සුපිරි වෙළඳසැල් සහ සාමාන්‍ය කඩවලට කුළුබඩු නිෂ්පාදන දාන්නේ කොහොමද?

wKani

Active member
  • Mar 25, 2010
    921
    206
    43
    මචන්ලා, ලොකු උදව්වක් ඕනේ. මගේ කුළුබඩු බ්‍රෑන්ඩ් එකක් තියනවා. මට ඕනේ මේක ලංකාවේ ප්‍රධාන සුපර්මාකට් ජාල වලට සහ සාමාන්‍ය සිල්ලර කඩවලට දාන්න.

    මේ ක්ෂේත්‍රයේ ඉන්න අයගෙන් හෝ මේ ගැන දැනුමක් තියෙන අයගෙන් මට මේ කරුණු ටික දැනගන්න ඕනේ

    1. සුපර්මාකට් වලට ප්‍රොඩක්ට් එකක් දාන විදිහ:

    • මුලින්ම සම්බන්ධ කරගන්න ඕනේ කාගෙද?
    • අවශ්‍ය වන ලියකියවිලි මොනවාද? (BR, SLSI, GMP, Barcode වගේ දේවල් අනිවාර්යද?)
    • Listing Fee එකක් හෝ වෙනත් අමතර ගෙවීම් කරන්න ඕනෙද?
    2. සාමාන්‍ය සිල්ලර වෙළඳසැල් වලට:
    • කඩවලට දාද්දි සාමාන්‍යයෙන් තියාගන්න ඕනේ Discount (Margin) ප්‍රමාණය කීයද? (Retailer Margin එක සාමාන්‍යයෙන් කීයක් වගේ දෙනවද?)
    • Credit ද දෙන්න වෙන්නේ? නැත්නම් Cash කරන්න පුළුවන්ද?
    3. අලුත් බ්‍රෑන්ඩ් එකක් විදිහට මාකට් එකට යද්දී තියෙන අභියෝග මොනවාද?

    මේ ගැන අත්දැකීම් තියෙන කවුරුහරි ඉන්නවා නම් පොඩි උපදෙසක් දීගෙන යන්න.
     
    • Like
    Reactions: sunilT

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,238
    45,115
    113
    නියම interview ඵකක් තිබ්බා youtube ඵකේ විජය products spices අයිතිකාරයා ඵක්ක.. මේතරම් වෙලා හෙව්වා හම්බවුනේ නෑ..අයින් කරලද මංද..ඒක බැලුවනම් ඕකට අයිඩියා ඵකක් ගන්න තිබ්බා. පුළුවන්‍නම් වෙන රටවල් වලට යවන්න ට්‍රයි ඵකක් දෙන්න.. දැන් ගොඩක් ලංකාවේ අය වෙන රටවල් වල ඉන්නවනේ..උන් කිරි පිටිත් බොන්නේ ලංකාවේ තියෙන රත්තී වගේ ඒවා ඵහේ ලංකාවේ කඩ වලින් අරන්..🙃
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,367
    1,604
    113
    Looks like you have already figured out the essentials..

    Regardless of your expectations, there can be only that much shelf space, you see.. - Even in Aus, there are already established brands for Spices, taking up the shelf space of major supermarkets such as Woolworths, Coles and Aldi.. - I learnt that there are 20,000 to 40,000 products lined up, tightly in those isles of Woolies..

    Therefore essentially there will be challenges at the beginning to discourage you as a newbie but do not give up your hopes brah.. - Just keep hitting the deck..

    On a second thought, have you also thought of supplying, some of your stock, unbranded, to an already established brand, to keep your business floating..?

    Good luck brah.. 🤞
     
    • Love
    Reactions: wKani

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,101
    35,975
    113
    මැදමහනුවර

    මේවගේ පඩත්තලයො කියන ඒවා අහන් නැතුව වැඩේ කරපම්
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,287
    9,463
    113
    Heaven :p
    Nikan unta danna be. Aduma ISO 22000 wath ganin. GMP thibbata den ganne ndda koheda leading supermarket chain walin.

    Den oya certification thibunath godak products /companies ballata gihilla thiyenne

    Main certification bodies walin nethuwa podi podi keli arawagatta ponnayongen salli dila gannawa lankawe small scale company Karana wesigeputhala.
    Product eke quality ekak ne ithin, only certification.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,853
    1
    56,864
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචන්ලා, ලොකු උදව්වක් ඕනේ. මගේ කුළුබඩු බ්‍රෑන්ඩ් එකක් තියනවා. මට ඕනේ මේක ලංකාවේ ප්‍රධාන සුපර්මාකට් ජාල වලට සහ සාමාන්‍ය සිල්ලර කඩවලට දාන්න.

    මේ ක්ෂේත්‍රයේ ඉන්න අයගෙන් හෝ මේ ගැන දැනුමක් තියෙන අයගෙන් මට මේ කරුණු ටික දැනගන්න ඕනේ

    1. සුපර්මාකට් වලට ප්‍රොඩක්ට් එකක් දාන විදිහ:

    • මුලින්ම සම්බන්ධ කරගන්න ඕනේ කාගෙද?
    • අවශ්‍ය වන ලියකියවිලි මොනවාද? (BR, SLSI, GMP, Barcode වගේ දේවල් අනිවාර්යද?)
    • Listing Fee එකක් හෝ වෙනත් අමතර ගෙවීම් කරන්න ඕනෙද?
    2. සාමාන්‍ය සිල්ලර වෙළඳසැල් වලට:
    • කඩවලට දාද්දි සාමාන්‍යයෙන් තියාගන්න ඕනේ Discount (Margin) ප්‍රමාණය කීයද? (Retailer Margin එක සාමාන්‍යයෙන් කීයක් වගේ දෙනවද?)
    • Credit ද දෙන්න වෙන්නේ? නැත්නම් Cash කරන්න පුළුවන්ද?
    3. අලුත් බ්‍රෑන්ඩ් එකක් විදිහට මාකට් එකට යද්දී තියෙන අභියෝග මොනවාද?

    මේ ගැන අත්දැකීම් තියෙන කවුරුහරි ඉන්නවා නම් පොඩි උපදෙසක් දීගෙන යන්න.
    https://www.cargillsceylon.com/supplier-registration/

    අඩු මිලට දෙන්න තරඟ කරන්න එපා.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,613
    12,734
    113
    ලංකාවේ.. ලංකාවේ
    1. සුපර්මාකට් වලට ප්‍රොඩක්ට් එකක් දාන විදිහ:
    • මුලින්ම සම්බන්ධ කරගන්න ඕනේ කාගෙද?
    • අවශ්‍ය වන ලියකියවිලි මොනවාද? (BR, SLSI, GMP, Barcode වගේ දේවල් අනිවාර්යද?)
    • Listing Fee එකක් හෝ වෙනත් අමතර ගෙවීම් කරන්න ඕනෙද?
    මේක වෙනස් වෙනවා සුපර් මාකට් එකෙන් එකට. හොදම දේ ආර්පිකෝ හෝ කීල්ස් කතා කරලා බලන්න. ඒ දෙකෙන් එකකට සෙට් උනොත් අනිත් ඒවාට සෙට්. සතොස උනත් එහෙම තමා. කෝක උනත් දාන්න පට්ට අමාරුයි. නමුත් කතාකරලා විස්තර ටික හොයාගන්න. ඔයාගේ පැකින් ඉදන් වෙනස් කරන්න වෙන්න පුළුවන් උදා. බර්කොඩ් එක.

    2. සාමාන්‍ය සිල්ලර වෙළඳසැල් වලට:
    • කඩවලට දාද්දි සාමාන්‍යයෙන් තියාගන්න ඕනේ Discount (Margin) ප්‍රමාණය කීයද? (Retailer Margin එක සාමාන්‍යයෙන් කීයක් වගේ දෙනවද?)
    • Credit ද දෙන්න වෙන්නේ? නැත්නම් Cash කරන්න පුළුවන්ද?
    supermarket (modern Trade)
    වලට දානකොට ඔයා item ප්‍රයිස් එකේනේ වැට් නැතිව එගොලන්ට 20%-40% දෙන්න ඕනා. එකෙන් එකට වෙනස්.
    සමහර ජනතාවාදී කියන සුපර් මාකට් ඉල්ලනවා මස් රාත්තලම හෝ ටිකක් වැඩියෙන්. කතා කරලා බලපං මුලික 3-4 එතකොට තේරෙයි. තව අලුත් බඩුවක් නම් ප්‍රයිස් ඔෆ් එකත් අඩු කරන්න ඕනා...

    උදා ඔයා රුපියල් 100 මිල කලොත්, 10% ඔෆ් එකක් දුන්නොත් 10.00
    වැට්, SSCL අඩුකළ මිල 74.00
    20% මාකට් එකට දුන්නොත් 55-50 අතර
    ඒ කියන්නේ ඔයාගේ නිෂ්පාදන පිරිවයයි + ලාබෙ 50~55 අතර තියාගන්න වෙනවා.

    40% ඉල්ලොවොත් එකත් එකක්
    තව රිටන් ගන්න වෙනවා
    මාස 2ක් ක්‍රෙඩිට් කිව්වට මාස 4කට වත් ලැස්ති වෙන්න වෙනවා....
    සමහර විට ඊටත් වැඩියෙන්.
    සතොස වගේ උනොත් අවුරුදකට කලින් විකුනපුවත් රිටන් එනවා.

    3. අලුත් බ්‍රෑන්ඩ් එකක් විදිහට මාකට් එකට යද්දී තියෙන අභියෝග මොනවාද?

    මේ ගැන අත්දැකීම් තියෙන කවුරුහරි ඉන්නවා නම් පොඩි උපදෙසක් දීගෙන යන්න.
    මේ ඔක්කොම කිව්වේ අධර්ය කරන්න නෙමේ දැනගෙන වලට බහින්න.
    හොයලා බලලා වලට බහින්න

    අනික supermarket (modern Trade) අලුත් කෙනෙක්ට දානවා කියන්නේ වහක්. පුළුවන් තරම් කඩ, තොග කඩ වලින් බිස්නස් එක වැඩි කරලා ටිකක් දන්නා කියන බ්‍රෑන්ඩ් එකක් හදලා දාන්න බලන්න. supermarket වල අලුතින් එන යට අත හිත දෙනවා කිව්වට දාන්න ගියහම සුන්දර නෑ. ඉල්ලන කොමිෂම සප්ලයර් ගෙන් සප්ලයර් ට වෙනස්.

    ෆ්රීලන් ලාට ඉල්ලන එක නෙමේ කැච් වලට.
    ඔය දෙකටම දෙන එක නෙමේ maas වලට
    ඔය තුනම නෙමේ අලුතින් එන කෙනාට
     
    • Love
    Reactions: wKani

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    මේක වෙනස් වෙනවා සුපර් මාකට් එකෙන් එකට. හොදම දේ ආර්පිකෝ හෝ කීල්ස් කතා කරලා බලන්න. ඒ දෙකෙන් එකකට සෙට් උනොත් අනිත් ඒවාට සෙට්. සතොස උනත් එහෙම තමා. කෝක උනත් දාන්න පට්ට අමාරුයි. නමුත් කතාකරලා විස්තර ටික හොයාගන්න. ඔයාගේ පැකින් ඉදන් වෙනස් කරන්න වෙන්න පුළුවන් උදා. බර්කොඩ් එක.

    2. සාමාන්‍ය සිල්ලර වෙළඳසැල් වලට:

    supermarket (modern Trade)
    වලට දානකොට ඔයා item ප්‍රයිස් එකේනේ වැට් නැතිව එගොලන්ට 20%-40% දෙන්න ඕනා. එකෙන් එකට වෙනස්.
    සමහර ජනතාවාදී කියන සුපර් මාකට් ඉල්ලනවා මස් රාත්තලම හෝ ටිකක් වැඩියෙන්. කතා කරලා බලපං මුලික 3-4 එතකොට තේරෙයි. තව අලුත් බඩුවක් නම් ප්‍රයිස් ඔෆ් එකත් අඩු කරන්න ඕනා...

    උදා ඔයා රුපියල් 100 මිල කලොත්, 10% ඔෆ් එකක් දුන්නොත් 10.00
    වැට්, SSCL අඩුකළ මිල 74.00
    20% මාකට් එකට දුන්නොත් 55-50 අතර
    ඒ කියන්නේ ඔයාගේ නිෂ්පාදන පිරිවයයි + ලාබෙ 50~55 අතර තියාගන්න වෙනවා.

    40% ඉල්ලොවොත් එකත් එකක්
    තව රිටන් ගන්න වෙනවා
    මාස 2ක් ක්‍රෙඩිට් කිව්වට මාස 4කට වත් ලැස්ති වෙන්න වෙනවා....
    සමහර විට ඊටත් වැඩියෙන්.
    සතොස වගේ උනොත් අවුරුදකට කලින් විකුනපුවත් රිටන් එනවා.

    මේ ඔක්කොම කිව්වේ අධර්ය කරන්න නෙමේ දැනගෙන වලට බහින්න.
    හොයලා බලලා වලට බහින්න

    අනික supermarket (modern Trade) අලුත් කෙනෙක්ට දානවා කියන්නේ වහක්. පුළුවන් තරම් කඩ, තොග කඩ වලින් බිස්නස් එක වැඩි කරලා ටිකක් දන්නා කියන බ්‍රෑන්ඩ් එකක් හදලා දාන්න බලන්න. supermarket වල අලුතින් එන යට අත හිත දෙනවා කිව්වට දාන්න ගියහම සුන්දර නෑ. ඉල්ලන කොමිෂම සප්ලයර් ගෙන් සප්ලයර් ට වෙනස්.

    ෆ්රීලන් ලාට ඉල්ලන එක නෙමේ කැච් වලට.
    ඔය දෙකටම දෙන එක නෙමේ maas වලට
    ඔය තුනම නෙමේ අලුතින් එන කෙනාට
    තෑන්ක්ස් මචං. මාර වටිනවා.
    Online Trade වල තත්ත්වෙ මොකද බ්‍රෝ? daraz වගේ
     
    • Love
    Reactions: wqe123

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,874
    66,385
    113
    man dekka ara Royal foods da mokadda video yanawa FB eke.Minihage tactiks hodai.supermark bahinnne netuwa franchise karanna chance denawa ona brand name ekak gahala.bulk badu denawa low price