකීමක් යැයිද ඔහු මෙහිදී පවසා තිබේ.

    ආගමික සුළුතරයන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා දැනටමත් විවිධ මුලපිරීම් ආරම්භ කර ඇති බවත් එහිදී සඳහන් කර ඇති අග්‍රාමාත්‍යවරයා, ඉදිරි දිනවලදී එවැනි උත්සාහයන් දිගටම පවතිනු ඇතැයිද මෙහිදී අවධාරණය කර ඇත.

    වෙසක් පොහෝ දිනය වෙනුවෙන් එරට පුවත්පත් වෙසක් දිනය ගැන සඳහන් කළ විශේෂ ලිපි පළකර ඇති අතර, එරට රූපවාහිනිය (BTV) සහ පෞද්ගලික රූපවාහිනී නාලිකා ද දිනයේ වැදගත්කම ඉස්මතු කරන විශේෂ වැඩසටහන් විකාශනය කිරිමට පියවරගෙන ඇත.

    මේ අතර බංග්ලාදේශ බෞද්ධ ක්‍රිස්ටි ප්‍රචාර් සංඝ සභාව විසින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් අද උදෑසන විවිධ නගර, මාර්ග සහ මංමාවත් ඔස්සේ විචිත්‍රවත් 'සාම පෙරහැරක්' පැවැත්වීමටද කටයුතු කර තිබේ.

    එමෙන්ම චිතගොං, රංගමති, බන්ඩාර්බන්, ඛග්‍රචරි, කොක්ස් බසාර්, කොමිලා, බර්ගුනා, රංපූර් සහ සිල්හෙට් වැනි බෞද්ධයන් ජනාකීර්ණව සිටින ප්‍රදේශවලද වෙසක් පොහෝ දිනය උත්කර්ෂවත් ලෙසින් සමරනු ලැබ ඇත.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,951
    113
    ලංකාවේ වෙසක් පෝය පච කොටා වෙනස් කළා නේද මැයි රැළි තියන්න ඕන නිසා.

    නැත්තම් කොළඹ වෙසක් කලාප නිසා උගේ රැලිය තියාගන්න බෑනේ.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,313
    16,010
    113
    @Lovtus හරියට කියපං වෙසක් කවද්ද කියලා.

    පක්සෙ වෙනුවෙන් බොරු කියලා අපායෙ යන්න එපා. අද පෝය.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,596
    8,271
    113
    @Lovtus හරියට කියපං වෙසක් කවද්ද කියලා.

    පක්සෙ වෙනුවෙන් බොරු කියලා අපායෙ යන්න එපා. අද පෝය.

    🤣ඌ මැයි රැලියක ලු
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    @Lovtus හරියට කියපං වෙසක් කවද්ද කියලා.

    පක්සෙ වෙනුවෙන් බොරු කියලා අපායෙ යන්න එපා. අද පෝය.
    නියම වෙසක් පෝය කියල එකක් හරියට ගැනල නෑ ඔය කවුරුවත් (මම නම් ගැනගෙන තියෙනව). මැයි මාසේ යෙදෙන පෝය වෙසක් පෝය කියල ගන්නව. එච්චරයි. හරියටම බැලුවොත් වෙසක් පෝය මැයි මාසෙම යෙදෙනවා කියල එකකුත් නෑ. ඔය කැලැන්ඩර් අවුල තියෙන්නෙ. සිංහල ක්‍රමයට ගන්නෙ චන්ද්‍ර මාස. දැන් නිල වශයෙන් භාවිතා කරන්නේ සුර්‍ය මාස. ඒ නිසා මැයි මාසය ඇතුලත යෙදෙන පෝය වෙසක් පෝය විදියට සලකනව. මැයි මාසේ අධි පෝයක් (පෝය දෙකක්) යෙදෙනවා නම් කටයුතු කරගන්න පහසු පෝය දිනයක් වෙසක් පෝය හැටියට ප්‍රකාශ කරනව
     
    • Wow
    Reactions: ozykolla