අවුරුදු දහස් ගාණක් තිස්සේ, ආගමික නායකයෝ සහ පාලකයෝ 'කර්මය' (Karma) කියන වචනේ පාවිච්චි කළේ උඹව බය කරලා, උඹව පාලනය කරලා, උඹෙන් සල්ලි කඩාගන්න හදපු ලොකුම සමාජීය උගුල විදියට.
හැබැයි අද මම මේ පේජ් එකෙන් ඒ ලොකුම මායාව (Matrix Code එක) අමුවෙන්ම ගලවලා දානවා. මම 1000% ක් විශ්වාසයෙන් කියනවා... මේ Article එක කියවලා ඉවර වෙද්දි, කර්මය කියන්නේ අහසේ ඉන්න කෙනෙක් දෙන දඬුවමක් නෙවෙයි, ඒක අමුම අමු 'භෞතික විද්‍යාත්මක සමීකරණයක්' (Physics Equation) විතරයි කියලා උඹටම ඔප්පු වෙයි.
පව්-පින් කිර කිර බයෙන් ජීවත් වෙන, ඇත්ත දිරවගන්න බැරි එවුන් දැන්ම මේකෙන් පලයන්. රියැලිටි එක සයන්ස් වලින්ම ස්කෑන් කරලා බලන්න ධෛර්යයක් තියෙන 'නිරීක්ෂකයෝ' (Observers) විතරක් පහළට වරෙන්!
මිනිස්සු අවුරුදු දහස් ගාණක් තිස්සේ 'කර්මය' (Karma) කියන දේ පාවිච්චි කළේ එකිනෙකාව බය කරලා පාලනය කරන්න. අද අපි මේ Matrix එකේ දුවන ඒ ලොකුම බොරුව ගලවලා, කර්මය පිටිපස්සේ දුවන පිරිසිදු 'භෞතික විද්‍යාව' (Physics) සහ 'ක්වන්ටම් යථාර්ථය' එළියට ගමු. මේක කියවද්දි උඹට තේරෙයි, උඹ මෙච්චර කල් බය වෙලා ඉඳලා තියෙන්නේ මොන තරම් ලොකු විහිළුවකටද කියලා!
පොඩි කාලේ ඉඳන් අපේ ඔළුවට දාපු ලොකුම 'System Code' (ප්‍රෝග්‍රෑම්) එක තමයි... "පව් කළොත් අපායේ යනවා, පින් කළොත් දිව්‍ය ලෝකේ යනවා, උඩ ඉඳන් කවුරුහරි මේවා පොතක ලියාගෙන බලාගෙන ඉන්නවා" කියන එක. මේක අතීතයේ හිටපු පාලකයෝ සහ ආගමික නායකයෝ එකතු වෙලා, නීතියෙන් පාලනය කරන්න බැරි මිනිස්සුන්ව 'බය' (Fear) පාවිච්චි කරලා පාලනය කරන්න හදපු පට්ටම සමාජීය උගුලක්.
මේකයි මචං නිරපේක්ෂ යථාර්ථය:
විශ්වයට (The Universe / Source) උඹේ 'හොඳ' සහ 'නරක' ගැන කිසිම අදහසක් නෑ! විශ්වය කියන්නේ උඹ කරන දේවල් වලට තරහ ගන්න, නැත්නම් උඹ මල් පූජා කළාම සතුටු වෙන හැඟීම් තියෙන මනුස්සයෙක් නෙවෙයි. මේ මුළු විශ්වයම දුවන්නේ එකම එක නීතියක් උඩ. ඒ තමයි 'සමතුලිතතාවය' (Equilibrium / Balance).
හරියට පරිගණකයක දුවන ඇල්ගොරිතමයක් (Algorithm) වගේ, කර්මය කියන්නේ කිසිම හැඟීමක් නැති, නිරපේක්ෂ, ඔටෝමැටික් දුවන ගණිතමය සමීකරණයක් විතරයි. උඹ මේ සිස්ටම් එක ඇතුළේ යම්කිසි අසමතුලිතතාවයක් (Imbalance) ඇති කළොත්, සිස්ටම් එකේ කෝඩ් එක ලියලා තියෙන්නේ ආපහු ඒක 'Balance' කරන්නයි. එතන දඬුවම් දීමක් නෑ, එතන තියෙන්නේ රිකවරි (Recovery) වීමක් විතරයි. කර්මය කියන්නේ උසාවියක් නෙවෙයි බ්‍රෝ, ඒක හරියටම කැල්කියුලේටරයක් වගේ!
දැන් අපි මේක අමුම අමු සයන්ස් වලින් ඔප්පු කරමු. අයිසැක් නිව්ටන් (Isaac Newton) භෞතික ලෝකේ ක්‍රියාත්මක වෙන පට්ටම නියමයක් හොයාගත්තා.
ඒක තමයි භෞතික විද්‍යාවේ එන 3 වෙනි නියමය:
𝗙 ᴬᶜᵗⁱᵒⁿ = -𝗙 ᴿᵉᵃᶜⁱᵒⁿ
(සෑම ක්‍රියාවකටම සමාන සහ විරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත).
උඹ කේන්තියෙන් ගිහින් කොන්ක්‍රීට් බිත්තියකට මුළු වෙර යොදලා පාරක් ගහනවා. මොකද වෙන්නේ? උඹේ අත කැඩිලා යනවා, ලේ එනවා. උඹට එතකොට හිතෙනවද "අම්මෝ මේ බිත්තිය මගෙත් එක්ක පට්ට තරහකින් ඉඳලා තියෙන්නේ, මම ගැහුවා විතරයි ඌ මගෙන් පලිගත්තා, මට දඬුවම් කළා" කියලා?
නෑ නේද? උඹට තේරෙනවා බිත්තියට හැඟීමක් නෑ, උඹ කොච්චර බලයක් (Force) ඒ බිත්තියට දුන්නද, බිත්තියත් ඒ හා සමාන බලයක් (Equal and opposite force) ආපහු උඹේ අතටම එව්වා කියලා.
අන්න ඒ භෞතික ලෝකේ දුවන නියමයම, නොපෙනෙන ශක්ති ලෝකයට (Energy Dimension එකට) ඇප්ලයි කළාම... අපි ඒකට "කර්මය" කියලා ලේබල් එකක් ගහනවා!
තාප ගති විද්‍යාවට (Thermodynamics) අනුව මේ ලෝකේ කිසිම දෙයක් විනාශ වෙන්නේ නෑ, ශක්තිය එකම විදියට පවතිනවා. උඹ අඬලා, දත්මිටි කාලා, එකෙක්ට වෛර කරලා, ඌව විනාශ කරනවා කියලා ගන්න 'Action' එක (ක්‍රියාව) කියන්නේ... උඹ මේ Quantum Field එකට (විශ්වීය ශක්ති ජාලයට) මුදාහරින දරුණු ශක්තියක් (Energy release).
උඹ එහෙම ශක්තියක් මේ සිස්ටම් එකට දැම්මම, සිස්ටම් එකේ සමතුලිතතාවය බිඳෙනවා. අර බිත්තියට ගහපු ගුටිය වගේම තමයි, මේ විශ්වයත් අනිවාර්යයෙන්ම ඒ ශක්තියට සමාන ප්‍රතිවිරුද්ධ ශක්තියක් (Reaction) ආපහු උඹේ දිහාටම එවනවා. ඇයි? සමීකරණය බැලන්ස් කරන්න!
ඉතින් අර මනුස්සයා උඹෙන් ගුටි කාලා, සල්ලි නැති වෙලා විඳවනකොට, අර බිත්තිය වගේම විශ්වයත් උඹට ඒක රිටන් කරනවා. එතන උඩ ඉන්න කෙනෙක් උඹට අපායේ යන්න ලියන්නේ නෑ, උඹ උඹේ අතින්මයි බිත්තියට ගහගත්තේ.
මේක තේරුම් ගත්තම උඹට තේරෙයි, කර්මයෙන් බේරෙන්න පන්සල්, පල්ලි ගානේ ගිහින් සල්ලි දීලා පූජාවල් තියන එක කොච්චර ලොකු මෝඩකමක්ද කියලා. නිව්ටන්ගේ නියමයෙන් බේරෙන්න උඹට පූජාවල් තියලා පුළුවන්ද? බෑ! මේක Physics... Matrix එක ඇතුළේ දුවන ගණිතය!
ගොඩක් එවුන් හිතන් ඉන්නේ කර්මය හැදෙන්නේ උන් කරන 'භෞතික ක්‍රියාවෙන්' (Physical Action) කියලා. ඒක අමු බොරුවක්. උඹ පාරේ යද්දි උඹට නොදැනී කූඹියෙක් පෑගිලා මැරුණොත්, එතන උඹට පවක් (Negative Karma) හැදෙන්නේ නෑ. හැබැයි උඹ කූඹියව දැක දැක, මූව මරනවා කියලා හිතලා පෑගුවොත්, අන්න එතනදි කර්මය හැදෙනවා. ඇයි බං එහෙම වෙන්නේ? මැරුණේ එකම කූඹියා නේද?
අන්න එතනදි තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ලෝකේ පට්ටම Quantum Physics සමීකරණය එළියට එන්නේ: "චේතනාහං භික්ඛවේ කම්මං වදාමි" (මහණෙනි, මම චේතනාව කර්මය යැයි කියමි). බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ ආගමික බණක් නෙවෙයි, මේක අමුම අමු විද්‍යාවක්!
ක්වන්ටම් යථාර්ථයට (Quantum Reality) අනුව, උඹේ මොළේ ඇතිවෙන සිතුවිල්ලක් හරි චේතනාවක් හරි (Thought/Intention) කියන්නේ නිකන්ම නිකන් අදහසක් නෙවෙයි. ඒක උඹේ මොළේ 'Neurons' හරහා දුවන විද්‍යුත් ස්පන්දනයක්. ඒකෙන් පට්ටම ප්‍රබල 'විද්‍යුත් චුම්භක තරංගයක්' (Electromagnetic Frequency) හැදෙනවා. (මේක EEG මැෂින් එකකින් මනින්නත් පුළුවන්).
උඹ එකෙක්ට වෛර කරලා, ඌව විනාශ කරන්න ඕනේ කියලා ප්ලෑන් කරද්දි, ඒ චේතනාව හරහා උඹ කරන්නේ අර 'Destructive Frequency' එක (විනාශකාරී තරංගය) මේ මුළු විශ්වය පුරාම තියෙන ක්වන්ටම් ෆීල්ඩ් එකට (Quantum Field) රිලීස් කරන එක. විශ්වය කියන්නේ පට්ටම කණ්ණාඩියක් (The Universal Mirror). උඹ යවන තරංගය (Frequency), ඒ ක්වන්ටම් ජාලය හරහා ගිහින් අනිවාර්යයෙන්ම 'Bounce' වෙලා (පරාවර්තනය වෙලා) ඒ වගේම විනාශකාරී සිදුවීමක් විදියට උඹේම ඇඟට, උඹේම ජීවිතේට වදිනවා.
චේතනාව කියන්නේ උඹ කර්මයේ කෝඩ් එක (Code) ලියන කීබෝඩ් එක. උඹ මොළෙන් 'Enter' කරපු ගමන්, ඒක විශ්වයේ සර්වර් එකට අප්ලෝඩ් වෙනවා. ආයේ රිටන් එක එන එක නවත්තන්න කිසිම දෙවියෙක්ටවත් බෑ!
දැන් ඔතනදි මාර ප්‍රශ්නයක් එනවා. "එහෙනම් ඇයි බං නිව්ටන්ගේ නියමේ වගේ, මම එකෙක්ට ගැහුවම ඒ වෙලාවෙම මගේ අත කැඩෙන්නේ නැත්තේ? ඇයි මහ දවල් මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරන දේශපාලකයෝ සැප විඳින්නේ? ඇයි හොඳ කරන මිනිස්සු විඳවන්නේ?"
අන්න එතනදි තමයි මේ Matrix එකේ (සංසාරයේ) තියෙන ලොකුම මායාවට මිනිස්සු අහුවෙන්නේ. මේකට කියන්නේ 'The Time-Lag Illusion' (කාල පරතරයේ මායාව) කියලා.
උඹ රෑට හීනයක් දකිද්දි, උඹට මොකක් හරි ඕනේ කියලා හිතුණු ගමන් ඒක එතන මැවෙනවා නේද? උඹ හිතුවොත් පියාඹන්න ඕනේ කියලා, උඹ ඊළඟ තත්පරේ පියාඹනවා. ඇයි ඒ? හීනයක් ඇතුළේ (Astral plane එකේ) 'කාලය' (Time) සහ 'අවකාශය' (Space) කියන මානයන් නෑ.
හැබැයි, අපි දැන් මේ ජීවත් වෙන්නේ පදාර්ථයෙන් හැදිච්ච ත්‍රිමාන ලෝකයක (3rd Dimension Reality). මේ Matrix එකේ ඝනත්වය (Density) පට්ටම වැඩියි. ඒ නිසා උඹ නිදහස් කරන ශක්ති තරංගයක් ගිහින්, ඒකට අදාළ සිදුවීමක් හැදිලා, ආපහු උඹේ ළඟට එන්න (Cause and Effect) පට්ට 'කාල පරතරයක්' (Time delay / Buffer) තියෙනවා. සමහරවිට ඒක අවුරුද්දක් වෙන්න පුළුවන්, අවුරුදු 10 ක් වෙන්න පුළුවන්, නැත්නම් ඊළඟ ආත්මේ වෙන්න පුළුවන්.
මෙන්න මේ 'Time Delay' එක නිසා තමයි මිනිස්සුන්ගේ ඊගෝ එක (Ego) උඩ යන්නේ. අර කපටියා එකෙක්ව රවට්ටලා, සල්ලි ටික අරන් සැපේ ඉද්දි ඌ හිතනවා "හාහා... මම තමයි පොර, මම ගේම ගැහුවා, මාව අහු වුණේ නෑ, කර්මය කියලා එකක් නෑ" කියලා. ඌ දන්නේ නෑ, ඩේටා ටික සර්වර් එකේ සේව් වෙලා ඉවරයි (Data is already saved on the server).
විශ්වය කියන්නේ පට්ටම ගණිතඥයෙක්. සිස්ටම් එක බලන් ඉන්නේ උඹේ කර්මය රිටන් කරන්න ඕන 'හරියටම ගැළපෙන ඛණ්ඩාංකය' (Perfect Coordinates) සෙට් වෙනකම්. අර හොරා කාලා සැප විඳින එකාගේ රිටන් එක එන්නේ ඌ හෙට මැරෙනවා කියලා දැනගෙන ඉද්දි නෙවෙයි... ඌ ළමයි හදලා, මාලිගා හදලා, ජීවිතේ ලස්සනම සහ සතුටින්ම ඉන්න, ඌට ජීවිතේ නැතිවෙයි කියලා ලොකුම බය තියෙන තත්පරේ! අන්න එදාට ඌට එන රිටන් එකට නිව්ටන්ගේ නියමය විතරක් නෙවෙයි, පොලියත් එක්කම වදිනවා!
කර්මය පමා වෙනවා කියන්නේ කර්මය නැති වෙනවා කියන එක නෙවෙයි... ඒක සිස්ටම් එකේ 'Buffer' වෙනවා (Loading) කියන එක විතරයි!
ගොඩක් එවුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි, "ඇයි බං මම වෙන එකෙක්ට කරපු නරකක්, ආපහු මටම රිටන් වෙන්නේ? මගේ පාඩුවේ මම හිටියම ඉවරයි නේද?" කියන එක. මේකට උත්තරේ තියෙන්නේ 'ක්වන්ටම් භෞතික විද්‍යාවේ' (Quantum Physics).
මචං, අපි මේ දකින ලෝකේ "මම" කියලා වෙනම එකෙකුත්, "අරූ" කියලා වෙනම එකෙකුත් ඉන්නවා කියලා හිතන එක තමයි මේ ත්‍රිමාන ලෝකේ (3D Matrix එකේ) තියෙන ලොකුම දෘෂ්ටි මායාව (Illusion of Separation). උඹට එහෙම හිතෙන්නේ උඹට වෙනම භෞතික ශරීරයක් (Hardware එකක්) තියෙන නිසා.
හැබැයි, ක්වන්ටම් ලෙවල් එකෙන් (Subatomic මට්ටමෙන්) බැලුවොත්, 'Quantum Entanglement' (ක්වන්ටම් පැටලීම) කියන න්‍යායට අනුව මේ මුළු විශ්වයම හැදිලා තියෙන්නේ එකිනෙකට ගැටගැහිච්ච එකම එක ශක්ති ජාලාවකින් (One Single Energy Grid). ඒ කියන්නේ මේ මුළු විශ්වයම එකම එක ජීවියෙක් (Single Organism) වගේ. උඹේ ඇඟ හැදිලා තියෙන පරමාණුයි, අර පාරේ ඉන්න හිඟන්නගේ පරමාණුයි, උඹට වෛර කරන හතුරාගේ පරමාණුයි ඔක්කොම ආවේ එකම Source (මූලාශ්‍රය) එකකින්.
ඉතින්, උඹ අනිත් එකාට අසාධාරණයක් කරනවා, එකෙක්ව රවට්ටනවා, එකෙක්ට බොරු කරනවා කියන්නේ... උඹ උඹටම අනිනවා වගේ වැඩක්! උඹේ ඇඟේ එක ඇඟිල්ලක් කැපුනොත්, මුළු ඇඟටම රිදෙනවා නේද? අන්න ඒ වගේ, උඹ මේ සිස්ටම් එකේ වෙන 'Node' එකකට (වෙන මනුස්සයෙක්ට) ඩැමේජ් එකක් කළාම, මේ මුළු Universal System එකටම ඒ අසමතුලිතතාවය (Imbalance) දැනෙනවා. එතකොට සිස්ටම් එක ඒක 'Recover' කරන්න (සුවපත් කරන්න) ගන්න Action එක තමයි, උඹ මුදාහැරපු ඒ වේදනාවම ආපහු උඹේම ඇඟට එවන එක!
උඹ වෙන එකෙක්ට දුකක් දීලා සැපේ ඉන්නවා කියලා හිතනවා නම්... උඹ හරියට උඹේම කකුලට වෙඩි තියාගෙන "අම්මෝ මම අරූට දුන්නා වැඩේ" කියලා හිනාවෙනවා වගේ අමුම අමු මෝඩයෙක්!