කතරගම පාද යාත්‍රා යන්න ඉන්න අයට.

Positive1

Active member
  • Mar 24, 2026
    119
    195
    43
    පහුගිය අවුරුදු හතරේ පාද චාරිකාවෙන් හම්බුන අත්දැකීම් එක්ක ලියන සටහනකි.
    1. අවශ්‍ය තරම් වතුර රැගෙන යන්න. එක්කෙනෙක් ළග අඩුම ලීටර් දෙකක වතුර ස්ටොක් එකක් හැම වෙලේම මේන්ටේන් කරගන්න. විශේෂයෙන් කුඹුක්කන් ඔය - ලිංතුන - කටුපිල ආර කොටසේ වතුර ටැංකි අඩුයි සහ තියන ටැංකිවල වතුර ඉක්මන්ට ඉවර වෙනවා. හම්බෙන තැන්වලින් වතුර Refill කරගෙන යන්න.
    2. කුඹුක්කන් ඔය ඉදන් වරහන වෙනකන් කොටසේ වතුර කිවුල් වෙන්න පුලුවන්. ජීවනී + දෙහි එක්ක වතුර බොන්න. බඩේ අමාරුවක් හැදෙන එකක් නෑ.
    3. පළමුවර යනවා නම් 4 දෙනෙක්ගේවත් කණ්ඩායමක් එක්ක යන්න. යන්න කට්ටිය නැත්තන් කුමන පිවිසුම ගාවින් ඇතුලට යද්දී ඕන තරම් අය හම්බෙයි. සිංහල දෙමළ භේදයක් නෑ හැමෝම එකට යන්නේ.
    4. දුර ප්‍රමාණයන් වර්ශාව අනුව වෙනස් වෙනවා. ආසන්න වශයෙන් සම්පූර්ණ ගමන කිලෝමීටර් 85-95ක් අතර වගේ වෙනවා.
    5. තමන් කැලේ ගත කරන දවස් ගානට වඩා දවසකට වගේ වැඩිපුර කෑම අරන් යන්න. උදේට බර දෙයක් උයාගන්න බත් වගේ. දවල්ට උදේ කෑම එකෙන් පාර්සල් කරගන්න. තව දවල් කෑමට ලිංතුන, කටුපිල ආර වගේ දන්සල් ටාගට් කරන් යන්න. ඒකෙන් වෙලාව ඉතුරු වෙයි
    6. චොකලට්, වියලි මිදි, රට ඉදි, සමපෝෂ, Grain Bars වගේ ක්ෂණික ශක්තිජනක කෑම ටිකක් ගෙනියන්න. කොමඩු වගේ දෙයක් ගෙනියනවා නම් පළවෙනි දවසට නියමයි හැබැයි බරයි.
    7. ප්‍රථමාධාර කට්ටලයක් ගෙනියන්න. තමන්ට අත්‍යවශ්‍ය බෙහෙත් අනිවාරෙන් ගෙනියන්න. බඩේ අමාරුවක් හැදුනොත් බොන්න බෙහෙත් අනිවාරෙන් ගෙනියන්න. මම නම් ගෙනියන්නේ Imodium Tablets.
    8. ඇදුම් අඩුවෙන් ගෙනියන්න. බෑග් එකේ බර අඩුවෙයි. ටිකක් හොද බැක්පැක් එකක් තියනවා නම් හොදයි. මේ ගමනේදි පෞද්ගලිකව මට වැඩියෙන්ම අමාරු උනේ කකුල් වලට නෙමෙයි උරහිස් වලට. බෑග් කැඩෙන්න පුලුවන්. ඉදිකට්ටයි නූලයි අරගෙන යන්න.
    9. සෙරෙප්පු දානවා නම් අනිවාරෙන්ම වගේ දියපට්ටා එනවා. හැබැයි මේ ගමනෙදී සපත්තු දාගෙන යද්දී වැවි, කලපු වලින් එගොඩ වෙද්දී වෙනම වෙලාවක් ගත කරන්න වෙනවා ගලවන්නයි දාන්නයි. මම නම් කරන්නේ කුමන පිවිසුමේ ඉදන් කුඩා කැබිලිත්ත කොටසට සපත්තුත්, එතන ඉදන් ලිංතුන හරහා උඩ පොත්තන කොටසට සෙරෙප්පුත් එතන ඉදන් දිගටම සපත්තු පාවිච්චි කරන එක.
    10. මේ ගමනෙදී කාලගුනෙත් වෙනස් වෙනවා දවසින් දවස. දවල් ලොකු අව්වක් තිබුනත් රෑ වෙද්දි ලොකු වැසි එන දවස් තියනවා. පරණ තොටුපල, වරහන මැණික් ගගේ වැල්ලේ ඉන්නවා නම් වැසි දිනයක අවදානෙන් ඉන්න. ඔයාලා ගහගෙන නොගියත් ඔයාලගේ බඩුබාහිර ගහන් යන්න පුලුවන්. එහෙම වෙච්ච අය ඉන්නවා. අව්වට වැස්සට දෙකටම ලෑස්ති වෙලා යන්න.
    11. නිදාගන්න ටෙන්ට් එකකට වඩා සුදුසු ලොකු ඉටි කොලයක්. හැබැයි අරන් යන එක ආයේ දාලා එන්න එපා.
    12. පහුගිය අවුරුදු හතරේදී මට සත්තු වැඩියෙන්ම හම්බුන තැන් :
    + යකාල කලපුව ඉදන් කුමන විල්ලුව හරහා කුඩා කැබිලිත්ත දක්වා කොටස.
    + ලිංතුන - කුරුදේ ආර - උඩ පොත්තන කොටස
    + පිලින්නෑව - කටුපිල ආර - පරණ තොටුපල - වරහන
    මේකෙනුත් කටුපිල ආර - පරණ තොටුපල ඉදන් වරහන කොටසේ සත්ව ගහණය ඉතාම වැඩියි. ගස් ළග ළග පිහිටීම නිසා වැඩි දුරක් පේන්නේ නෑ අලියෙක් හිටියත්. කල්පනාවෙන් යන්න.
    උඩ පොත්තන ඉදන් පිලින්නෑව කටුපිල ආර කොටස වෙනකන් තියෙන ඒකාකාරි කොටසේ අලි මංකඩ බහුලයි. සතෙක් හිටියත් පේන්නේ නෑ. හුගක් අවධානෙන් යන්න ඕනි තවත් කොටසක් ඒක.
    13. උදේම ගමන පටන් ගන්න. හුගක් නඩ උදේම යන නිසා සත්තුන්ගෙන් වෙන්න පුලුවන් බලපෑම අල්පයි. හවස 4ට කලින් තමන් නවතින තැනට යන්න. දවල් 2න් වගේ පස්සේ හුගක් නඩ ගමන් කරන්නේ නෑ.
    14. කැලේ තනිවෙන්න එපා. වතුර වලවල් ගාව විවේක ගන්න එපා. තමන්ට වටේම ටිකක් පේන එලිමහන් තැන්වල විවේක ගන්න. අනික් දේ තමයි විවේක ගන්න තැන්වල නිදාගන්න එපා කට්ටිය හුගක් රැදෙන තැන්වල ඇරුනම.
    15. මේක මම පෞද්ගලිකව කරන දෙයක්. ගෙදරින් ගෙනියන්න වෙනම වතුර බෝතලයක් හදිස්සිම වෙලාවක විතරක් ගන්න. වතුර නැතිම වෙලාවක දෙවෙනි තුන්වෙනි දවස්වල ඒ වතුර ටිකේ රස ගැන කියලා වැඩක් නෑ.
    16. ගෙනියන හැමදේම අරන් එන්න. විසි කරන්න එපා. පොලිතීන් වතුර බෝතල් හුලගේ යන නිසා පස්සේ ක්ලීන් කරන අයටවත් ඒවා හොයාගන්න බෑ.
    17. මේක විශ්වාස ගොඩක් එක්ක යන ගමනක්. තමන් විශ්වාස කරත් නැතත් අනික් අයගේ විශ්වාසවලට ගරහන්න එපා. එතන තියන සංස්කෘතිය විදින්න. මේ ගමන විහිලුවක් කරගන්න එපා. මෝඩ ආතල් ගන්න මේ ගමන යන්න එපා.
    18. Wildlife Officers, Army එකට උපරිම සහයෝගය දෙන්න. දාලා තියන Restrictions කඩන්න යන්න එපා.
    19. පුළුවන් තරම් සරල විදියට යනවා නම් හොදයි. හැබැයි පළවෙනි වතාවේ යනවා නම් පොඩ්ඩක් ලෑස්තිපිට යන්න.
    20. කාලය ගැන කිව්වොත් මම ගිය 4 සැරේම රාත්‍රීන් දෙකකින් ගමන ඉවර කරා නිවාඩු ප්‍රශ්න නිසා. හැබැයි ටිකක් කල් අරන් යනවා නම් මහන්සිය අඩුයි හිතටයි ගතටයි දෙකටම.
    තමන්ට අනුන්ටත් කැලේටත් හානියක් නොකර පාදයාත්‍රාව ඉවර කරන්න. ස්වභාව ධර්මයට වින කරන අයට දෙවි පිහිටක් නැත.

    Screenshot 2026-05-07 152149.png
     

    dillido

    Junior member
  • Sep 17, 2025
    51
    63
    18
    යන අය හොඳ විඳුලිපන්දමක් (torch light ) අරන් යන්න. බෙහෙත්, හිස් ආවරණ යක්(හැට්) , නම්කරන ලද කදවුර බුමි වල පමණක් ආහාරපිසාගන්න ගිනිදල්වන්න පුළුවන් ( දර කපාගන්න හොඳ මන්න පිහියක් වගේ අරන් යන්න, power bank. මේවා අත්‍යාවශ්‍ය වෙයි ගමනට
     

    Positive1

    Active member
  • Mar 24, 2026
    119
    195
    43
    යන අය හොඳ විඳුලිපන්දමක් (torch light ) අරන් යන්න. බෙහෙත්, හිස් ආවරණ යක්(හැට්) , නම්කරන ලද කදවුර බුමි වල පමණක් ආහාරපිසාගන්න ගිනිදල්වන්න පුළුවන් ( දර කපාගන්න හොඳ මන්න පිහියක් වගේ අරන් යන්න, power bank. මේවා අත්‍යාවශ්‍ය වෙයි ගමනට
    මේ පාර යනවද?
     
    • Like
    Reactions: NRTG

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,006
    2,252
    113
    Srilanka
    අඩො මෙක දැකලා මටත් යන්න ආස හිතුනා 😍.
    ගමන පටන් ගන්නේ කොහෙන්ද?
     
    • Like
    Reactions: NRTG

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    යන අය හොඳ විඳුලිපන්දමක් (torch light ) අරන් යන්න. බෙහෙත්, හිස් ආවරණ යක්(හැට්) , නම්කරන ලද කදවුර බුමි වල පමණක් ආහාරපිසාගන්න ගිනිදල්වන්න පුළුවන් ( දර කපාගන්න හොඳ මන්න පිහියක් වගේ අරන් යන්න, power bank. මේවා අත්‍යාවශ්‍ය වෙයි ගමනට

    @dillido එකක් අරගෙන යන්න
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,034
    1,595
    113
    yanna asa gamanak. idiri awuruddaka balanna ona. me para yana kenek innawanama gihin avith thread ekakin experience eka share karanna.
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,624
    33,800
    113
    මේ විදියට විවිධ සංස්කෘතීන් පොඩි රටක් ඇතුලේ තියෙන එක නම් හරිම වටිනවා. මේවා ඇත්තටම විදෙස් සංචාරකයින් අතර ප්‍රවර්ධනය කළ යුතු දේවල්
     
    • Like
    Reactions: NRTG