දරුවගෙ පියා හොයන DNA දෙන්න බෑ කියන චාමිකට අද උසාවිය කිව්වදේ

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,428
    8,591
    113
    Sri Lanka's Chamika Karunaratne celebrates after taking the wicket of Pakistan's Haris Rauf . (REUTERS)

    ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට එරෙහිව ගොනු කර ඇති පීතෘත්ව නඩුවකට අදාළව, ඩී.එන්.ඒ. (DNA) පරීක්ෂණයක් සඳහා ඔහුගේ රුධිර සාම්පල ලබාගැනීමේ නියෝගයක් ඉල්ලා ඉදිරිපත් කළ පැමිණිල්ලේ ලිඛිත කරුණු දැක්වීම් ලබන මැයි මස 13 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (31) නියෝග කළේය.

    ගුවන් සේවිකාවක සහ ගුවන් නියමුවරියක ලෙස සඳහන් වන සෙව්වන්දි සේනාධීර හෙවත් පෙරමුණේලාගේ රසිකා සෙව්වන්දි නමැත්තිය විසින් මෙම පෙත්සම අධිකරණය හමුවේ ගොනු කර ඇත. ඇය සිය පෙත්සම මගින් ඉල්ලා සිටින්නේ 2025 වසරේ සැප්තැම්බර් මස 29 වැනිදා උපත ලැබූ 'ආර්යන් කරුණාරත්න' නමැති සිය බාල වයස්කාර දරුවාගේ පියා චාමික කරුණාරත්න බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙසයි.

    වර්ෂ 2023 දී හෝ ඊට ආසන්න කාලයකදී වගඋත්තරකාර චාමික කරුණාරත්න තමන් සමග සමීප සබඳතාවක් ගොඩනගාගෙන ලිංගිකව හැසිරීමට පෙළඹවූ බවත්, තමා ගැබ් ගැනීමෙන් පසුව ඔහුව මඟහැර දරුවාගේ පීතෘත්වය භාරගැනීම ප්‍රතික්ෂේප කළ බවත් පෙත්සම්කාරිය චෝදනා කර තිබේ.

    මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක මහතා තර්ක කළේ, පුද්ගලයෙකුගේ කැමැත්තකින් තොරව DNA පරීක්ෂණයක් සඳහා රුධිර සාම්පල ලබාගැනීමට අධිකරණයට බලයක් නොමැති බවයි. එබැවින් තම සේවාදායකයාගේ රුධිර සාම්පල ලබාදෙන ලෙස ඉල්ලා ඇති ආයාචනය ප්‍රතික්ෂේප කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

    කෙසේ වෙතත්, පැමිණිලිකාරිය වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා අධිකරණයට පෙන්වා දුන්නේ, මීට පෙර නඩුව කැඳවූ අවස්ථාවකදී වගඋත්තරකාර පාර්ශ්වයේ කනිෂ්ඨ නීතිඥවරියක විසින් DNA පරීක්ෂණයට විරුද්ධත්වයක් නොමැති බව ප්‍රකාශ කර තිබූ බවයි. තවද, ළමා හා කාන්තා කාර්යාංශය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් වගඋත්තරකරු මීට පෙර DNA පරීක්ෂණයකට එකඟතාව පළ කර ඇති බැවින්, පරීක්ෂණය සිදුකළ යුතු රසායනාගාරය තීරණය කර අදාළ නියෝගය නිකුත් කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

    ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක මහතා පැහැදිලි කළේ, එවැනි පරීක්ෂණයක් සඳහා සිය සේවාදායකයා කිසිදු අවස්ථාවක කැමැත්ත පළ කර නොමැති බවත්, අදාළ කනිෂ්ඨ නීතිඥවරිය නිසි වැටහීමකින් තොරව එම එකඟතාව පළ කර ඇති බවත්ය.

    දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ මෙම සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම ලිඛිත කරුණු දැක්වීමේ නියෝගය නිකුත් කරන ලදී. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න, අදාළ දරුවා වන ආර්යන් කරුණාරත්න සහ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

    පවතින සත්‍යතාව තහවුරු කරගැනීම සඳහා අදාළ දරුවා සහ චාමික කරුණාරත්න DNA පරීක්ෂණයකට භාජනය කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසත්, දරුවාගේ පියා ඔහු බවට සඳහන් කරමින් උප්පැන්න සහතිකය සංශෝධනය කර නිකුත් කරන ලෙස රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාරිය අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,782
    113
    එකමත් එක රටක
    @IndrajithGamage , මොනවද යකෝ මේ royal එකේ cricket ගහන උන් චීත්ත කෑලි නිසා නොන්ඩි වෙන්නේ එක දිගට ?

    මූ ළමයෙක් දීලා නඩු කියනව . .තව එකෙක් මාලයක් දාල උකලා මාලේ ගලවාගෙන පොලිසි ගිහින් .
    කාමිල් මිශාර ත් අවුරුදු දෙකක් විතර තරග තහනම් වෙලා තිබ්බ ගෑනු කාමරේට ගෙන්නාගෙන , කිත්රුවන් විතානගේ ත් ගෑනු කේස් එකක් දාගෙන ක්‍රිකට් career එකම නැති කරගත්තා ..... :baffled:

    මේක දැම්මේ නිකන් .

    capture-jpg.253847
     
    ඇයි උඹලගේ උන් පයිය පෙන්නන්නේ 😂

    title-kane-williamson-ka-fan-hai-v0-ag4vuh1jqnkb1.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,782
    113
    එකමත් එක රටක

    ඇයි උඹලගේ උන් පයිය පෙන්නන්නේ 😂

    title-kane-williamson-ka-fan-hai-v0-ag4vuh1jqnkb1.jpg
    ඒ උනාට යකෝ ඌ ට කිසි කේස් එකක් වරිලා නෑ නේ . ඌ ඔය ලස්සනට WC , IPL අම්පයර් කරගෙන ඉන්නේ වල්ලපට්ට බිස්නස් එකකුත් කරගෙන
    ඒක උගේ පුද්ගලික video එකක් මිසක් නඩු කියන , පොලිසි යන , තරග තහනම් වෙන මගුලක් නෙවෙයි නේ .
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    අන්න ඒකට අපේ සනා ගැහුවා ගැහිල්ලක් , ගහපු බඩුත් නෑ දැන් ඌත් නෑ ! හැබැයි නියම වැඩ්ඩා, ක්‍රිකට් ද බඩු ද කියලා නෑ දෙකම ගහගෙන කොන්ද කෙලින් තීයන් හිටියා , එකට දැන් ඉන්න #ත්තිගේ පුතාලා , බැට් එක උස්සන්න බෑ හැබැයි නගිනවා සුපිරියට
     
    • Like
    Reactions: Inigo Montoya

    lilman

    Well-known member
  • May 10, 2009
    41,182
    54,932
    113
    Colombo
    @IndrajithGamage , මොනවද යකෝ මේ royal එකේ cricket ගහන උන් චීත්ත කෑලි නිසා නොන්ඩි වෙන්නේ එක දිගට ?

    මූ ළමයෙක් දීලා නඩු කියනව . .තව එකෙක් මාලයක් දාල උකලා මාලේ ගලවාගෙන පොලිසි ගිහින් .
    කාමිල් මිශාර ත් අවුරුදු දෙකක් විතර තරග තහනම් වෙලා තිබ්බ ගෑනු කාමරේට ගෙන්නාගෙන , කිත්රුවන් විතානගේ ත් ගෑනු කේස් එකක් දාගෙන ක්‍රිකට් career එකම නැති කරගත්තා ..... :baffled:

    මේක දැම්මේ නිකන් .

    capture-jpg.253847
    in the jeep ව ටැග් කරන්න එපා උත් :angry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,293
    4,416
    113
    ඇයි එන්නද
    අන්න ඒකට අපේ සනා ගැහුවා ගැහිල්ලක් , ගහපු බඩුත් නෑ දැන් ඌත් නෑ ! හැබැයි නියම වැඩ්ඩා, ක්‍රිකට් ද බඩු ද කියලා නෑ දෙකම ගහගෙන කොන්ද කෙලින් තීයන් හිටියා , එකට දැන් ඉන්න #ත්තිගේ පුතාලා , බැට් එක උස්සන්න බෑ හැබැයි නගිනවා සුපිරියට
    oya video eka hiru eke team eka thiyena than walin thama hoya hoya makanwa