අපි හැමෝම දන්නවා යුද්ධයක් කිව්වම පත්තු වෙන්න ඕන තුවක්කු මෝටාර් එහෙමත් නැත්නම් ලොකු මිසයිල කියලා. හැබැයි මීට අවුරුදු කිහිපයකට කලින් කිසිම සද්දයක් නැතුව එකම එක වෙඩි උණ්ඩයක්වත් පාවිච්චි නොකර ලෝකයේ බලවත්ම රටක පරමාණුක වැඩපිළිවෙළක් සම්පූර්ණයෙන්ම අඩපණ කරපු රහස් මෙහෙයුමක් දියත් වුණා ඒ තමයි Operation Stuxnet.
මේක නිකම්ම කම්පියුටර් වෛරසයක් ගැන කතාවක් නෙවෙයි. මේක ඇතුළේ දේශපාලනය ඔත්තු බැලීම ලෝක බලවතුන්ගේ රහස් ගේම් සහ තාක්ෂණයේ තියෙන භයානකම පැත්ත හැංගිලා තියෙනවා... වාඩි වෙන්නකෝ හෙමින් සැරේ කියවන්න...
මේ වැඩේට පාවිච්චි කරන්නේ Centrifuges කියන යන්ත්‍ර මේවා හරියට රෙදි හෝදන මැෂින් එකක මැද තියෙන බාල්දිය වගේ හැබැයි ඉතාම අධික වේගයකින් (තත්පරයට වට දහස් ගණනක්) කැරකෙන්න ඕනේ පොඩ්ඩක් හරි වේගය වෙනස් වුණොත් මුළු මැෂින් එකම කුඩු වෙලා යනවා ඉතින් ඇමරිකාවටයි, ඊශ්‍රායලයටයි ලොකු බයක් තිබුණා ඉරානය මේ හරහා පරමාණු බෝම්බයක් හදයි කියලා හැබැයි මේ බලකොටුවට බෝම්බ දාලා විනාශ කරන්න ගියොත් ඒක ලෝක යුද්ධයකට මුල පිරීමක් වෙන්න පුළුවන් අන්න ඒ නිසයි ඔවුන් ඩිජිටල් ආයුධයක් තෝරාගත්තේ.
මේකේ තියෙන විශේෂත්වය තමයි, මේක ඉලක්කය දැනගෙන යන Smart බෝම්බයක් වගේ සාමාන්‍ය වෛරසයක් වගේ හැම කම්පියුටර් එකකටම මේක හානි කරන්නේ නැහැ ඒක ඇතුළේ ලියලා තිබුණේ "උඹ ඉරානයේ න්‍යෂ්ටික පද්ධතියක් ඇතුළේ නෙවෙයි නම් ඉන්නේ, සද්ද නැතුව හිටපන්" කියලා.
මෙතනදී තමයි මිනිසුන්ගේ දුර්වලතා පාවිච්චි කළේ ඔත්තුකරුවන් මාර්ගයෙන් හෝ නොදැනුවත්වම, ඒ ආයතනයේ වැඩ කරන ඉංජිනේරුවෙක්ගේ අතට USB Pen Drive එකක් ලැබෙන්න සැලැස්සුවා. (ඒක සිදුකරපු විදිය ගැන විස්තර කරලා නැහැ) ඒ පෙන් එක කම්පියුටර් එකට ගැහුවා විතරයි, කිසිම සද්දයක් නැතුව Stuxnet පද්ධතිය ඇතුළට රිංගුවා.
ඉන්පස්සේ ඒක ප්‍රහාරය දියත් කළේ අදියර දෙකකට
වෛරසය මගින් අර කැරකෙන Centrifuges යන්ත්‍රවල වේගය එකපාරටම ඉතාම වැඩිකළා. ආයේ ටික වෙලාවකින් වේගය අන්තිම අඩුවට අඩු කළා මේ හදිසි වේගය වෙනස් වීම නිසා යන්ත්‍ර ඇතුළේ තියෙන කොටස් දරාගන්න බැරුව පිපිරිලා, කැඩිලා විනාශ වෙන්න ගත්තා.
මේක තමයි Stuxnet වල තිබුණු දක්ෂම කොටස යන්ත්‍ර විනාශ වෙන අතරේ, පාලන මැදිරියේ ඉන්න ඉංජිනේරුවරුන්ගේ කොම්පියුටර් ස්ක්‍රීන්වල පෙන්නුවේ සෑම දෙයක්ම ඉතාම සාමාන්‍ය විදියට සිද්ධ වෙනවා කියලයි. සැබෑ දත්ත වෙනුවට වෛරසය විසින් කලින් පටිගත කරපු සාමාන්‍ය දත්ත පෙන්නුවා.
ඉංජිනේරුවෝ තේ පානය කර කර ස්ක්‍රීන් එක බලන් ඉන්නකොට, ඇතුළතින් මිල අධික යන්ත්‍ර දහස් ගණනක් කුඩු පට්ටම් වෙලා ඉවරයි. ඔවුන්ට වැරැද්දක් සිද්ධ වෙනවා කියලා දැනගන්න කොටත් පරක්කු වැඩියි.
මුලින්ම බෙලරුස් රටේ සයිබර් ආරක්ෂක විශේෂඥයෙක් තමයි මේ අමුතු වෛරසය හොයාගත්තේ. ඔවුන් පුදුම වුණා මේකේ තියෙන සංකීර්ණත්වය දැකලා. සාමාන්‍ය වෛරසයකට වඩා දහස් ගුණයකින් මේක බලවත්. මේක ඇතුළේ Zero-day vulnerabilities හතරක් තිබුණා. ඒ කියන්නේ සොෆ්ට්වෙයාර් හදන මයික්‍රොසොෆ්ට් සමාගම පවා එතෙක් දැනගෙන හිටපු නැති ආරක්ෂක සිදුරු 4ක් මේකට පාවිච්චි කරලා තිබුණා.
Copied..