''ගැසට් එකට කළින් වාහන 4000ක LC දාලා": කොහොමද පච කොටාගේ මගඩි!

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    874
    1
    1,761
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    බල්ක් LC ඕපන් කලාට වැඩක් නෑ වගේ. මොඩිෆයි කරන්න බෑ, ශොට් එක දීලා

    චැසි නම්බරේ දාන්න යද්දි අලුත් ටැක්ස් එක වදිනවා :yes:


    https://www.ceylonwire.lk/a-new-not...mposition-of-surcharge-on-import-of-vehicles/

    වාහන ආනයනයේදී රේගු ආනයන බද්ද මත 50%ක අධිභාරයක් පැනවීම සම්බන්ධයෙන් මුදල් අමට්ය්හ්යංශය විසින් නවතම දැනුම්දීමක් සිදුකර ඇත.

    එම දැනුම්දීමට අනුව, 2026.05.15 දිනට පෙර විවෘත කරන ලද ණයවර ලිපි, 2026.05.15 දිනට පසු යම් සංශෝධනයකට ලක්කරන්නේ නම්, ඒ හරහා ආනයනය කෙරෙන වාහන නව බදු සංශෝධනයට යටත් වේ.

    පහතින් දැක්වෙන්නේ මුදල් අමාත්යංශය ඒ සම්බන්ධයෙන් නිකුත්කර ඇති නිවේදනයයි.

    විදේශ විනිමය කළමනාකරණය කිරීමේ කඩිනම් ක්‍රියාමාර්ගයක් ලෙස මාස 3ක කාලයක් සඳහා තුන්රෝද රථ හැර දැනට රේගු බදු පනවා ඇති මෝටර් වාහන ආනයනය මත 2026 මැයි 16 දින සිට ක්‍රියාත්මක වන පරිදි රේගු ආනයන බද්ද මත 50% ක අධිභාරයක් රේගු ආඥා පනතේ 10(අ) වගන්තිය යටතේ පනවා ඇත. එසේ වුවද, එය 2026.05.15 දින හෝ ඊට ප්‍රථම ණයවර ලිපි විවෘත කරන ලද වාහන සඳහා මෙම අධිහාරය අදාළ නොවේ.

    එසේ වුවද, එම ණයවර ලිපිය/ලිපි 2026.05.15 ට පසුව වාහන සංඛ්‍යාව, වාහන හඳුනා ගැනීමේ අංකය, වාහනයේ විස්තරය හෝ වාහනයේ තාක්ෂණික පිරිවිතර යන කරුණු සම්බන්ධයෙන් ණයවර ලිපිය/ලිපි සංශෝධනය සිදු කරන්නේ නම්, එසේ ආනයනය කරන ලද වාහන රේගු ආඥා පනතේ 10(අ) වගන්තිය යටතේ 2026.05.15 දිනැති අංක 2488/56 දරණ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශිත අධිභාරය ගෙවීමට යටත්වන බවට 2026.05.17 මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික කටයුතු ගරු අමාත්‍යවරයා විසින් 2488/69 අංක දරණ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර ඇත.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,228
    1
    57,281
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ පිළිබඳව තොරතුරැ දන්නා අය වහා ඉදිරිපත් වන්න.


    Meme Lol GIF by ALL SEEING EYES
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,309
    2,531
    113
    තවත් ඉතිං මුන්ගේ 'පිරිසිදු දේශපාලනය' serious ගන්නවනං පිස්සෙක් වෙන්න ඕනි.