ජපානයේ රටවල් 51 සහභාගිත්වයෙන් පැවැත්වූ බෞද්ධ මහා සම්මේලනයේ දී කිසි දිනක දකින්නට නොලැබුණු දර්ශන කීපයක් අපට දැක ගන්නට ලැබුණා. අප්‍රිකාවේ බෞද්ධ ප්රබෝධය පිලිබඳව බොහෝ දේ අපට දකින්නට ලැබෙන්නේ කලාතුරකින්. ජපානයේ 2026 අප්‍රේල් මස 6 දින සිට 10 දක්වා අභිනවයෙන් ඉඳිකරණ ලද නාලන්දා මහා විහාර පරිශ්‍රයේදී පවත්වන ලද මෙම බෞද්ධ සමුළුව නිසා අපට අත්දැකීම් රාශියක්ම ලබා ගැනීමට හැකිවුනා. සම්ප්‍රදායික බෞද්ධ රටවල් වන ශ්‍රී ලංකාව, තායිලන්තය, ලාඕසය හා බුරුමය වැනි රටවලින් විවිධ හේතූන් නිසා විනාශය කරා ගමන් කරණ බෞද්ධ සංස්කෘතිය හා ඒ හා බැදුණු වටිනා අංගයන් අද යුරෝපයේ හා අප්‍රිකාවේ බෙහෙවින්ම ව්‍යාප්ත වන ආකාරය මෙම සමුළුවේදී අපට දැක ගන්නට ලැබුණා. අප්‍රිකාවේ ප්‍රධාන රටවල් හතරක ඇතිවී තිබෙන බෞද්ධ පුනරුදය ඒ ඒ රටවල් සම්බන්ධව අප ඉදිරිපත් කරණ වීඩියෝවලින් ඔබට දැකගන්න පුලුවන්. උතුරු අප්‍රිකාවේ කොන්ගෝව, උගන්ඩාව, කෙන්යාව හා ටැන්සානියාව යන රටවල බෞද්ධ පුනරුදය ඉතා ඉහල ආකාරයෙන් සංවර්ධන වී ඇති ආකාරය අප සැම දෙනා විසින්ම අගය කල යුතු වෙනව. කොන්ගෝව රට ප්‍රංශ කතා කරණ රටක්. ඒ රටේ ළමා පරපුර හා තරුණ ප්‍රජාව බුදු දහම අනුව හැඩ ගස්වා ඇති ආකාරය කොන්ගෝවට අදාල වීඩියෝපට ඔබට දැක ගන්නට පුළුවන්. මෙම විහාරස්ථානයේ කටයුතු කරන්නේ එම විහාරය ආරම්භ කල ප්‍රංශ භාෂාවෙන් ධර්මය උගන්වන කොන්ගෝ ජාතික පූජනීය පඤ්ඤාබෝධි හිමියන් විසින්. අනිත් අතට කෙන්යාවේ විහාරස්ථාන ආරම්භ කර තියෙන්නේ දීර්ඝ කාලයක් ඇමරිකාවේ හා චෙකොස්ලෝවෙකියාවේ ධර්මය ඉගැන්වීම සිදු කරමින් ඉමහත් සේවයක් සිදු කල Bhante Wimala හිමිපාණන් විසින්. එම විස්තරත් අදාල වීඩියෝව තුලින් ඔබට බලාගන්න පුලුවන්. උගන්ඩාවේද විහාරස්ථාන ආරම්භ කර මහත් සේවයක් සිදු කරන්නේ පූජ්‍ය උගන්ඩාවේ බුද්ධරක්ඛිත හිමියන් විසිනි. උන්වහන්සේ ඇමරිකාවේ වෙස්ට් වර්ජිනියා බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ කාලයක් නතරව සිට ධර්මය උගත් හිමි නමකි. ලංකාවේද කාලයක් නතරවී සිට ධර්මය ඉගෙනගත් නිසා සිංහල ටිකක් කතා කිරීමටද පුලුවන. ටැන්සානියාව දීර්ඝ කාලයක් තිස්සේ බුදු දහම ඇසුරු කරගෙන කටයූතුකල රටක්. අද එම රටේ ථෙරවාද බෞද්ධ විහාරස්ථානය පවත්වාගෙන යන්නේ පූජ්‍ය පඤ්ඤාසේකර නාහිමියන් විසිනි. බොහෝ විස්තර කිව යුතු බැවින් වෙනමම සවිස්තරව වීඩියෝවක් මඟින් ඒ ගැන ඉදිරිපත් කරන්නෙමි. උගණ්ඩා බෞද්ධ මධ්‍යස්ථානය 2005 වසරේ ආරම්භ කරණ ලද අතර බුදු දහම වෙනුවෙන් ඒ රටේ අය කැපවී ක්රියාකරණ අකාරය ජපානයේ පැවති ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේදී බුද්ධරක්ඛිත හිමියන් ඉදිරිපත් කල තොරතුරු වලින් අපට දැනගන්න පුළුවන්. එම වීඩියෝව මේ සමග ඔබට ඉදිරිපත් කරමි