මහරාජා පැරදවු කළුතර මහ මුදලිගේ අභිමානය

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    මහරාජා පැරදවු කළුතර මහ මුදලිගේ අභිමානය

    මහරාජා පැරදවු කළුතර මහ මුදලිගේ අභිමානය



    මෙන්න බලන්න යන්න වටින තවත් තැනක්. මේක තියෙන්නේ කළුතර, පලාතොට යන ප්‍රදේශයේ. ඒ තමා රිච්මන්ඩ් කාසල්ස් හෙවත් රිච්මන්ඩ් බලකොටුව නමින් හැඳින්වෙන මන්දිරය. මේක වසර සියයක පමණ අතීතයකට උරුමකම් කියන අතර දනට ඉතිරිව ඇති විශාල මන්දිර වලින් එකක් ලෙසයි සැලකෙන්නේ. කළු ගඟ ආසන්නයේ ඇති අක්කරක පමණ භූමි භාගයක් ඇති මෙය දැන් අනාථ දරුවන් සඳහා වෙන්වී තිබෙනවා. එය පාලනය කිරීම සිද්ධ වෙන්නේ මහා භාරකාර දෙපාර්තමේන්තුව යටතේයි.
    මෙය අයිතිව පැවත ඇත්තේ නානායක්කාර රාජවාසල අප්පුහාමිලාගේ දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පණ්ඩික්කාර මුදලිතුමා වෙතයි. මේ මැදුර අභ්‍යන්තරය නිර්මාණය කර ඇත්තේ බටහිර රටක ආකාරයටයි. ආරක්‍ෂක කුටි, සේවක කාමර, නාට්‍යශාලාවක් ඇතුළුව සුඛෝපභෝගී ජීවිතයකට අවශ්‍ය සියළු දෙයින් අංග සම්පූර්ණව සකසා ඇත්තේ එකල සිටි ඉන්දියානු මහා රාජාවරයෙකුගේ නිවසේ ආකාරයටයි. එකල මෙම නිර්මාණය සඳහා මහාරාජාගෙන් සැලසුම් ඉල්ලා සිටියදී ඔහු කියා ඇත්තේ හැකිනම් නිවස බලා සාදා ගන්නා ලෙසයි. එවිට මුදලිතුමා ලංකාවේ දක්‍ෂ වඩු ශිල්පියෙක් හා ගෘහ නිර්මාණ ශිල්පියෙක් රැගෙන ඉන්දියාවට ගොස් මන්දිරය බලා එම ආකාරයට මන්දිරය සාදා විවෘත කිරීමට මහරාජා වරයාට ආරාධනා කොට තිබෙනවා. එම උත්සවයට පැමිණි ඔහු පුදුමව ඇත්තේ තමන් සැලසුම් නොදී පවා ඒ විදිහටම මන්දිරය ගොඩ නගාඇති ආකාරය දුටු විටයි. මන්දිරයේ නාට්‍යශාලාව සකසා ඇත්තේ ස්වභාවිකව වායුසමනය වන ආකාරයටයි. පොලවේ ඇති සිදුරු කළු ගඟ ඇති ප්‍රදේශය දක්වා උමං ලෙස යවා තිබී ඇති අතර ඒවායින් ස්වභාවිකවම ශාලාව වායුසමනය වෙමින් පැවතිව ඇත. නාට්‍ය නැරඹීමට සාදා ඇති නැරඹුම් ස්ථානයට යාමට සාදා ඇති පඩි පෙල සකසා ඇතිතේ සීගිරියේ ඇති ආකාරයට තනි කණුවක වටේට පඩි පිහිටන ආකාරයටයි.

    ගඩොල් හා උළු ඉන්දියාවෙන් ද, දැව බුරුමයෙන් ද, ජනෙල් වීදුරු ඉතාලියෙන් ද, නාන කාමර හා ගෙබිම මැටි පුවරු එංගලන්තයෙන් ද ගෙන්වා ගත්තේය. මේවා කොළඹ වරායේ සිට කළුතරට නැව් මගිනුත්, එතැන් සිට කළු ගංඟාව දිගේ බත්තල් මඟින් මන්දිරය ඉදි වන භූමියටත් ගෙන එන ලදී. මන්දිරයට අවශ්‍ය ශ‍්‍රමය හා අනෙකුත් දේශීය අමුද්‍රව්‍ය සපයා ගත්තේ මේ තරුණ ජව සම්පන්න මහමුදලිවරයාගේ අන්තේවාසික ප‍්‍රාදේශීය මහමුදලිවරුන්ගේ සහයෝගයෙනි. කළුවර, බුරුත වැනි වටිනා දැව වර්ග, සිය ගණනක් වූ ශ‍්‍රම බළකාය එවැනි උදව් උපකාර අතර විය. නිවසට අවශ්‍ය තේක්ක වැනි දැව වර්ග බුරුමයේ සිට නැවක්ම ගෙන ආ බව කියැවේ. ඉතා කෙටි කාලයකින් ඉදි කළ මේ මන්දිරය මහාරාජාගේ මන්දිරයටත් වඩා විශාල ප‍්‍රතාපවත් මැදුරක් විය.
    නාට්‍ය ශාලාවේ ඇති කැටයම් බුරුමයෙන් ගෙන්වන ලද තේක්ක කොට වල ඇම්බැක්කේ දේවාලයේ ඇති කැටයම් සාම්ප්‍රදායටම නිමවා ඇත. ජනේල වීදුරු සඳහා ඉතාලි හා ස්කොට්ලන්තයෙන් ගෙන්වන ලද වීදුරු යොදා ඇත. මේ වීදුරු වල විශේෂත්වය නම් එවායේ ඇතුලට ආලෝකය එන අතර ඇතුලත සුදු පැහැ වන අතර පිටින් බැලූ විට ඇතුලත නොපෙනෙන කොළ පැහැයෙන් දිස්වීමයි. නුවර යුගයේ කැටයම් වලින් අලංකෘතව බුරුම තේක්කයෙන් කරවන ලද තරප්පු පෙල අති විශිෂ්ඨ ලෙස දිස්වෙන්නේ ලාංකිකයන්ගේ පෞඩ සාම්ප්‍රදාය පෙන්වමින්. 99ක් දොර උලුවහු වලින්ද ජනේල 38කින්ද සමන්විත මේ මැදුර මැද මිදුලකින්ද සමන්විතයි. මැද මිදුල මධ්‍යයේ ඇති වතුර මල හා වටේ ඇති බිත්ති වල ඇති සිංහ ප්‍රතිමා වලින් ද විදුනු ජලය කානු පද්ධතියක් මගින් නැවත පහල ඇති ටැංකියකට එකතු විමට සලසා ඇත.
    ඔහු ගම් 12ක් භාරව සිට ඇති අතර 40 දෙනෙකුගෙන් සැකසුන ඔහුගේම කුලී හේවා ආරක්‍ෂකයන් පිරිසක් සිටි බැවයි කියවෙන්නේ. විවාහ වී ඇත්තේ නුවර ප්‍රදේශයෙන් වන අතර එහි සිට මනමාලිය කළුතර පිහිටි මන්දිරයට කැඳවාගෙන පැමිණ ඇත්තේ විශේෂ දුම්රියකිනි. එහි සිට මන්දිරයට එන තෙක් තොරණ් 7ක් සදා තිබූ බැව් කියවෙනවා. සාදා ඇති කේක් එක අඩි 18 උස බැව්ද සඳහන්. මන්දිරය 1980 වන විට ගරා වැටී ඇති අතර 2011 වන විට එය සාර්ථකව පිලිසකර කොට ඇත. ලංකාවේ සිටි සුදු අශ්වයින් සතරක් බැඳි අශ්ව කරත්තයක් හිමිව ඇති දෙවැන්නා ලෙස මෙහු සලකෙන අතර බ්‍රිතාන්‍ය ආබාධිත සොල්දාදුවන් වෙනුවෙන් රුපියල් 2500ක් තෑගි කිරීම වෙනුවෙන් මුදලි තුමාගේ බිරිඳට මහා රාජිණිය එවූ ලියයමනක්ද දැනට මෙම මන්දිරයේ සුරක්‍ෂිකව පවතිනවා.

    මෙතරම් සැප සම්පත් තිබුනද මෙම යුවළ විවාහ දිවිය සතුටින් ගත කර නැති බවට විවිධ කථා පවතියි. විවාහයේ දරුවන් නොසිටි නිසා මෙම විවාහය දෙදරා ගිය බව එක් කතාවකි.මන්දිරය ඉදිරිපස අදත් දකින්නට ඇති මිදුල පුරා ලමයින්ගේ ප්‍රතිමා මන්දිරය දෙස බලා සිටින ආකාරයට සකස් කිරීමෙන් දරුවන් පිළිබඳව සිත් තැවුලෙන් පසුවු බවට සාක්ෂි සපයයි.

    සිය බිරිය මෙම මන්දිරයේ රියදුරෙකු සමඟ ඇතිකරගත් අනියම් සබඳතාවක් හෙළිවීමෙන් පසු මෙම මුදලිවරයා සිය බිරිය ද ඇයගේ නිවසට ඇරලවා මන්දිරය හැරදමා ගොස් ඇති බව ඇතැම්හු කියති. කෙසේ වෙතත් මාසිකව බිරිඳට දීමනාවක් ලැබෙන පරිදි දේපල සියල්ල රජයට පවරා ඇත්තේ අවසන් කැමැත්ත ලෙස අනාථ දරුවන්ට පිහිට වීම සඳහා දේපල බෙදන ලෙසටයි.පසුව සිය මුදලි තනතුරද අතහැර මෙම මන්දිරයෙන් පලා ගිය මුදලිතුමා මහනුවර ක්වීන්ස් හෝටලයේ 75 වන කාමරය කුලියට ගෙන කලක් හුදකලාව ජීවත්ව ඇති අතර 1947 ජූලි මස 08 වැනි දින මිය ගිය දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පඬිකාර මුදලිතුමා දැනටත් මහා භාරකාර දෙපාර්තමේන්තුව මගින් අනාථ දරැවන් හා වෙනත් දරුවන් සඳහා නොමිලයේ පන්ති පැවැත්වෙනවා.

    කොළඹ ඉඳලා වැඩි ඈතකුත් නැති නිසා නිවාඩු දවසක බලන්න යන්න හොඳම තැනක් තමයි මේ. කළුතර ඉඳලා නාගොඩ පාරේ ගියාම මේ මන්දිරය බලන්න පුළුවන්. මේ මන්දිරය බලන්න වැඩිහිටි අයෙක් නම් රු 20 ක ටිකට් එකක් ගන්න වෙනවා.ළමයින්ගෙන් අයකිරීම රු 10යි.
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    පුරාවිද්යා එකෙන්ද බන් කරන්නේ.. යන්න ඔනා වෙලාවක බලන්න.. ශෙයා කලාට ස්තුතියි..
     

    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    පස්සේ කියවන්නම්.ස්තුතියි දැනුවත්කලට .........
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    යන්න ඔනා වෙලාවක බලන්න.. ශෙයා කලාට ස්තුතියි..