$ වලින් තියෙන්නෙ. රුපියල් නෙවෙයි. 100000ක් වත් අදායම තියෙන උන් මහ ගොඩක් නෑ $5000 මාසෙටඒක හරි බන්
මගේ මාසෙ පඩිය $5000ක් උනේ කොරෝනා කාලෙ වගේ මේ වෙනකොට රටේ ගොඩක් දෙනෙක්ට ඒ ගාන හම්බෙනවා ඇති
බදු වැඩි කරනකොට අපිට ඕවා නෑනේ හූනේ ගෑවට වක්‍රව එනවා. VAT threshold එක 100,000 ගෙනවා කියන්නේ enduser තමා ඕවා ගෙවන්න ඕනේ. අනික ගෑස් විදුලි බිල වැඩි වෙනවා කියන්නේ. මිල වැඩි වීමක් සාපේක්ෂ වැඩි වීමක් නෙමෙයි වෙන්නේ කම්පවුන්ඩ් එකක්.
ලොකු ගණනන් නැතිව සරලව ගත්තොත්, විදුලිය වැඩි වීම නිසා හිතන්න 100 ක බඩුවක් 110 කරන්න උනානම් 100 වෙනුවෙන් අපි රු 18ක වැට් එකක් ගෙව්වනම් දැන් product එක 110+18 නෙමෙයි වෙන්නේ 110+19.80 = 129.80 ඒ කියන්නේ වැඩි වීම රු 30ක් වෙනවා. අනෙක තේරෙනව ද මන්දා රු 10 product cost එක වැඩි උන එකත් එක්ක පාරිභෝගිකයගේ පැත්තට වෙන බලපෑම.
ගොඩක් අය ඇඩුවා ව්‍යාපාර ලොකු ගනන් වැඩි කලා කියලා. මගේම ඇත්දැකීමක් කියන්නම් මම 60 කට ගත්ත රෝල්ස් එකක්, පහුගිය දවස් වල ගෑස් වැඩි උනු එකත් එක්ක රු 80 කරලා. සෑහෙන අසාධාරණයි කියලා හිතුවත් එතන වැට් බිලක් දෙන්නේ නැති උනාට PVT Ltd එකක් යටතේ නම් එන්නේ ඉතිං සාධාරණයි මොක ද සේවකයෝ 2න්නෙක් ඉන්න කඩයක් කියන්නේ මාසික ආදායම 100,000 ට වඩා කොහොමත් වැඩි වෙන්න ඕනේ. අනෙක කට්ටිය හිතන්නේ අයියෝ 20ක් හෙන ගහනවේ ගෑස් වලට කියලා. නෑ ගෑස් තෙල් මිල සේරම එක්ක එන්නේ ඕවා. ව්‍යාපාරයක් කරනවා කියන්නේ job වගේ නෙමෙයි. තමන් යටතේ ඉන්නේ සේවකයන්ගේ රැකියාව ගැනත් ඒ මිනිස්සු හිතන්න ඕනේ. පාඩුවට කරලා කඩන් වැටුනොත් කරන කෙනාට විතරක් නෙමයි බලපෑම එන්නේ, ඒ ව්‍යාපාරය නිසා ජීවත් වන හැම කෙනාටම. එතන අතු ගාන කෙනාගේ ඉදලා, එතනට සප්ලයි දෙන මිනිහගේ ඉඳන්. අනෙක තමා ලංකාවේ රාජ්‍ය සේවය 98%-99% රදා පැවතිලා තියෙන්නේ පෞද්ගලික ආයතන සහ පෞද්ලික සේවකයෝ මත පැටවෙන බදු මත.
වැඩි පුර මහන්සිවෙලා වැඩි පුර දැනුමක් එකතු කරගෙන ආයතනයක වැඩිපුර සේල්ස් ප්‍රමාණයක් එකතු කරලා ආයතනයට වගේම රාජ්‍ය වෙනුවෙනුත් විශාල ආදායමක් අරන් එන දක්ෂ සේවකයන්ට රජයෙන් දෙන දඩුවම තමා 36% බද්ද. ඒක ඒ පුද්ගලයා ගෙවන්නේ ඔය වැඩි වෙන අනෙකුත් වක්‍ර බදුත් එක්ක.
ලංකාවේ වගේ රටක සිස්ටම් හදලා තියෙන්නේ තව දුරටත් මේ හදන් යන්නේ, සාධාරණව දියුණ වෙන්න නෙමේ මනුස්සයෙක්ට කොහොමවත් ඔළුවක් උස්සන්න බැරි කරන්න.

------ Post added on May 10, 2026 at 1:47 PM
අපෙන් අරන් හිගන්නුන්ට නිකන් දෙන එකයි දුක.
GPU වලට