~~ශර්ලොක් හෝම්ස්ගේ "මහා භාණ්ඩාගාර කොල්ලය"~~

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,472
    3,854
    113
    ~~ශර්ලොක් හෝම්ස්ගේ "මහා භාණ්ඩාගාර කොල්ලය"~~
    (සර් ආතර් කොනෑන් ඩොයිල් විසින් රචනා නොකරන ලද්දකි)
    ===================================
    කහ පාට මීදුම පිරුනු බේකර් වීදියේ අංක 221B දරණ නිවසේ විසිත්ත කාමරය පුරා තද දුම්කොළ සුවඳක් පැතිරී තිබුණි. හෝම්ස් සිය පයිප්පයෙන් දුම් ගුලි යවමින් සුවිසල් සිතියම් පුවරුව ඉදිරිපිට සිටගෙන, රතු පැහැති නූල් කිහිපයකින් ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාරය, ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර සහ කොළඹ පැලවත්තේ පිහිටි දේශපාලන කාර්යාලයක් එකිනෙක යා කරමින් සිටියේය.

    වොට්සන්:
    හෝම්ස්, අර භාණ්ඩාගාරයේ සහකාර අධ්‍යක්ෂ රංගගේ මරණය ගැන මම ආයෙත් කල්පනා කළා. ඔබ කිව්වා වගේම එතන ලොකු රහසක් තියෙනවා. මිනිහගේ වාසගමත් රාජපක්ෂ. ඔය නමේම හොරකම තියනවා කියන එක තමා ඒ රටේ 3% ක් වගේ උනු උගත්ම පිරිස දරණ මතය. ඒත් මේ සල්ලි ඕස්ට්‍රේලියාවට යැව්වේ කොහොමද කියන එකයි මට තියෙන ගැටලුව. මම දැක්කා හර්ෂණ සූරියප්පෙරුම කියලා විචාරකයෙක් මේ සයිබර් ආරක්ෂාව ගැනයි හැකරෙක් ගැනයි අදහස් දක්වලා තියෙනවා.

    හෝම්ස්:
    (අතැතිව තිබූ විශාලන කාචය මේසය මතට වීසි කරමින්, තියුණු බැල්මකින් වොට්සන් දෙස බලා)
    අදහස් දක්වලා? නැහැ වොට්සන්, ඔහු අදහස් දක්වන විචාරකයෙක් නෙමෙයි. ඔහු තමයි මේ මුළු මකුළු දැලම වියපු "ප්‍රධාන මකුළුවා". ඔබ දන්නවාද ඒ සූරියප්පෙරුම කියන්නේ කවුද කියලා? ඔහු තමයි ශ්‍රී ලංකාවේ වත්මන් මුදල් ලේකම්!

    වොට්සන්:
    දෙයියෝ සාක්කි, මුදල් ලේකම්? ඒ කියන්නේ භාණ්ඩාගාරයේ ප්‍රධානියා?

    හෝම්ස්:
    හරියටම හරි. හැබැයි ඔහුට තව මුහුණුවරක් තියෙනවා. මෙන්න මේ සහතිකය දිහා බලන්න වොට්සන්. (හෝම්ස් පැරණි ලිපිගොනුවකින් කොළයක් ඇද පෙන්වයි).
    මේක 2019 960 828 දරණ ඔස්ට්‍රේලියා- ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසි සහතිකය. මේ පුද්ගලයා ඕස්ට්‍රේලියාවේ රජයට සම්බන්ධ රස්සාවක් කරලා එරට පුරවැසිකම ගත්ත කෙනෙක්. ඔහු තමන්ගේ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය නිල වශයෙන් අත්හැරියාද කියන එක පවා අභිරහසක්. මේකේ තව රහසක් තිබෙනවා වොට්සන්. මේ සූරියප්පෙරුම 2024 චන්දෙ ඉල්ලා තිබෙන්නේ ද්විත්ව පුරවැසියෙක් විදිහට. ඒක නීතිවිරෝධීයි.

    වොට්සන්:
    දෙවියනේ! ද්විත්ව පුරවැසියෙක් භාණ්ඩාගාරයේ ප්‍රධානියා වෙලා? එතකොට අර ඩොලර් මිලියන 2.5ක සයිබර් මංකොල්ලය?

    හෝම්ස්:
    (සිනාසෙමින්) සයිබර් මංකොල්ලයක්? වොට්සන්, ගෙදර යතුරු තියෙන කෙනාම ගෙට පැනලා සල්ලි ගත්තාම අපි ඒකට මංකොල්ලයක් කියන්නේ නැහැ. භාණ්ඩාගාරයේ සයිබර් ආරක්ෂාව බාර දීලා තියෙන්නේ "එනබල්” කියන ඔස්ට්‍රේලියාවෙම ආයතනයට. ඔබට පුදුම හිතෙයි වොට්සන්, මේ මුදල් ලේකම් හර්ෂණ, මීට කලින් ප්‍රධාන මූල්‍ය නිලධාරියා විදිහට වැඩ කළේ ඔය කියන "එනබල්" ආයතනයේමයි!
    හැබැයි ඔහු තමන්ගේ නිල වාර්තා වලින්, විකිපීඩියා පිටුවලින් මේ එනබල් ආයතනයේ වැඩ කරපු ඉතිහාසය ඉතා සූක්ෂමව හංගලා තියෙනවා. දැන් බලන්න මේ කතාවේ ලස්සන; තමන් වැඩ කරපු කම්පැනි එකේ 'සයිබර් සිදුරකින්' ඩොලර් මිලියන 2.5ක් ඕස්ට්‍රේලියාවටම යනවා. දැන් ඒ සල්ලි නැතිවුණ එක ගැන "පරීක්ෂණ පවත්වන" භාණ්ඩාගාරයේ ලොක්කා වෙලා ඉන්නෙත් ඔහුමයි! මේක බැඳියාවන් අතර ගැටුමක් නෙමෙයි වොට්සන්, මේක ජනාධිපතිත් එක්කම එකතුවෙලා ගහපු 'මාස්ටර් ප්ලෑන්' එකක්.

    වොට්සන්:
    ඒ කියන්නේ රංග රාජපක්ෂ අහුවුණේ මේකෙ ඇතුළේ තියෙන ඇත්ත දැනගත්ත නිසාද?

    හෝම්ස්:
    පැහැදිලිවම. රංග කියන්නේ මේ සොරකමේ බිල්ලට දෙන කුකුළා. ඔහුව වැඩ තහනමට ලක් කරලා ගෙදර යැව්වේ හොරකම කරපු නිසා නෙමෙයි, ඇතුළේ වෙන සෙල්ලම ඔහු දැකපු නිසයි. රහසක් රකින්න තියෙන හොඳම විදිහ රහස දන්නා කෙනාව සදහටම නිහඬ කරන එක කියලා මේ මොළකරුවන් දන්නවා.
    ඒක නෙවෙයි වොට්සන්. අපේ කතාව ඉස්සරහට කරගෙන යන ගමන් නරකද තේ ටිකක් බිව්වා නම්?

    වොට්සන්:
    හොඳයි. මම පහලට ගිහින් මිසිස් හඩ්සන්ට කියන්නම් (වොට්සන් පහලට ගොස් නැවත පැමිණෙයි).
    හෝම්ස්, ඔහු සියදිවි නසාගත්තා කියලා අර විශේෂඥ වෛද්‍යවරු හතර දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක්ම කිව්වා නේද?

    හෝම්ස්:
    (මහ හඬින් සිනාසෙමින්) වෛද්‍ය මණ්ඩලය? වොට්සන්, ඒ වෛද්‍යවරු හතර දෙනා තෝරාගත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්ද, නැත්නම් පැලවත්තේ ජවිපෙ මූලස්ථානයෙන්ද කියලා මට සාධාරණ සැකයක් තියෙනවා.
    අපරාධයක් වුණු තැනක මූලික ස්ථානීය පරීක්ෂණයක්වත් කරලා තියෙනවාද? දැන් මම ඔතෙනට ගියත් වැඩක් නෑ. ලංකාවේ පොලිසිය දැනටම ඔය තැන විනාශ කරලා ඇති. රංගගේ ගෙවත්තේ අවට බල්ලෙක්වත් එදා බිරුවේ නැත්තේ ඇයි? බලනහරයක් කපාගන්නකොට ඇතිවෙන අසීමිත වේදනාවට අර මනුස්සයා කෑගැහුවේ නැත්තේ ඇයි? මරණකරු දඟලපු පාරවල් පොළොවේ නැත්තේ ඇයි? ඔහු කපාගෙන නිසොල්මනේ එතන ඇල වුනාද?
    ඊළඟට අර වටිනාම සාක්ෂි! රංගගේ දුරකථනය පරීක්ෂා කළාද? ඒ අවට CCTV කැමරා දර්ශන ගත්තාද? කිසිවක් නැහැ. සියල්ලටම වඩා පුදුමේ තමයි වොට්සන්, මේ තරම් සැක සහිත මරණයක් වෙලත් 'විෂවේද’ සහ ‘පටකවේද’ වාර්තා ගන්න ඒ වෛද්‍යවරු කලබල නොවීම.

    වොට්සන්:
    ඒ ඇයි හෝම්ස්? ඒක අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් නේද?

    හෝම්ස්:
    ඔව්. හැබැයි ඒ වාර්තාව ආවොත්, රංගගේ සිරුර ඇතුළේ තිබුණ අර "රසායනික නිහඬකාරකය" එහෙමත් නැත්නම් සිහිනැති කරන්න දුන්නු වස වර්ගය අහුවෙනවා. සිහිය නැති හෝ පණ නැති සිරුර ගෙවත්තට ගෙනල්ලා, අතපය වල නහර කපලා මේක සියදිවි නසාගැනීමක් විදිහට පෙන්වන්න මේ 'භාණ්ඩාගාරයේ මොරියාටිලා' උත්සාහ කරලා තියෙනවා කියලා මම ඔබට කීවොත් වොට්සන්?

    වොට්සන්:
    (පුදුමයෙන්)මොනවා හෝම්ස්? මහ අහස පොළව නුහුලන අපරාධයක් නේ ඒක?

    හෝම්ස්:
    හ්ම්…හැබැයි එංගලන්තෙ මහාචාර්ය මොරියාටි අපරාධ කළේ මීට වඩා මොළය පාවිච්චි කරලා.
    මුදල් කාරක සභාව ඉස්සරහට යන්නත් බයේ හැංගෙන මේ හර්ෂණලා හිතන්නේ, පැලවත්තෙන් පත්කරපු ඩොක්ටර්ස්ලා හතර දෙනෙක් දාලා මේ ඝාතනය වහන්න පුළුවන් කියලයි. හර්ෂණයි, ඔහුගේ ප්‍රධානියයි හිතාගෙන ඉන්නවා ඔවුන් මොරියාටිලා කියලා. ඒත් ඔවුන් කාලෙකට කලින් කැලෑ පැනපු නූගත් පිරිසක් විතරයි.

    වොට්සන්:
    මොන තරම් ඛේදවාචකයක්ද හෝම්ස්! දළදා වඳින්න යන්න හිටපු, කඩල තම්බලා කාපු අහිංසක මනුස්සයෙක්ව මේ හොරු ටික බිල්ලට දුන්නා.

    හෝම්ස්:
    (කවුළුව අසලට ගොස් පිටත ඇති මීදුම දෙස බලා සිටිමින්)
    ඔව් වොට්සන්. මේක සයිබර් අවකාශයේ වුණු හොරකමක් නෙමෙයි. මේක රාජ්‍ය බලය, ද්විත්ව පුරවැසිභාවය සහ තමන්ගේම ව්‍යාපාරික ජාලය පාවිච්චි කරලා කරපු "මහා භාණ්ඩාගාර මංකොල්ලයක්."
    රංගගේ අත් පා වලින් ගැලුවාට වඩා ලේ, දැන් මේ කුමන්ත්‍රණය කරපු, ඒකට උඩගෙඩි දෙන පාලකයන්ගේ අත්වල ගෑවිලා තියෙනවා. පද්ධතියේ 'සටහන් දත්ත’ මකන්න පුළුවන් වෙයි වොට්සන්.
    මම හිතන්නේ ඔය තරප්පු නැගගෙන එන්නේ හඩ්සන් මහත්මිය. අපි තේ බොමු වොට්සන්.
    මේ නාට්‍යයේ අවසානය මීට වඩා ගොඩක් ඛේදනීය වේවි. අර මකුළු දැලේ පැටලෙන්නේ මැස්සෝ විතරක් නෙමෙයි, දවසක අර මහා මකුළුවත් ඒ දැලටම හිරවෙනවා. ඒ මහා මකුළුවා මොරියාටි වගේ බුද්ධිමත් නොවුනත්, මොරියාටිට වඩා අතිශ්‍ය ම්ලේච්ඡ ග්‍රාම්‍ය මිනිහෙක්. ඔය වගේ මිනිස්සුන්ට බලය කියන්නේ වඳුරට දැලි පිහිය අහු උනා වගේ. දවසක් ඒකෙන්ම කපාගෙන විනාශ වෙනවා.

    හඩ්සන් මහත්මිය තරප්පු පේලිය නැගගෙන එන කොටම තේ වල සුවඳින් විසිත්ත කාමරය පිරී ගියා.
    වොට්සන්: ම්.. තේ එක නම් ඉස්තරම් පාටයි.
    හෝම්ස්: වොට්සන් දන්නවාද ඔය තේ මොනවාද කියලා... Ceylon Tea.. ලංකාවේ කඳුකරයේ වැවෙන ලෝකේ හොඳම තේ...
    ඔය තේ විකුණලා අමාරුවෙන් එකතු කරපු ඩොලර් මිලියන 2.5 ක් තමා මේ හොරකම් කරලා තියෙන්නේ.

    ✍️
    Sarathi Ratnayake


     
    Last edited: