වාණිජ වාහන සඳහා: ලීසිං දෙන්නේ උපරිම 60% කි. එනම් වාහනයේ වටිනාකමෙන් 40% ක් ඔබ අතින් ගෙවිය යුතුයි.
කාර්, SUV, වෑන් සහ ත්‍රීරෝද රථ සඳහා: ලීසිං දෙන්නේ උපරිම 40% කි. එනම් වාහනයේ වටිනාකමෙන් 60% ක්ම ඔබ අතින් (Down Payment එක ලෙස) ගෙවිය යුතුයි.
ලියාපදිංචි නොකළ වාහන සහ ප්‍රථම ලියාපදිංචියෙන් පසු ශ්‍රී ලංකාව තුළ වසරකට වඩා අඩු කාලයක් භාවිත කරන ලද වාහන සඳහා ලබා දෙන ලීසිං පහසුකම් වෙනුවෙන් හෙට (25) සිට ක්‍රියාත්මක වන පරිදි උපරිම 'ණය සහ වටිනාකම අතර අනුපාතයන්' (LTV Ratios) පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබෙනවා.
