ට්‍රම්ප්ගේ යුද උන්මාදය නිසා ඉන්දියාව තෙවන වරටත් ඉන්ධන මිල ඉහළ දමයි..🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,508
    47,680
    113
    ඉන්දියාව තෙවන වරටත් ඉන්ධන මිල ඉහළ දමයි..

    L0V4xdi.jpeg


    ඉන්දියාවේ ඉන්ධන මිල තුන්වන වරටත් ඉහළ දමා තිබෙනවා.

    ඉරාන යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ සිදුවූ පාඩුව පියවා ගැනීම සඳහා මෙලෙස තුන්වන වරටත් ඉන්ධන මිල ඉහළ දැමීමට ඉන්දීය රජය කටයුතු කර තිබෙනවා.

    ඉන්දියාවේ රාජ්‍ය ඉන්ධන සමාගම් මේ මාසය තුළ තුන්වන වරටත් පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දැමීමටයි කටයුතු කර තිබෙන්නේ.

    ලෝකයේ තෙවැනි විශාලතම තෙල් ආනයනකරුවා සහ පාරිභෝගිකයා වන ඉන්දියාව, යුද වාතාවරණය හමුවේ ගෝලීය වශයෙන් මිල ගණන් ඉහළ ගියද සිල්ලර ඉන්ධන මිල ඉහළ නැංවීම ප්‍රමාද කළ අවසන් ප්‍රධාන ආර්ථිකයක් සහිත රටක් ද වනවා.

    මීට පෙර පසුගිය මැයි 15 වැනිදා සිදුකළ මිල ඉහළ දැමීම වසර හතරකට පසු ඉන්දියාවේ සිදු වූ පළමු ඉන්ධන මිල සංශෝධනයයි.

    මැතිවරණ සහ දේශපාලන බලපෑම් හේතුවෙන් රාජ්‍ය සමාගම් අදියර කිහිපයකින් ඉන්ධන මිල ඉහළ දැමීම සිදු කරනවා.

    මීට පෙර 2022 අප්‍රේල් මාසයේදී ද උත්තර ප්‍රදේශ් ඇතුළු ප්‍රාන්ත කිහිපයක මැතිවරණ අවසන් වූ වහාම මෙලෙස මිල ඉහළ දැමීමට සමාගම් කටයුතු කර තිබූ බව ඉන්දීයමාධ්‍ය වාර්තා කර තිබෙනවා.

    පිරිපහදු අංශවල ආරංචි මාර්ග සඳහන් කරන්නේ, සිදුවූ පාඩුව සම්පූර්ණයෙන්ම පියවා ගැනීම සඳහා තවත් මිල ඉහළ දැමීම් අවශ්‍ය වනු ඇති බවයි.

    ඔව් ඔව් ලංකාවෙත් වැඩි වෙනවලු...:yes:...ට්‍රම්ප්ව මතක් කරන් තෙල් ගහන්න..😬

    Village People Dancing GIF by de chinezen
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    ට්‍රම්ප්ගේ වැඩ නෙමේ බන්. මෝදී ඊශ්‍රායලයට දෙන්න ගිහින් ඉරානයේ තෙල් ගන්න දීලා තිබ්බ අවසරේ නැවැත්තුවා. දැන් හිර වෙලා.