22 මැයි 2026
ඇපකරුවන් දෙදෙනා දුන් සාක්ෂි
ඉන් අනතුරුව සාක්ෂි සටහන් කර ගැනීම සිදුවූ අතර කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ රොහාන් චමිල් අමරදාස නමැත්තෙකු සාක්ෂි ලබා දුන්නේ ය."පසුගිය හය වෙනි දා මම මියගිය කපිල චන්ද්‍රසේන මහතාට අලුත්කඩේ උසාවියේදී ඇප තැබුවා. මම අරවින්ද මහත්තයව කාලයක් තිස්සේ අඳුනනවා. අරවින්ද මහත්තයා මැයි පස් වෙනි දා මට කතා කළා. චමිල් මට ලොකු උදව්වක් ඕන. ඇපයක් අත්සන් කරන්න තියෙනවා. ග්‍රාම නිලධාරී සහතිකයකුත් අරගෙන එන්න පුළුවන් ද කියලා කිව්වා. පසුව මම ග්‍රාම නිලධාරී සහතිකයකුත් අරගෙන අරවින්ද මහත්තයට කෝල් කලා. පසුව කිව්වා පහුව දා උදේට එයාගේ ගෙදරට එන්න කියලා. පසු දා මම ඔහුගේ ගෙදරට ගියා. පසුව ඔහුගේ වාහනයෙන් අලුත්කඩේ උසාවියට ගොස් ඇප තැබුවා."
අරවින්ද ද සිල්වාගේ නිවසේදී මියගිය කපිල චන්ද්‍රසේන හමුවූ ආකාරය ගැන ද ඔහු විස්තර කළේ ය.
"පසුගිය හත් වෙනි දා අරවින්ද මහතා මට කතා කළා. කතා කරලා කිව්වා ලෝයර් හම්බවෙන්න යන්න ඕන එන්න කියලා. පස්සේ හවස මම අරවින්ද මහතාගේ ගෙදරට ගියා. පසුව අපි ලෝයර්ව හම්බෙන්න ගියා. රාත්‍රී ආපසු අරවින්ද මහතාගේ නිවසට අපි ආවා. ඔවුන් කෑම කාල යන්න කිව්වා. ඒ අවස්ථාවේදී කපිල චන්ද්‍රසේන මහතා උඩ තට්ටුවේ සිට බිමට බහිනවා මම දැක්කා. ඇවිල්ලා කෑම මේසෙ වාඩි වුණා. අරවින්ද මහතා අපිව පෙන්නලා කිව්වා මේ අය තමයි ඔයාට ඇප තිබ්බේ කියලා. ඒ අවස්ථාවේදී "තැන්ක්ස් චමිල්" කියල කපිල චන්ද්‍රසේන මහතා ස්තූති කළ" බවත් සාක්ෂිකරු පැවසීය.
ඉන් අනතුරුව අරවින්ද ද සිල්වාගේ කාර්යාලයේ සේවය කරන පෙරුමාල් ගනේෂ් නමැත්තෙක් ද සාක්ෂි ලබා දුන්නේ ය.
ඔහු සඳහන් කළේ, අරවින්ද ද සිල්වාගේ දැනුම් දීමකට අනුව තමන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් කපිල චන්ද්‍රසේනට රුපියල් ලක්ෂ පහක මුදල් ඇපයත් තැන්පත් කළ බව ය.
"ඇප තැබීමෙන් පස්සේ මම කපිල චන්ද්‍රසේන මහතාව අරවින්ද මහතාගේ නිවසට එක්ක ගියා. ඉන්පසුව මම කාර්යාලයට ගියා. පසුව 07 වන දා දවල් අරවින්ද මහතා මට කිව්වා කපිල චන්ද්‍රසේන මහතා පදිංචිව සිටි බාන්ස් පෙදෙසේ නිවසට ගිහිල්ලා ඇප තැබූ රුපියල් ලක්ෂ 05ක මුදල ඔහු ආපසු දෙයි. ඒක අරන් එන්න කියලා. පස්සේ දවල් 2.15 පමණ මම කපිල චන්ද්‍රසේන මහතාගේ නිවසට ගියා. ඒ ගෙදර හිටපු වැඩ කරන කට්ටියට මම කිව්වා කපිල මහත්තයව හම්බෙන්න ඕන කියලා. පස්සේ මම උඩ තට්ටුවට ගිහින් හමුවුණා. පසුව කපිල චන්ද්‍රසේන මහතා කිව්වා රුපියල් ලක්ෂ පහක මුදල ළඟ තිබෙන බැංකුවකින් අරන් දෙන්නම් කියලා. ඒ වෙලාවෙම කෝල් එකක් ආවා. ඊට පස්සේ කපිල මහත්තයා කිව්වා මාව ආයෙත් ඇරස්ට් කරන්න යනවා කියලා. පස්සේ මම කිව්වා සර් මට පරක්කු වෙනවා. මට තව වැඩ තියෙනවා මම යන්නම් කියලා. ඔෆිස් එකට ඇවිල්ලා ඒක දෙන්න කියලත් මම කියලා එම ස්ථානයෙන් පිටව ගියා," යනුවෙන් ඔහු පැවසීය.
- https://www.bbc.com/sinhala/articles/c74d7z2d8n9o
එතකොට මේක පචයක් නේ
->කපිල චන්ද්‍රසේන ඇප දුන්, ඇපකරුවන් යළි රිමාන්ඩ්...
by Staff writer13-05-2026 | 11:27 PMMBO (News 1st) - සැකකටයුතු ලෙස මියගිය ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන වෙනුවෙන් ඇප තැබීමට මුදල් ලබාගෙන ඉදිරිපත් වූ පුද්ගලයින් දෙදෙනා සහ ඔවුන් සැපයූ තැරැව්කරු මැයි 20 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා අද (13) නියෝග කළේ ය.
මෙසේ යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ කෙසෙල්වත්ත පොලීසිය අත්අඩංගුවට ගත් අලුත්කඩේ උසාවි සංකීර්ණයට නුදුරු සාංචි ආරච්චිවත්තේ පදිංචි මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් ඉර්ෂාන් සහ ආරිය තිස්ස ද සිල්වා යන සැකකරුවන්.
විමර්ශන ප්‍රගතිය පිළිබඳ අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ කෙසෙල්වත්ත පොලීසිය කියා සිටියේ පළමු සහ දෙවන සැකකරුවන් ඇප ලබා දීමට ඉදිරිපත් වෙමින් අධිකරණයට ඉදිරිපත් කළ ග්‍රාමසේවා සහතික නිකුත් කළ ග්‍රාම සේවකවරයාගෙන් ප්‍රකාශ ලබා ගත් බවයි.
එම ප්‍රකාශ අනුව පළමු සැකකරු මෙම වසරේ ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා ග්‍රාමසේවා සහතික 10ක්ද දෙවන සැකකරු ග්‍රාමසේවා සහතික 7ක්ද ලබාගෙන ඇතැයි අනාවරණයවී තිබේ.
පොලීසිය කියා සිටියේ සැකකරුවන් දෙදෙනා මේ සියලු ග්‍රාමසේවා සහතික පදිංචිය සහතික කිරීම සදහා අධිකරණයට ඉදිරිපත් කිරීමට ලබාගෙන ඇති බවයි.
ඒ අනුව පළමු හා දෙවන සැකකරු කාලයක් තිස්සේ මෙම ඇප තැබීමේ ක්‍රියාවලිය සිදුකර ඇති බවට විමර්ශන තුළින් අණාවරණය වන බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ ය.
පොලීසිය අනාවරණය කළේ සැකකරුවන් කපිල චන්ද්‍රසේනගේ ඥාතීන් නොවන බවයි.
ඔවුන් කපිල චන්ද්‍රසේන නොහඳුනන බවද විමර්ශන නිලධාරීන් පැවසුවේ ය.
සැකකරුවන් ඇප ලබා දීමට මැදිහත් වූ සැකකරු මේ වනවිට මියගොස් තිබෙන අතර එම මරණය සම්බන්ධව තවමත් අවසන් තීන්දුවක් ලබා දී නැති බව කියා සිටි විමර්ශන නිලධාරීන් පැවසුවේ සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන තවදුරටත් සිදු කරන බවයි.
- https://www.newsfirst.lk/sinhala/2026/05/13/කපිල-චන්ද්‍රසේන-ඇප-ද
කීර්ති රත්නායකගේ හෙළිදරව්ව ->