ශ්‍රී ලංකාවේ ලොකුම මන්දිරය.. ශ්‍රී ලංකාවේ ටජ්මහල.. ලෙස හදුන්වන, ශෝකාන්ත කථාවකින් අවසන් උන.. මේ රිච්මන්ඩ් කාසල් මන්දිරය බලන්න මම 2016 වසරෙදිත් ගිහින් තිබුනා... ඉතින් පසුගිය දවසක මම ආපහු මේ මන්දිරය බලන්න ගියා..
.
$ ටිකට් : වැඩිහිටි රු.100/- යි | ළමා රු.50/- යි | විදේශිකයන්ට රු.1000/- යි.
# දිනපතා උදේ 8 සිට හවස 4 දක්වා විවෘතව ඇත.
Location : https://maps.app.goo.gl/sAz5LhqDKFAjGJJV6
* මන්දිරය ඇතුලේ පොටෝ, වීඩියෝ ගැනීම තහනම්.
.
රිච්මන්ඩ් කාසල් මන්දිරය තියෙන මුළු ඉඩම අක්කර 42 යි. මේ මන්දිරය තුල උළුවහු 99 ක්, ජනෙල් 38 ක්, පහත මාලයේ හා උඩු මහලේ වූ කාමර 14 ක් (බිම් මහලේ කාමර 5ක්, කන්තෝරු කාමර 2 ක්ද, පින්තූර කාමරයක් හා නැටුම් ශාලාවක් වේ. අමතරව පෝටිකෝවක්, බැල්කනියක්, මැද සාලයක් හා මැද මිදුලක්වේ. උඩුමහලේ කාමර 6ක්, නාන කාමර සහිත වැසිකිලි 4 ක්, බැල්කනියක් වේ.
කළුතර දීසාව භාරව සිටි මහ මුදලි දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පඬිකාර මුදලිතුමා විසින් හදපු මන්දිරයක්.
ඉදිකිරීම් වෙනුවෙන් සමහර අමුද්‍රව්‍ය විදේශ රටවලින් ගෙනත් තියෙන්නේ.
කලු ගඟ, මුහුද වගේම , කලුතර බෝධියත් පෙනෙන අයුරින් සකස් කරලා තියෙන්නෙ.
මන්දිරය ට ගෙවැදීම, 1910 වර්ෂයේ මැයි 10 වන දින පැවැත්වූ මුදලිතුමා + මැටිල්ඩා සූරියබණ්ඩාර විවාහ මංගල්‍යය සමගම සිදු වුනේ.
දැන් මේ මන්දිරය මහා බාරකරුගේ පාලනයේ තියනවා.
චිත්‍රපට, ටෙලි නාට්‍ය ගණනාවකටමත් පසුතලය ලෙස මේ මන්දිරය අරන් තියනවා.
දැන් මේ මන්දිරය ළමා සුභසාධන කටයුතු වලට වෙන් වෙලා තියෙන්නේ.
මේ මන්දිරය ඉදිකිරීමට හේතුව : ආතර් ද සිල්වා තරුණයා, කළුතර දිසා විනිශ්චයකාරවරයාගේ දියණිය වූ ක්ලැරිස් මෝඩි මැටිල්ඩා සූරියබණ්ඩාර විවාහ කර ගන්න කැමති වෙනවා.. එත් තරුණියගේ පාර්ශවය ආතර් ද සිල්වා ගේ වත් පොහොසත් කම ප්‍රමාණවත් නැහැ කියලා අකමැති වෙනවා. ඉතින් ඉන්දියාවේ සංචාරයකදී මහා රජා කෙනෙකුගේ මහා මන්දිරයක් නරඹන්න ආතර් ද සිල්වාට පුලුවන් වුනා. එම මන්දිරයේ සැලැස්ම මහා රජාගෙන් ඉල්ලුවත් දෙන්නෙ නෑ., ලංකාවට ආපු ගමන් ආතර් ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පියො දෙදෙනෙක්ව ඉන්දියාවට යවල, මහාරාජා මන්දිරය බලාගෙන ඇවිත් තමයි රිච්මන්ඩ් කාසල් නමින් මහා මන්දිරය හැදුවේ. මන්දිරය දැකලා සූරිය බණ්ඩාර, තම දියණිය ආතර්ට විවාහ කර දෙන්න කැමැති වුනාලු.
මන්දිරය විවෘත කරන්න එන්න කියල මහාරාජට ආරාධනා කරලා. ඔහු දෑස් අදහගන්න බැරුව මාලිගාව දිහා බලාගෙන ඉන්න පින්තූර අදටත් මේ රිච්මන්ඩ් කාසල් මන්දිරය ඇතුළේ තියනවා.
මේ මුලු මන්දිරයම ස්වභාවික වායුසමීකරණ පද්ධතියක් තිබුනලු. වැසි ජලය බට තුළ එකතු කරලා බිත්ති තුළින් යන විදිහකට වායුසමීකරණ පද්ධතිය වැඩ කරනවා.
දරුවන් නැතිකම නිසා මුදලිතුමා සහ එම මැතිණිය කණගාටුවෙන් හිටිය නිසා හෝ බිරිද මන්දිරයේ සේවකයකු සමග තිබ්බ අනියම් සම්භන්ධය ගැන ගැන කථාවක් නිසා හෝ ආතර් මුදලිතුමා සියලු සම්පත් අතහැර දමා මන්දිරයටත් බිරිඳටත් සමුදීලා, නිහඬවම නිවසින් පිටවෙලා ගිහින් මහනුවර කුවින්ස් හෝටලයේ 75 වෙනි කාමරය කුළියට ගෙන එහි හුදකලාව ඉදලා 1947 ජූලි 08 වැනිදා මිය ගියාලු.
රිච්මන්ඩ් කාසල් මන්දිරය විනාඩි 4 ක කෙටි වීඩියෝව බලන්න :
.
* මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...පසුගිය සියලුම සංචාරයන් Index >>>
(C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.
Richmond Castle - Kalutara
.
$ ටිකට් : වැඩිහිටි රු.100/- යි | ළමා රු.50/- යි | විදේශිකයන්ට රු.1000/- යි.
# දිනපතා උදේ 8 සිට හවස 4 දක්වා විවෘතව ඇත.
Location : https://maps.app.goo.gl/sAz5LhqDKFAjGJJV6
* මන්දිරය ඇතුලේ පොටෝ, වීඩියෝ ගැනීම තහනම්.
.
රිච්මන්ඩ් කාසල් මන්දිරය විනාඩි 4 ක කෙටි වීඩියෝව බලන්න :
.
* මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...පසුගිය සියලුම සංචාරයන් Index >>>
(C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.
Richmond Castle - Kalutara
Last edited: