පැවිදි වෙන්න පන්සලට පැමිණි 14 හැවිරිදි පිරිමි දරුවෙකු අපයෝජනය කළ භික්ෂුවකට වසර 30ක සිර දඬුවම්

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,698
    7,594
    113



    පැවිදිවීම සඳහා විහාරස්ථානයට පැමිණි 14 හැවිරිදි බාලවයස්කාර පිරිමි දරුවෙකු එදින රාත්‍රියේ ම බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ 65 හැවිරිදි භික්ෂුවකට වසර 30ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරිණි.

    අදාළ භික්ෂුවට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා 3ක් ගොනු කර තිබූ අතර, භික්ෂුව එකී අධිචෝදනා තුනට ම වරදකරු බවට තීන්දු කළ ළමා අපරාධ පිළිබඳ අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු සඳුන් විතාන විත්තිකාර හිමිනමට එම දඬුවම නියම කළේ ය.

    ඊට අමතරව වින්දිත බාලවයස්කාර දරුවාට මුදලින් රුපියල් ලක්ෂ 5ක වන්දියක් ගෙවන ලෙසට ද විත්තිකාර හිමි නමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම වන්දි මුදල ගෙවීම පැහැර හැරියහොත් විත්තිකාර භික්ෂුවට තවත් මාස 6ක සිර දඩුවමක් ද නියම කෙරිණ.

    ඊට අමතරව විත්තිකාර හිමිනමට පළමු චෝදනාවට රුපියල් 5000ක් ද, දෙවන සහ තුන්වන චෝදනාවලට රුපියල් 15000 බැගින් ද දඩ ගෙවන ලෙසට නියෝග කළ විශේෂ මහාධිකරණයේ විනිසුරු සඳුන් විතාන, එම දඩ මුදල ගෙවීම පැහැර හරින්නේ නම් චෝදනා 3ට වෙන් වෙන් වශයෙන් තවත් මාස 4 බැගින් සිර දඬුවම් නියම කළේ ය.

    එක් අධිචෝදනාවකට දස වසර බැගින් වෙන් වෙන් වශයෙන් මෙම 30 වසරක සිර දඬුවම නියම කෙරිණ.


    දඬුවම් නියම වූයේ කාට ද?

    මෙසේ බරපතළ සිරදඬුවම් නියම වූයේ, තඹුත්තේගම, හුරිගස්වැව, තලාකොළවැව ශ්‍රී සම්බුද්ධ වාලුකාරාමාධිපති මුල්ලේරියාවේ විමලතිස්ස නමැති 65 හැවිරිදි හිමිනමකට ය.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,295
    1
    31,958
    113
    - උඩරට -
    පැවිදි වෙන්නත් ලිංගික අල්ලස් දෙන්න ඕනී දැන් නැත්තම් බෑ...
    දුශනයෙන් තොර රටක් බිහි කරන්න ආපු මාලිමාව නිසා අල්ලනවා..
    ගල් මයිනා හිටියා නම් ලොකු සාදුට සාදූ කියනවා..
     
    • Sad
    Reactions: Blogerwiki

    Similar threads