උඹ දැන් තනිකරම අනාගෙන වටේ යනවා බං. මොළයක් තියෙන උන් අහන්නේ පණිවිඩය මිසක් කියන දිහා බලලා නෙවෙයි. උගන්වන ටීචර් හොරෙක් වුණාට, ඌ 2+2=4 කියන එක බොරුවක් වෙන්නේ නෑ. බුදු දහමේ කියන දේවල් තේරුම් ගන්න, ඒක කියන එකා සිල්වත්ද නැද්ද කියන එක අදාළ නෑ. ධර්මය තියෙන්නේ පොත් වල, ප්‍රායෝගික ජීවිතේ. හොරු කරන්නේ ඒක විකුණන් කන එක.
උඹ එක වෙලාවක කියනවා උන් සිවුරට මුවා වෙලා ප්ලෑන් කරලා ස්ටේජ් එකක් හදාගෙන මිනිස්සු රවට්ටනවා කියලා. අනිත් වෙලාවට කියනවා ආගමේ නීති නිසා අසහනේ ඇවිත් සතා එළියට පනිනවා කියලා. ප්ලෑන් කරලා, ස්ටේජ් හදාගෙන මිනිස්සු රවට්ටන එකෙක්ට අසහනේ නෙවෙයි තියෙන්නේ, පට්ට කපටිකම සහ අවස්ථාවාදීකම. උන් ආගම පාවිච්චි කරන්නේ බිස්නස් එකට. එතන ආගමේ වැරැද්දක් නෑ, තියෙන්නේ සිස්ටම් එකේ හිඩැස් වලින් රිංගපු උන්ගේ තිරිසන්කම.
------
Post added on May 14, 2026 at 7:55 AM