🔴 ඉන්ධන මිළ නැවතත් ඉහළ යන බවට ඉඟි... ⛽⬆️

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,240
    5,074
    113
    Loading...

    ඉන්ධන මිල ගැන ජනපතිගෙන් ඉඟියක්​




    ඉන්ධන පරිභෝජනය අඩුකිරීම රජයේ ඉලක්කය වන බවත් ඒ අනුව ඉන්ධන මිල ඉහළ දැමීම ආදී තීන්දු තීරණවලට එළැඹුණු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    නුවරඑළිය දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩිවීම හමුවේ මෙරට ඩීසල් ලීටරයක මිල රු 720ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

    එහෙත් රජය විසින් ඩීසල් ලීටරයක් සඳහා රු 100ක මුදලක් වැය කරමින් රු 392ක මුදලකට ජනතාවට ලබාදීමට කටයුතු කිරීම තුළ ද සංස්ථාව පාඩු ලබමින් සිටින අතර, එය දීර්ඝ කාලීනව සිදුකළ නොහැකි බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

    වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

    පෙබරවාරි මාසයේ දී අපට තෙල් අනායනයට වැය වී තිබුණේ, ඩොලර් මිලියන 98යි. මාර්තු මාසයේ දී අපිට වැයවෙලා තියෙනවා ඩොලර් මිලියන 216ක්. අප්‍රේල් මාසයේ දී අපට වැයවෙලා තියෙනවා ඩොලර් මිලියන 368ක්. මැයි මාසයේ දී අපි ගණනය කරා අපිට වැයවෙනවා ඩොලර් මිලියන 522ක්. පෙබරවාරිය හා සංසන්දනය කරලා බලද්දි 6 ගුණයකට වඩා වැඩි ප්‍රමාණයක් තෙල් ආනයනය සිදුවෙලා තියෙනවා. අපිට යම් අභියෝගයක් සමඟ තමා ආර්ථිකය කළමනාකරණය කරන්න වෙන්නේ.

    තෙල් වියදම බැලුවොත් පෙට්‍රෝලියම් එකෙන් කියලා තිබුණා ආසන්න වශයෙන් ඩීසල් ලීටරයක මිල රු 720ක් වෙනවා කියලා. හැබැයි ඩීසල් ලීටරයක් ලබාදෙන්නේ 392කට. අපි ආණ්ඩුවෙන් රු 100ක වැයබරක් දරනවා. එතකොට තෙල් සංස්ථාවට ලැබෙන්නේ රු 492යි. එතනත් ඔවුන්ට විශාල පාඩුවක් තියෙනවා. ඒ පාඩුව පියවා ගන්න අවශ්‍යයි. තෙල් සංස්ථාවේ විශාල පාඩුවක් ආණ්ඩුව අරන් තියෙන්නේ. ඒ පසුගිය කාලයේ ආණ්ඩු නිසි කළමනාකරණයක් නොකළ නිසා. බිලියන 84ක පාඩුවක්. සංස්ථාව භාණ්ඩාගාරයට පවරා ගෙන තියෙන්නේ.

    විදුලි බිලත් එහෙම තමා. තෙල් වැඩිවීම නිසා අද බලපෑමක් එල්ල වෙලා තියෙනවා. අපි ඒකටත් යම් සහනයක් දෙන්නම්. විදුලි බිල 18%කින් වැඩි වෙද්දි 95%කට වැඩිවීම බලපාන්නේ නැති ආකාරයකට. 5%කට වගේ තමා විදුලිබිල වැඩි වුණේ.

    නමුත් දිගටම අපිට තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලයට භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදෙමින් පවත්වාගෙන යන්න බෑ. ඒවා කාර්යක්ෂම කරගන්න ඕනේ. ජනතාවට ප්‍රතිලාභ ලැබෙන විදියට අනිත් දේවල් කළමනාකරණය කරන්න ඔ්නේ.

    ඉන්ධන පරිභෝජනය අඩුකිරීමේ ඉලක්කයක් තියෙනවා. මොකද වැඩි මිලකට ඉන්ධන මිල ඉහළ ගියාම පරණ පරිභෝජනය තිබුණොත් ඩොලර් ගලාගෙන යන ප්‍රමාණය වැඩිවෙනවා. ඒ නිසා යම් ප්‍රමාණයකට අපි පරිභෝජනය අඩුකිරීමේ අවශ්‍යතාවයෙන් තමා අපි යම් තීන්දු තීරණ අරන් තියෙනවා. අපි උත්සාහ කරනවා ඉන්ධන සම්බන්ධයෙන් විසඳුම් ඉක්මනින් ලබාදෙන්නම්.


    Source
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,574
    16,154
    113
    මම තෙල් ලිං අයිතිකාරයෙක් නෙමෙයි

    6 7 Hamster GIF by Grind
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    අා කමක්‍ නෑ..මේ මාසේ සෙට් ඵකක්ම හිරේ දානව කිව්වනේ..☺️
     
    • Wow
    • Haha
    Reactions: KDH and HKavinda

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ගනන් හදලත් කිව්වා වගෙ මතකයි හොරකම් කරනවා කියලා :rofl: තව බදු අඩු කරන කතාවකුත් කිව්වා වගෙ මතකයි. මෙහෙම ගියොත් මූ කලින් හිටපු උන්ටත් වැඩිය චොර කරලා යන්නේ මේක :oo: තාම අදායම් එන ප්‍රොජෙක්ට් එකක්වත් පටන් ගෙන නෑ නෙ මුන් විකුනනුවා ඇරෙන්න
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    ආයෙ ඉතින් ආණ්ඩුවක් තියා විපක්ෂයක්වත් සහෝදරයෝ set එකට හම්බෙන්නේ නෑ. දැන් කරගන්න මොනා හරි ටිකක් තමා :lol: මේ කාංචනයට යන commission එක අයින් කරගන්න බැරුවට විදින දුකක්. 🥴
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,639
    2,758
    113
    colombo
    තෙල් වලට ගහන tax අඩු කරන්න.

    භාණ්ඩාගාරය පිරෙන්න සල්ලි තියෙනවා කිව්වේ මොනාද මේ කරන විකාරේ.

    සිරස කලින් ඉන්දියාව වෙන රටවල් ඉන්ධන මිල වැඩි කිරීම හයිලයිත් කරලා නිව්ස් දැම්මේ


    ඒ රටවල් tax අඩු කිරීම ගැන නිව්ස් දැම්මේ නැහැ නේ තාම බල්ලෝ