Random කතා - පොඩි උන්ගෙ හිත්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,712
    73,157
    113
    පහුගිය දවසක වෙච්ච සීන් එකක් කියන්න හිතුවා. පොඩි එකාව උදේම ගිහින් බස් එකට දාන්න ඕනා. ඉතින් ඔතන තව පොඩි කෙල්ලො දෙන්නෙකුත් එනවා. අපි ඔතන ඉන්නෙ උපරිම විනාඩි 10යි. කොහොමහරි එක පොඩි එකෙක් bday එකට හම්බුන අර කකුලෙන් තල්ලුව දාගෙන යන scooter එකක් වගේ එකක් උස්සන් ආව. මම හිතන්නෙ ඕක උස්සන් ආවේ අපේ එකාටයි අනිත් එකාටයි පෙන්නන්න. අනිත් කෙල්ල ලොකුයි අපේ එකා ඉතින් තාම දැක්ක දේ ඉල්ලන වයසේ. ඕක දැක්ක වෙලාවේ ඉඳන් මට පේනවා අපේ එකාගෙ ඇස් වල කඳුලු තදකරන් ඒක දිහා බලන් ඉන්නවා. ඒ අතරේ වයිෆ්ටත් මොනාද මුනු මුනු ගානවා. ටික වෙලාකින් ඔන්න එනවා මගෙ ගාවට ඇවිත් අහනවා "තාත්ති මටත් එකක් අරන් දෙනවද?" කියලා. ඒ මූන දැක්කාම මට පට්ට දුක හිතුනා. මම කිව්වා වීක් එන්ඩ් එකේ අනිවා අරන් දෙන්නම් කියලා. එහෙම කියලා තමා ශේප් කරගත්තෙ

    පොඩි උන්ට බන් අපිට වගේ ඒ වෙලාව ඕවා ගන්න සල්ලි තියෙනවද? ඕවා ගනන්ද වගේ ඒවා තේරෙන්නෙ නෑ. උන්ගෙ හිත් පුංචි, උන්ට තියෙන එකම දේ ඒවගෙ එකක් හොයාගන්න. එහෙම උනාම දෙමාපියන් ගොඩක් වෙලාවට අසරන වෙනවා. උඹලා දෙමාපියෝනම් උඹලගෙ ලමයෙක් ලවා එහෙම දෙයක් තව පොඩි එකෙක්ගෙ ඔලුවට නොයන්න වැඩ කරන්න බලපල්ල, මොකද සමහර වෙලාවට ඕකෙන් ඇත්තට තැල්ලෙන්නෙ එහෙම දෙයක් අරන් දෙන්න බැරි දෙමාපියෙක් වෙන්න පුලුවන්.