ඇය දුන්න උත්තරය තමයි මේ මුළු කතාවේම තීරණාත්මකම දේ,
"මම හිතුවා ඔබ ඇත්තටම නබිවරයෙක් නම් අල්ලාහ් ඔබට මේ ගැන කලින්ම කියයි කියලා. හැබැයි ඔබ බොරුකාරයෙක් නම්, මම මගේ මිනිස්සුන්ව ඔබෙන් නිදහස් කරගන්නවා."
අන්තිමේදී ඇය දිනුවා. ඇය ඔප්පු කළා ඔහුට කල්තියා දැනගැනීමේ දිව්‍යමය බලයක් නැති බව. නබිතුමා හැමතිස්සෙම කිව්වේ තමන්ට අසනීපයක් වුණොත් ඒක සුව කරන්න අල්ලාහ් සහ ජිබ්රීල් දේවදූතයා මැදිහත් වෙනවා කියලා. ඒත් ඛයිබර් විෂ ශරීරගත වුණාම සිද්ධ වුණේ ඒකේ අනිත් පැත්ත. නබිතුමා විෂ ශරීරගත වුණු බව දැනගත්තු ගමන්ම කළේ එදා තිබුණු ප්‍රමුඛතම වෛද්‍ය ක්‍රමය පාවිච්චි කරපු එක.
Ibn Sa'd page 250 වාර්තා කරන විදිහට අල්ලාහ්ගේ දූතයාණන්ට අසනීප බව දැනුණු විට, ඔහු Cupping (හිජාමා) මගින් තමන්ගේ ශරීරයෙන් ලේ පිටතට ගත්තා.
Sahih Bukhari 7.592 අනුව පුදුමය කියන්නේ, නබිතුමා කලින් කියලා තිබුණා මිනිසුන් පාවිච්චි කරන බෙහෙත් අතරින් හොඳම බෙහෙත වන්නේ Cupping කියලා . හැබැයි තමන්ම හොඳම බෙහෙත කියලා සහතික කරපු ඒ ක්‍රමයටවත් ඔහුගේ ශරීරයේ තිබුණු යුදෙව් විෂ ඉවත් කරන්න බැරි වුණා.
මුස්ලිම්වරු විශ්වාස කරන්නේ නබිතුමාට ඕනෑම වෙලාවක දේවදූතයන්ගේ සහය ලැබෙනවා කියලා. ඒත් මෙතැනදී ජිබ්රීල් පවා අසරණ වුණා.
Ibn Sa'd page 265 වාර්තාවට අනුව නබිතුමා අසනීප වුණු වෙලාවේ ජිබ්රීල් ඔහු අසලට ඇවිත් මෙහෙම මැන්තරයක් (Chant) කළා "අල්ලාහ්ගේ නාමයෙන් මම ඔබව ආරක්ෂා කරමි, ඔබව පෙළන සෑම දෙයකින්ම සහ නපුරු ඇසකින්ම අල්ලාහ් ඔබව සුවපත් කරනු ඇත! “ කියලා
හිතලා බලන්න දෙවියන්ගේ ප්‍රධානම දූතයා ඇවිත් අල්ලාහ් ඔබව සුව කරයි කියලා සහතික වෙලත්, නබිතුමා සුව වුණේ නැහැ. එතකොට ජිබ්රීල් කිව්වේ බොරුද? නැත්නම් අල්ලාහ්ට ඔහුව සුව කරන්න බැරි වුණාද?
ඛයිබර්වලදී විෂ කෑවට පස්සේ නබිතුමා එතැනම මැරුණේ නැහැ. හැබැයි ඒ විෂ ඔහුගේ ශරීරය ඇතුළේ ක්‍රමයෙන් ක්‍රියාත්මක වුණා. නබිතුමා නිතරම කිව්වේ ඛයිබර්වලදී කාපු ඒ මස් කෑල්ලේ විෂ තමන්ට වරින් වර දරුණු ලෙස බලපානවා කියලා. මේ අවුරුදු 3 ඇතුළත ඔහු විඳපු වේදනාව ගැන හදීස්වල තියෙන්නේ හරිම අමුතු විස්තරයක්.
Ibn Sa'd page 251, 252 වාර්තා කරන විදිහට ඛයිබර්වලදී ගත් ඒ විෂ සහිත මස් කෑල්ලේ බලපෑම නබිතුමාට දිගින් දිගටම දැනෙන්නට විය. ඔහු වසර තුනක් යනතුරුම එම වේදනාවෙන් පීඩා විඳි අතර, අවසානයේ ඔහුගේ මරණයට හේතු වූයේද එම විෂමය.
මරණයට සති කිහිපයකට කලින් ඔහුට ඇතිවුණු රෝග ලක්ෂණ හරිම දරුණුයි.
Ibn Hisham (p. 678) වාර්තාවට අනුව නබිතුමාගේ අසනීපය ආරම්භ වුණේ ඉතාම දරුණු හිසරදයකින්. ඔහු වේදනාවෙන් කෙඳිරිගාමින් සිටි බවත්, ඔහුගේ උණ කෙතරම් දරුණුද යත්, ඔහුට සිහිය නැති වීමට පවා එය බලපෑ බවත් සඳහන් වෙනවා.
විෂ ශරීරගත වීම නිසා ඇතිවුණු මේ සංකූලතා හමුවේ නබිතුමාට තමන්ගේ සිරුර පවා පාලනය කරගන්න බැරි වුණා. ඔහුට නැවත නැවතත් සිහිය නැති වුණා. (Ref: Ibn Sa'd p. 294). එක් අවස්ථාවක ඔහුට තමන් මතට වතුර වත් කරගන්නවත් ශක්තියක් තිබුණේ නැහැ. වතුර බාල්දි හතක් තමන්ගේ සිරුර මතට වත් කරන ලෙස ඔහු අණ කළේ ඒ උණ සහ වේදනාව දරාගන්න බැරි තැනයි.
නබිවරයෙක් විදිහට තමන්ගේ අනුගාමිකයන්ට නායකත්වය දෙන්න ඔහුට අවශ්‍ය වුණත්, ශාරීරිකව ඔහු සම්පූර්ණයෙන්ම වැටුණා.
Ibn Sa'd (p. 294) සහා Sahih Bukhari 665 වාර්තා වලට අනුව ඔහුට තනියම ඇවිදගන්න බැරි වුණා. ඔහුගේ පාද පොළොවේ ඇදෙමින් තිබුණු බවත් (Feet dragging), සගයන් දෙදෙනෙකුගේ උරහිස් මත වාරු වෙමින් තමයි ඔහු අවසන් වරට පල්ලියට ගියේ.
සැබෑ අනාවැකි පවසන දිව්‍යමය පණිවිඩකරුවෙකුට තමන්ගේ අවසාන පණිවිඩයවත් දීගන්න බැරි තත්ත්වයක් ඇති වුණා. නබිතුමාට අවසාන කාලයේ වචන පිට කරගන්න බැරි වුණා. ඔහුට යමක් ලියා දීමට අවශ්‍ය බව පැවසුවත් , ඒ වෙලාවේ ඇතිවුණු කලබලය සහ ඔහුගේ දුර්වලතාවය නිසා ඔහුට ඒ පණිවිඩය දෙන්න බැරි වුණා.
නබිතුමා අසනීප වෙලා ඉද්දි ඔහුගේ බිරිඳ සහ මාමා (අබ්බාස්) ඔහුට බලහත්කාරයෙන් බෙහෙත් පොවනවා. ඒ වෙලාවේ ඔහු කියපු දේ බලන්න,
Ibn Hisham page 680 සහා Ibn Sa'd page 294 වාර්තා වලට අනුව නබිතුමා ඇහුවා ඇයි මට බෙහෙත් පෙව්වේ කියලා. ඔවුන් කිව්වා ඔබ Pleurisy (පෙනහළු ආවරණයේ ආසාදනයක්) රෝගයෙන් පෙළෙනවා කියලා අපි බය වුණා කියලා. එතකොට නබිතුමා කිව්වේ "අල්ලාහ් මට ඒ රෝගය දෙන්නේ නැහැ, මොකද ඒක සාතන්ගෙන් එන රෝගයක්. මම මේ විඳවන්නේ අර විෂ මස් කෑල්ල නිසයි කියලා.
මෙතනින් පේනවා නබිතුමා පවා පිළිගත්තා ඔහුගේ මරණයට හේතුව විෂ මිසක් ස්වභාවික ලෙඩක් නෙවෙයි කියලා. හැබැයි Pleurisy කියන්නේ සාතන්ගේ රෝගයක් කියන එකෙන් ඔහුගේ වෛද්‍ය දැනුමේ තරම හිතාගන්න පුළුවන්. නබිතුමාගේ පුරුද්දක් තිබුණා ඔහුට පොඩි අසනීපයක් වුණත් ඒක සුව කරන්න කියලා අල්ලාහ්ගෙන් ඉල්ලන්න. හැබැයි මේ වෙලාවේ ඒ හැම දෙයක්ම අසාර්ථක වුණා.
Ibn Sa'd page 322 වාර්තා වලට අනුව නබිතුමා අසනීප වුණු හැම වෙලාවකම අල්ලාහ්ගෙන් සුවය ඉල්ලුවා. හැබැයි තමන් මැරෙන බව තේරුණු මේ අසනීපයේදී ඔහු සුවය ඉල්ලන එක නතර කළා.
වැඩේ අතේ පත්තු වුණු බව තේරුණාම, නබිතුමා කළේ තමන්ගේ අනුගාමිකයන් ඉස්සරහා තමන්ගේ ගෞරවය බේරගන්න එක. ඔහු කිව්වා දෙවියන් මට තේරීමක් දුන්නා, මම පාරාදීසය තේරුවා කියලා. හැබැයි ඒ වෙද්දීත් විෂ ශරීරය පුරා පැතිරිලා ඔහු අන්ත අසරණ වෙලයි හිටියේ. මේක හරියට අර කලින් ප්‍රොපට් ටෙස්ට් එකෙන් පැරදුණාම, තමන්ගේ අසාර්ථකත්වය වහගන්න දෙවියන් මට පාරාදීසයට එන්න කිව්වා, ඒ නිසා මම යන්න යනවා කියලා කියනවා වගේ වැඩක්.
නබිතුමාගේ මරණය සිද්ධ වුණු විදිහයි, ඔහු ඒ වෙලාවේ පාවිච්චි කරපු වචනයි බැලුවම, මේක හරිම පුදුම සහගතයි. ඔහු අවසන් කාලයේ විඳපු වේදනාව විස්තර කරන්න පාවිච්චි කළේ Aorta severed (මහා ධමනිය කැපී යාම) කියන යෙදුමයි. නබිතුමා මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දී ඔහු විඳපු වේදනාව විස්තර කළේ මෙහෙමයි,
"උම් බිෂ්රි, ඛයිබර්හිදී ඔබේ පුතා සමඟ මම කාපු ඒ කෑම නිසා මගේ මහා ධමනිය කැපී යනවා වගේ වේදනාවක් මට දැන් දැනෙනවා."
දැන් මේක කුරානයේ Sura 69:44-46 එක්ක සසඳලා බලන්න., මේකේ තියෙන Irony එක බලන්න . කුරානයේ Sura 69:44-46 වල අල්ලාහ් මෙහෙම කියනවා "ඔහු (මුහම්මද්) අපගේ නමින් යම් බොරු ප්‍රකාශ කළේ නම්, අපි ඔහුව දකුණු අතින් අල්ලාගෙන, ඔහුගේ මහා ධමනිය කපා දමන්නෙමු." කියලා
යුදෙව් කාන්තාව තැබූ පරීක්ෂණය (ඔහු බොරුකාරයෙක් නම් විෂෙන් මියයනු ඇත) සහ නබිතුමාගේම මරණ මංචකයේ වේදනාව (මහා ධමනිය කැපී යාම) යන දෙකම එකම තැනකට එකතු වීම අහම්බයක් වෙන්න බැහැ නේද? එකට එකතු වුණාම එන නිගමනය ඔයාලටම හිතාගන්න පුළුවන්.
ගොඩක් අය හිතාගෙන ඉන්නේ නබිතුමා හරිම සාමකාමී විදිහට, හරිම Peaceful විදිහට සමුගත්තා කියලා. ඒත් ඉස්ලාමීය නිල වාර්තා දෙස බැලුවම පේන්නේ වෙනම කතාවක්. ඔහු අවසන් හුස්ම හෙළන මොහොතේ පවා පසුවුණේ දැඩි පීඩනයකින් සහ අමනාපයකින්. නබිතුමා මරණ මංචකයේ ඉද්දී, දරුණු වේදනාවෙන් ඉන්න අතරෙත් ඔහු කළේ තමන්ගේ සතුරන් සහ වෙනත් ආගමිකයන් පලවා හැරීමයි.
Ibn Sa'd page 322 & Sahih Bukhari 1:427 වාර්ථා වලට අනුව "නබිතුමා මරණයට ඉතාම ආසන්නව සිටියදී, ඔහු තමන්ගේ මුහුණ රෙදි කඩකින් වසා ගත්තේය. ඔහුට අපහසු බව දැනුණු විට ඔහු එය ඉවත් කර මෙසේ කීවේය: තම නබිවරුන්ගේ සොහොන් වන්දනාමාන කරන යුදෙව්වන්ට සහ ක්‍රිස්තියානීන්ට අල්ලාහ්ගේ ශාපය වේවා!'" කියලා
සහීහ් මුස්ලිම් - හදීස් අංක 1767 (Sahih Muslim 1767)
උමර් බින් අල්-ඛට්ටබ් (Umar b. al-Khattab) මෙසේ වාර්තා කළේය,
"අල්ලාහ්ගේ දූතයාණන් (නබිතුමා) මෙසේ පවසනු මට ඇසුණි: 'මම අරාබි අර්ධද්වීපයෙන් යුදෙව්වන් සහ කිතුනුවන් (Christians) පිටමං කරන්නෙමි. මුස්ලිම්වරුන් මිස වෙන කිසිවෙකු මම එහි ඉතිරි නොකරන්නෙමි.'" කියලා
හිතලා බලපන්—තමන්ගේ අවසාන හුස්ම ටික යද්දී පවා මනුෂ්‍ය වර්ගයාට ආශිර්වාද කරනවා වෙනුවට, ඔහු තෝරාගත්තේ වෙනත් ආගම් අදහන පිරිසකට සාප කරන එක. මේක දේව පණිවිඩකරුවෙක්ගේ ලක්ෂණයක්ද?අයිෂා (නබිතුමාගේ බිරිඳ) විස්තර කරන විදිහට නබිතුමාගේ මරණය සිද්ධ වුණේ ඇගේ දෑත මතයි. ඒ වෙලාවේ ඔහු හිටපු නොසන්සුන් බව වාර්තා වල මෙහෙම සඳහන් වෙනවා:
Ibn Hisham page 682: "නබිතුමා අයිෂාගේ දෑත මත මියයද්දී, ඔහු දැඩි අපහසුතාවයකින් සහ නොසන්සුන්කමකින් (Uneasy) හිටියේ."
මේ ඓතිහාසික කරුණු දෙස බලපුවාම අපිට පේන ඇත්ත මේකයි ,යුදෙව්වන් තැබූ පරීක්ෂණයෙන් නබිතුමා අසමත් වුණා ,විෂ හඳුනාගත්තේ කෑවාට පසුවයි, ඔහුට තමන්ගේම සගයාවවත්, තමන්ගේ ජීවිතයවත් බේරගන්න දිව්‍යමය බලයක් තිබුණේ නැහැ.
ඔහුගේ අවසානය මෛත්‍රියෙන් පිරුණු එකක් නෙවෙයි, වෛරයෙන් සහ සාපයෙන් පිරුණු එකක්.මේක දේව පණිවිඩකරුවෙකුගේ අවසානයක්ද, නැත්නම් තමන් කළ ක්‍රියාවන්හි ප්‍රතිඵල තමන්ටම ලැබුණු සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ අවසානයක්ද? තීරණය ඔයාලට බාරයි!