කියෙව්වද? Why Buddhism is true- Robert Wright

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    If I am happy and stay out of trouble, isn't what Buddha, Jesus, Nabhi wants..? (පරමාර්ථ සත්‍ය..?)

    depends,

    මුලින් බලන්න ඕනේ ආගම් වලින් කියන්නේ මොකක්ද කියලා. ජීවත් වෙන ටිකේ සතුටින්, කරදර වලින් බේරිලා ජීවත් වෙනවට එහා ගිහින්, මැරුණට පස්සෙත් පැවැත්මක් තියෙනවා කියන එක වටා තමයි ආගම් ගොඩනැගෙන්නේ, imho.

    සතුට සාපේක්ෂයි.
    sadist කෙනෙන් සතුටු වෙනවා, inflicting pain on others.
    ආගමික කෙනෙක් සතුටු වෙන්න පුලුවන් හොඳ විදිහට ජීවත් වුනොත් ස්වර්ගය ලැබෙයි කියලා.
    තව කෙනෙක් සතුටු වෙන්න පුලුවන්, මැරුණට පස්සේ ඔක්කොම ඉවරයි, ඒ නිසා ඉන්න ටිකේ මොනවා කරත් ප්‍රශ්නයක් වෙන්නැහැ කියලා හිතලා, ඉන්ද්‍රිය පිනවලා.
    පොදුවේ, අපිම හදාගන්න වටිනාකම් ටිකක් තමයි සතුට.

    භෞතික ලෝකය, දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරන ලද්දක්, දෙවියන් වහන්සේව විශ්වාස කරොත්, pray කරොත්, හොඳ විදිහට ජීවත් වුනොත්.. සදාකාලික ස්වර්ගය ලැබෙනවා කතෝලික, ඉස්ලාම් ආගම් වලට අනුව.

    ලෝකය, හේතු ඇති විට පැවත, හේතු නැති වීමෙන් නිරුද්ධ වෙන ක්‍රියාවලියක් බෞද්ධ දර්ශනයට අනුව. බෞද්ධ දර්ශනයට අනුව කිසි දෙයක් සදාකාලික නැහැ. සත්වයා චේතනාව, චේතනාව අනුව කරන ක්‍රියාව නිසා කාම, රූප සහ අරූප විදිහට ප්‍රධාන කොටස් තුනකට වෙන් කරන්න පුලුවන් තල වල ඉපදෙනවා. මේක නොනැවතී සිදුවෙමින් පවතින ක්‍රියාවලියක් මිසක්, දෙවි කෙනෙක්, භ්‍රහ්මයෙක් කරන දෙයක් නෙමෙයි. ධර්මතාවයක්.

    කතෝලික, ඉස්ලාම් perspective එකෙන් ගත්තොත් දෙවියන් වහන්සේ විශ්වාස කරන්, යහපත් විදිහට ජීවත් වෙන එක තමයි දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ කියලා කිව්වට ප්‍රශ්නයක් නැහැ, imho.

    ඒත් බුදුහාමුදුරුවෝ බලාපොරොත්තු වෙන්නේ ඒක නෙමෙයි. බුධිසම් වල පෙන්නන්නේ සත්ත්වයා නොනවතින සසර ගමනක, කාලෙකදී සතර අපා වලත්, කාලෙක දිව්‍ය, භ්‍රහ්ම තල වලත් නොනවතින දුකක් විදින බව. මේ පෙන්නන දුක දෙවි කෙනෙන්, භ්‍රහ්ම කෙනෙක් වුනත් ඉවර වෙන්නැහැ. ඒ දුක නැති කරගන්න විදිහ තමයි බුධිසම් වලින් පෙන්නන්නේ. ධර්මතාවයක් තියෙනවා. ධර්මතාවය තමයි හේතු ප්‍රත්‍යයෙන් දුක හට ගැනීම සහ හේතු නැති විට දුක නිරුද්ධ වීම. ඒ ධර්මතාවය අවබෝධ කර ගෙන දුකෙන් මිදෙන එක තමයි බුදුදහමෙන් පෙන්වන්නේ.
     
    • Like
    Reactions: Peace for All

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,152
    2,028
    113
    If I am happy and stay out of trouble, isn't what Buddha, Jesus, Nabhi wants..? (පරමාර්ථ සත්‍ය..?)

    You were born in a prison and you dont even know it. Sure, you can stay out of trouble and even be happy, but youre still in a prison. Jesus and others show you how to move to a better, more comfortable cell (but still inside the prison)

    Buddhas teachings make you realize that you ARE in a prison, and show you the way out to true freedom/happiness.