වැඩි හරියක් බිස්නස් කරන උන් මුල් කාලේ උන් ඒවා පටන්ගෙන පවා තියෙන්නේ එක්කෙඔ නිදන් හාරලා හම්බෙච්ච සල්ලි වලින්.., නැත්තන් මැති ඇමතිවරුන්ට අල්ලලා.
මොනවම හරි ගේම් ගහලා තියනවා
හොදට බලපන් නීතිගරුක අවන්කව වැඩ කරන උන් හැම දාම එක තැන
මේකෙ අදහස සම්පූර්ණ ඇත්ත. හැබැයි “නිදන් හාරලා” කියන කතාව ගොං කතාවක්. හැම එකාම නිදන් හාරලා වෙන්න බෑ. එක එකා එක එක දේවල් කරල තියෙනවා “නිදන් හෑරුවා වගේ” දක්ෂතාවක් නැතුව නිකන්ම වාසි ගත්ත.
සමහර ඒවා නීතියට විරුද්ධයි. (උදා: බදු පැහැර හැරීම, insider trading, other forms of manipulation, හොර පාරෙන් රටින් බඩු ගේන එක etc)
සමහර ඒවා නීත්‍යනුකූලයි, නමුත් සදාචාර විරෝධියි.
(උදා: සූදු පිටි, අරක්කු වගේ මත්ද්‍රව්‍ය බිස්නස්, සල්ලි පොළියට දෙන එක - මේකෙ නං නීති විරෝධී ටිකකුත් තියෙනවා මං හිතන්නෙ etc)
ධම්මික පෙරේරා ඔය කැටගරි දෙකටම වැටෙනවා. අනිත් ගොඩක් අය ඔය කැටගරි දෙකෙන් එකකට අයිති බව ඕන මොළයක් ඇති කෙනෙකුට තේරෙන්න ඕන. එහෙම නැති පවුලෙන් සල්ලි ආව කියන අයගෙත් ඒ කියන පවුලෙ අය ඔය දෙකෙන් එකකට වැටෙනවා.
ඒ ඔක්කොටම අයිති නැති අයගෙන් ටිකකට ඇත්තටම පවුලෙන් හොඳ විදියකින් ආපු සල්ලි තියෙනවා. ඒක රජකාලෙ ඉඳන් ආපු ඉඩම් වෙන්නත් පුලුවන්. පර්ච් එක සත ගානට සීය කෙනෙක් ගත්ත වත්කම් වෙන්න පුලුවන්. මට නං පේන විදියට ඔය සල්ලි කාරයන්ගෙන් බහුතරය (99%) අර උඩ කියන දෙකෙන් එකකට වැටෙනවා.
පස්සෙ ඇවිත් මෝඩ නූගත් කලුවොන්ට ටෝක් දෙනවා සදාචාර සම්පන්නව හොඳට බිස්නස් කරන හැටි. මෝඩ කලුවො “ඒ වගේ ගේමක් ගහනවා - මේක තමයි ඒකට සුපිරිම රට” කියලා පටන් අරන් කෙලෝගන්නවා. උන් දන්නෙ නෑ අරුන් වගේ කරන්නෙ නැතුව බහුතරේට ඒක කරගන්න බෑ කියන එක
