ඉරානයට යුද පිටියේ දැවැන්ත වාසියක්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මේ වෙද්දි මුලු ලෝකෙම උණුසුම්ම පුවත වෙලා තියෙන්නේ මේක.





    May be an image of text





    ඊලග යුද්ධයකදී මේක ඉරානයට යුද පිටියේ දැවැන්ත වාසියක් වේවි කියලා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.




    ඒ තමයි ඉරාන විප්ලවීය හමුදාව තහවුරු කරලා තියෙනවා ඔවුන් අමරිකාව ඔවුන්ට එල්ල කරපු පුපුරා නොගිය GBU-57 Massive Ordnance Penetrator (MOP) බෝම්බයක් එහෙම නැත්නම් ලොව අති දියුණු භයානකම බෝම්බයක් විදියට සලකන බංකර් බ්ලාස්ටර් බෝම්බයක් හොයා ගත්තා කියලා.මෙම බෝම්බය ඉරානය සතු වූයේ කෙසේද යන්න පිළිබඳව නිශ්චිත තොරතුරු හෙළි වී නැති නමුත්, විවිධ මූලාශ්‍ර පවසන්නේ කිසියම් මෙහෙයුමකදී හෝ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඉරාන දේශසීමාව අසලදී මෙය ඔවුන් අතට පත්වන්නට ඇති බවයි. ඇතැම් වාර්තා පවසන්නේ මෙය කිසිදු හානියක් නොවී ඔවුන් සතු කරගත් බවයි.

    මේකේ භයානකම කරුණ තමයි ඔවුන් පවසන විදියට බෝම්බයේ Sensor,High accuracy Guided system පවා කිසිදු හානියක් නොවී තියෙනවා කියලා සදහන් වෙනවා ඉරානයේ අභ්‍යන්තර මූලාශ්‍ර උපුටා දක්වමින් ඔවුන් පවසන්නේ මේ වන විට ඉරාන විද්‍යාඥයන් පොළොව අභ්‍යන්තර පර්‍යේෂණාගාර වල එම තාක්ෂණය දැඩි ලෙස අධ්‍යනය කරමින් ඉන්නවා කියලා වාර්තා වෙනවා.ඒ ඔස්සේ ඔවුන් ඒ තාක්ෂණයෙන් මිසයිල,බෝම්බ නිෂ්පාදනය කරන්න ඉඩ පවතිනවා කියලා වාර්තා වෙනවා.ඒ වගේම ඔවුන්ගේ භූගත මධ්‍යස්ථාන සුනු විසුනු කරපු මේ බෝම්බ වලින් අනාගතයේ ආරක්ෂක වෙන විදියත් ඔවුන් ඒක අධ්‍යනය කරලා ඉගෙන ගනීවි කියලත් ජාත්‍යන්තර විශ්ලේෂකයන් ප්‍රකාශ කරනවා.

    කිලෝග්‍රෑම් 13000 කට අධික බරකින් යුතු මේ බෝම්බ පොළොව අභ්‍යන්තරයේ අඩි 200ක් යට පවා තියෙන භූගත ගබඩා විනාස කිරීමේ හැකියාවෙන් යුක්‍තයි.එවන් හැකියාවක් තියෙන ලොව එකම බෝම්බය විදියට සලකන්නේ මේ GBU-57 බෝම්බය.ඒ නිසා එම තාක්ෂණය කිසිදු ලෙසකින් වෙනත් රටක් අතර පත්වෙන්න අමරිකාව ඉඩ ලබා දුන්නේ නෑ.මේ වන විට තාමත් ඇමරිකාව මේ පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරලා නැ.


    මෙම වාර්තා සත්‍ය නම්, එය අමරි,,කානු ආරක්ෂක අංශ ලැබූ විශාල පසු,,බෑමක් බවට පත් වෙන්න පුලුවන් .මෙය බෝම්බයක් අහිමි වීමක් නොව, දශක ගණනාවක් තිස්සේ රහසිගතව දියුණු කළ තාක්ෂණයක් සතුරා අතට පත්වීමක්. මෙමගින් ඉදිරි වසර කිහිපය තුළ මැදපෙරදිග කලාපයේ බල අරගලය සම්පූර්ණයෙන්ම වෙනස් විය හැකි බව ආරක්ෂක විශ්ලේෂකයින් ප්‍රකාශ කරනවා.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,085
    113
    35
    Spain
    ලංකාවේ හමුදාව අතැරලා ආපු කාලතුවක්කු, මුලතිව් කැලේ හදීසි ගොඩබැස්වීමක් කරපු හෙලිකොප්ටරය ආදිය පවා පස්සේ බෝම්බ දාල විනාශ කළා. කාලතුවක්කු පුපුරවල දැම්ම. එහෙම එකේ බංකර් බස්ටර් බෝම්බයක් පිපුරුනේ නැති නම් ඇමෙරිකන් උන් එක නිකම්ම අතැරලා දාවි කියල හිතන්න පුලුවන්ද? බෝම්බය පිපුරුනේ නැති නම් උන් තව බෝම්බ දාල ඔක්කොම වනසල දානවා නොවෙයිද?
     
    • Like
    Reactions: eksudda